4. 13.
මහාවියූහ සූත්‍රය
901. “තමන් තමන්ගේ ලබ්ධිය දැඩිව ගෙන වසන්නාවූ යම්කිසි මේ තීර්ථක කෙනෙක් මෙයම සත්‍යයයි හිස් විවාද කෙරෙත්ද, ඔහු හැමදෙනම නින්දාව තමන් වෙතට නැවත නැවත එවත්. නොහොත් එහිදී පැසසුමද ලබත්.
902. “මෙය (ප්‍රශංසා සංඛ්‍යාත වාදඵලය) ස්වල්පය. සංසිඳීම පිණිස සමර්ථ නොවන්නේය විවාදයාගේ විපාක දෙකක් කියමි. විවාදය නැති තැනවූ නිවන නිර්භය වශයෙන් දක්නේ මෙසේ දැක විවාද නොකරන්නේය. දැක කලහ නොකරන්නේය.
903. “පුහුදුන්ගෙන් පහළවූ යම්කිසි සම්මත කෙනෙක් ඇත්ද, මේ සියලු දෘෂ්ටීන්ට පණ්ඩිතතෙම නොපැමිණෙන්නේය. උපධි නම්වූ තෘෂ්ණා දෘෂ්ටි රහිතවූ හෙතෙම දෘෂ්ටිශුද්ධියෙහිද ශ්‍රැතශුද්ධියෙහිද, ප්‍රේමය නොකරන්නේ රූපාදී එකද ධර්මයකටවත් කිම පැමිණෙන්නේද,
904. “සීලයම උතුම්කොට ගන්නෝ (හික්මීම්) සංවරය මාත්‍රයෙන් ශුද්ධිය කියත්. වත් සමාදන්ව පැමිණ සිටියාවූ දක්ෂ වාද ඇත්තෝ මේ සත්වයාගේ ශුද්ධිය මෙහිම හික්මෙත් නම්හයි භවයට බැසගත්තාහු වෙත්.
905. “ඉදින් ශීලයෙන් හා ව්‍රතයෙන් වෙන්වූයෙක්වේද, හෙතෙම ඒ ශීල ව්‍රතාදී කර්මය වරදවාගෙන කම්පාවන්නේය. වැලපෙන්නේය. මෙහි ශුද්ධිය පතන්නේත් වෙයි. ගෙන් නික්ම නොරට යන හීනවූ ගැල් වෙළෙන්දෙකු මෙනි.
906. “ආර්යශ්‍රාවකතෙම සියලු ශීලව්‍රතය අත්හැර තවද වරදවූ වරද රහිතවූද කර්මයන් හැර මේ ශුද්ධියද අශුද්ධියද මෙසේ නොපතන්නේ දෘෂ්ටිය නොගෙන නොඇලී හැසිරෙන්නේය.
907. “පිළිකුල් කරණලද්ද හෝ නැතහොත් දක්නාලද්ද අසනලද්ද, සිතනලද්ද හෝ ඇසුරුකොටගෙන මත්තෙහි හැසිරෙන්නෝව නැවත නැවත උත්පත්තියෙහි නොපහකළ ආශා ඇත්තෝව ශුද්ධිය කියන්නට වීර්ය කරත්.
908. “පතන්නාහට වනාහි නැවත නැවත වෙති. තවද අදහස්කළ වස්තූන් නිමිතිකොට ගෙන අතිශයින් සැලෙන බවද වන්නේය. මේ ආත්මයෙහි යම් ක්ෂීණාශ්‍රවයෙක්හට චුතිය හා උත්පත්තිය නැද්ද හෙතෙම කිනම් රාගාදී ධර්මයකින් සැලෙන්නේද, කොතැන්හි හෝ පුරසාරම් දොඩාද?
909. “ඇතැම් මහණ බමුණු කෙනෙක් යම් ධර්මයක් උතුම්යයි කියද්ද, අන්හු ඒ ධර්මයම ලාමකයයි කියත්. මොවුන්ගේ සත්‍යවූ වාදය කවරෙක්ද, මේ සියල්ලෝම දක්ෂයෝය යන වාද ඇත්තෝය.
910. “තම තමන්ගේ ධර්මය සම්පූර්ණ යයි කියත්ද අනුන්ගේ ධර්මය හීනයයි අනෙක් අය කියත්ද මෙසේ විරුද්ධව සිට විවාද කරත්. තම තමන්ගේ සම්මතය සැබවයි කියත්