4. 8.
පසූර සූත්‍රය
828. “මෙහිම පිරිසිදු බව ඇතැ”යි ඔවුහු කියති; අනෙක් ධර්මයන්හි (මතවාදවල) පිරිසිදු බවක් ඇතැයි නොකියති. තමන් ඇසුරු කළ (ශාස්තෘ ආදී) යමක් වේ ද, එහිම යහපත ඇතැයි කියමින්, බොහෝ (මහණ බමුණෝ) තම තමන්ගේ වෙන් වෙන් වූ සත්‍යයන්හි (මතවාදවල) බැසගෙන සිටිති.
829. “වාද කරණු කැමති ඔහු පිරිසකට වැද ඔවුනොවුන් බාලයන් කොට දකිත්. අන්‍ය (ශාස්තෘවරයන් ඇසුරු කළාවූ ඔවුහු ප්‍රශංසා කැමැත්තෝව පණ්ඩිත වාද ඇත්තම්හයි.” උඩඟු වචන කියත්.
830. “පිරිස් මැද (වාද) කථාවෙහි උත්සාහවත් වූයේ පැසසුම කැමති වෙමින් සැක කරන්නේ වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම බැහැර කළ කල්හි මකුවේ. නින්දාව නිසා කිපෙන්නේය.
831. “ඔහුගේ වාදය යම් හෙයකින් බැහැර කෙළේද ප්‍රශ්න විමසන්නෝ ලාමක යයි කියත්. පිරිහුන වාද ඇත්තේ මා ඉක්මවූයේයයි වැලපෙයි.” ශොක කරයි, කෙඳිරිගායි.
832. “මේ විවාදයෝ (පිටත) ශ්‍රමණයන් කෙරෙහි පහළවූවාහු වෙති. මේ විවාදයන්හි නින්දාවද ප්‍රශංසාවද ඇති වේ. මේ දෝෂය දැක කලහය නවත්වන්නේය. පැසසුම ලැබීමට වඩා වෙන වැඩක් නැත්තේය.
833. “එහි (ස්වකීය ලබ්ධියෙහි) ප්‍රශංසා කරණ ලද්දාවූ හෙතෙම පිරිස් මැදෙහි ඒ වාදය ප්‍රකාශ කොට එයින් සිනාසෙන්නේද උඩඟුමන් ඇත්තේද වේ, ඔහුගේ සිත යම්සේද වීද ඒ (ජය) කාරණයට පැමිණෙන්නේය.
834. “හෙතෙම මානය හා අතිමානය කියාපාන්නේය. මොහුගේ යම් උන්නතියක්වීද ඕතොමෝ විනාශ කාරණයවේ. මේ දෝෂය දැක කලහ නොකරන්නේයි, දක්ෂයෝ එයින් (ක්ලෙශ) ශුද්ධිය නොකියත්.
835. “යම්සේ රාජ භොජනයෙන් පොෂ්‍යය කරණ ලද ශූරතෙම ප්‍රති ශූරයා පතමින් කෑගසමින් එන්නේ ඒ ප්‍රතිශූරයා යම් තැනකවීද එතැනින්ම යනු. කලහ පිණිසවූ යම්බඳු කෙළෙස් එය පෙර (බෝමුලේදී) ම නැත.