5. 10.
කප්පසුත්තං
1098. “සසරෙහි වැද සිටින්නා හට භයානක වර්ෂාවක්වූ කල්හි ජරාවෙන්, මරණයෙන් පීඩිත වූවහුට පිහිටක් වදාරන්න නුඹවහන්සේ මට යම් පිහිටක් වදාළසේක්ද ඒ එසේමය. අනෙක් පරිද්දකින් නොවේයයි” ආයුෂ්මත් කප්පතෙමේ කීයේය.
1099. “කප්පය, සසර නමැති විල මැද සිටින්නාහට මහත් බිය උපදවන ජලගැල්මක් ඇති කල්හි ජරාවෙන් හා මරණයෙන් යුක්තවූ තොපට කප්පය පිහිටක් කියමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
1100. “රාගාදී කිසිවක් නැති, ගැනීම් නැති ශ්‍රේෂ්ඨවූ මේ පිහිට ජරාව හා මරණය ක්ෂය කරණ නිර්වාණයයි කියමි.
1101. “සිහි ඇති යම් සත්වකෙනෙක් මෙය දැන මේ ආත්මයෙහිම නිවුනාහු මාරයාගේ වසඟයට නොගියාහුය. ඔව්හු මාරයාගේ ශිෂ්‍යයෝ නොවෙති.”
කප්පසුත්තං දසමං.
5. 11.
ජතුකණ්ණිසුත්තං
1102. මම බුදුරජාණන් වහන්සේ කාමයන්ට නොකැමැත්තේයයි දැන නොකැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට ආවෙමි. සියල්ල දක්නා ඇස් ඇත්තානෙනි, ශාන්ති පදය වදාරණු මැනව. ඇත්තාවූ පරිදි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ මැනවයි ආයුෂ්මත් ජතුකණ්ණතෙමේ විචාළේය.
1103. “භාග්‍යවතුන් වහන්සේ වනාහි තේජස් ඇති සූර්යයා තේජසින් පෘථිවිය මෙන් යටකොට සිටී. මහත් ප්‍රඥා ඇත්ත ස්වල්ප නුවණ ඇති මට යම්බඳුවූ මම ඉපදීම හා ජරාව නැති කරණ ධර්මය මෙහිම දැනගන්නෙම්ද, එසේ වදාළමැනව.”
1104. ජතුකණ්ණය නිවන් නිවන් යන ප්‍රතිපදාවත් නිර්භයයයි දැන තණ්හා වශයෙන් ගත් දෙයද, නොගත යුතු දේද, තොපට නොවේවා. රාගාදී කිසිවක් ද නො වේවා. කාමයන්හි ආශාව දුරුකරව.
1105. පෙර අතීත සංස්කාර කෙරෙහිවූ කෙලෙස් වලින් පිරිසිදුවෙව. තොපට ඉදිරිකාලයෙහි රාගාදී කිසිවක් නොවේවා. වර්තමානයෙහිද නොගන්නෙහිය ශාන්තව හැසිරේවා.”
1106. “බමුණ, යමකින් මාරයාගේ වසඟයට යත්ද, සර්වප්‍රකාරයෙන් නාමරූප දෙක්හි පහවූ ආශා ඇති ඔහුට ආශ්‍රවයෝ නොවෙත් යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
ජතුකණ්ණීසුත්තං එකාදසමං.
5. 12.
භද්රාවුධසුත්තං
1107. “තෘෂ්ණා ආලය අත්හරින තෘෂ්ණාව අත්හරින, කම්පා නොවන, ඕඝ තරණය කළ, කෙළෙසුන්ගෙන් මිදුන තෘෂ්ණාදෘෂ්ටි සිතිවිලි අත්හරින ඤාණවන්තයා කවරෙක්දැයි විචාරමි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා බොහෝ දෙනා මෙයින් යත්.