3. 11.
නාලක සූත්‍රය
684. “හටගත් ප්‍රීතිය ඇති සතුටුවූ සොම්නස්වූ කිලිටි නොහඳින දෙවියන් ශක්‍රයා පිරිවරා වස්ත්‍ර රැගෙන ඉතා ස්තුති කරමින් සිටිනු දවල් විවේක වාසයට ගිය අසිත ඍෂිතෙම දුටුවේය.
685. “සතුටු සිත් ඇති ඔද වැඩි දෙවියන් දැක ආදර කොට එහි දිව්‍ය සමූහයා ඉතා සතුටු සිත් ඇත්තෝව වස්ත්‍ර ගෙන කරකවන්නාහු කුමක් සඳහා දැ”යි ඇසීය.
686. “යම් කලෙක්හි අසුරයන් හා යුද්ධය වීද, දෙවියන්ට ජය අත්විය. අසුරයන්ට පරාජය අත්විය. එදාද මෙවැනි ලොමු ඩැහැගැනීමක් විය කවර නම් පුදුමයක් දැක දෙවියෝ සතුටු වූවාහුද?
687. “කටින් ප්‍රීති නාදයක් පිටවෙයි. ගායනා කරත්, වැයීම කෙරෙත්, අත් පොළසන් දෙත්, නටත්. මම තොප විචාරමි. මහමෙර මුදුනෙහි වසන තොප විචාරමි. නිදුකානෙනි මාගේ සැකය වහා නසව්.”
688. “අසමාන ශ්‍රේෂ්ඨ රත්නයක්වූ ඒ බොධි සත්වතෙම සැපය පිණිස උපන්නේය. ශාක්‍යයන්ගේ ජනපදයෙහිවූ ලුම්බිනි උයනෙහි මනුෂ්‍ය ලෝකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය.
689. “සියලු සත්වයන්ට උතුම්වූ ශ්‍රේෂ්ඨ පුද්ගලවූ නර ශ්‍රේෂ්ඨවූ සියලු ප්‍රජාවන්ට උතුම්වූ උන්වහන්සේ ඍෂි නම් වනයෙහි බලවත් මෘගයන් මැඩපවත්වන සිංහයකු නාද කරන්නාක් මෙන් ධර්ම චක්‍රය පවත්වන්නේය.
690. “ඒ ශබ්දය අසා වහා බැස්සාවූ හෙතෙම ඒ වේලාවෙහි ශුද්ධොදන රාජ භවනයට පැමිණියේය. එහි වැඩහිද රජතුමනි කුමාරයා කොහිද මමත් දක්නා කැමැත්තෙමි”යි කීයේය.
691. “ඉක්බිති ශාක්‍ය රජතෙම අසිත තවුසාට කෝවෙහි දක්ෂලෙස දමාගන්නා ලද දිලිසෙන රන් රුවක් බඳු උසස් වර්ණයෙන් බබලන කුමාරයා දැක්වීය.
692. දිලිසෙන්නාවූ මොණරෙකු මෙන්ද, අහසින් යන පිරිසිදු තාරකාවක් මෙන්ද, ශරත් කාලයෙහි වළාකුල් වලින් මිදුනු තැවෙන සූර්යයා මෙන්ද, සතුටු සිත් ඇත්තාහු මහත් ප්‍රීතියක් ලැබූහ.
693. “නොයෙක් නන ඇති කැබලි දහසක් ඇති කුඩයක් දෙවියෝ අහසෙහි දැරූහ. රන්දඬු ඇති සෙමෙර සලත්, සෙමෙර කොඩි ගත්තවුන් නොපෙණෙත්.
694. කණ්හසිරි නම් ජටිලතෙම (අසිත) රන්වන් කම්බිලියෙක්හි වූ රන් කැබැල්ලක් මෙන්වූ කුමාරයා දැක මුදුනෙහි සේසත් දරමින් සතුටු සිතින් මුදුනින් පිළිගත්තේය.