5. 11.
ජතුකණ්ණිසුත්තං
1102. මම බුදුරජාණන් වහන්සේ කාමයන්ට නොකැමැත්තේයයි දැන නොකැමැත්තෙන් භාග්යවතුන් වහන්සේ විචාරන්ට ආවෙමි. සියල්ල දක්නා ඇස් ඇත්තානෙනි, ශාන්ති පදය වදාරණු මැනව. ඇත්තාවූ පරිදි මෙය භාග්යවතුන් වහන්සේ වදාළ මැනවයි ආයුෂ්මත් ජතුකණ්ණතෙමේ විචාළේය.
1103. “භාග්යවතුන් වහන්සේ වනාහි තේජස් ඇති සූර්යයා තේජසින් පෘථිවිය මෙන් යටකොට සිටී. මහත් ප්රඥා ඇත්ත ස්වල්ප නුවණ ඇති මට යම්බඳුවූ මම ඉපදීම හා ජරාව නැති කරණ ධර්මය මෙහිම දැනගන්නෙම්ද, එසේ වදාළමැනව.”
1104. ජතුකණ්ණය නිවන් නිවන් යන ප්රතිපදාවත් නිර්භයයයි දැන තණ්හා වශයෙන් ගත් දෙයද, නොගත යුතු දේද, තොපට නොවේවා. රාගාදී කිසිවක් ද නො වේවා. කාමයන්හි ආශාව දුරුකරව.
1105. පෙර අතීත සංස්කාර කෙරෙහිවූ කෙලෙස් වලින් පිරිසිදුවෙව. තොපට ඉදිරිකාලයෙහි රාගාදී කිසිවක් නොවේවා. වර්තමානයෙහිද නොගන්නෙහිය ශාන්තව හැසිරේවා.”
1106. “බමුණ, යමකින් මාරයාගේ වසඟයට යත්ද, සර්වප්රකාරයෙන් නාමරූප දෙක්හි පහවූ ආශා ඇති ඔහුට ආශ්රවයෝ නොවෙත් යයි” භාග්යවතුන් වහන්සේ වදාළහ.
ජතුකණ්ණීසුත්තං එකාදසමං.
5. 12.
භද්රාවුධසුත්තං
1107. “තෘෂ්ණා ආලය අත්හරින තෘෂ්ණාව අත්හරින, කම්පා නොවන, ඕඝ තරණය කළ, කෙළෙසුන්ගෙන් මිදුන තෘෂ්ණාදෘෂ්ටි සිතිවිලි අත්හරින ඤාණවන්තයා කවරෙක්දැයි විචාරමි. භාග්යවතුන් වහන්සේගෙන් අසා බොහෝ දෙනා මෙයින් යත්.
1108. “වීරයන් වහන්ස, ඔබවහන්සේගේ වචන කැමැත්තෙන් මනුෂ්යයෝ නොයෙක් ජනපදයන්ගෙන් රැස්වූවාහුය. නුඹවහන්සේ ඔවුන්ට මනාකොට ප්රකාශ කරනු මැනව, මේ ධර්මය ඔව්හු එසේ අවබෝධ කරණලදී” යනුවෙන් භද්රාවුධ තෙමේ ප්රශ්න කෙළේය.
1109. භාග්යවතුන් වහන්සේ “භද්රාවුධය තදින් අල්වා ගන්නාවූ සියලු තණ්හාව හික්මවව්. සත්වතෙම උඩද, යටද, සරසද, මැදද, ලෝකයෙහි යමක් යමක් ගනීද ඔහු සමග මාරයා ලුහුබඳී.
1110. “එහෙයින් දන්නාවූ මහණතෙම සිහි ඇත්තේ සියලු ලෝකයෙහි කිසිවක් නොගන්නේය. මේ ප්රජාව ගනු ලබන සත්වයෝයයි දක්නේ මාරයා පාසයෙහි බැඳගන්නේය.”
භද්රාවුධසුත්තං ද්වාදසමං.
5. 13.
උදයසුත්තං
1111. “ධ්යාන කරණ කෙලෙස් රජස් දුරුකරහුන්, කරණලද කටයුතු ඇති, ආශ්රව රහිත, සියලු ධර්මයන්හි පරතෙරට ගිය, බුදුන්ගෙන් ප්රශ්න කිරීමේ අදහසින් පැමිණියෙමු. අවිද්යා දුරුකරණ රහත්ව කෙළෙසුන්ගෙන් මිදීම කියනුමැනවියි” ආයුෂ්මත් උදය මානවකතෙමේ ප්රශ්න කළේය.
1112. “උදයය, කාමසංඥාවන්ද, දොම්නසද යන දෙක දුරු කරණ, කයේ මැළිකම දුරු කරණ, පසුතැවීම දුරුකරණ
1113. උපෙක්ෂා, ස්මෘති, දෙකින් පිරිසිදුවූ, අර්හත් විමොක්ෂය පෙරටුව යන අවිද්යාව නසන ධර්මය අඤ්ඤාවිමොක්ෂය (රහත්වීම) යයි කියනු ලැබේ.”
1114. “ලෝකයෙහි බැඳීම කවරේද, හැසිරීම කවරේද, කුමක් ප්රහීන කිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේද?”