2. 6.
කපිල සූත්රය
276. “ධර්මයෙහි හැසිරීමද බ්රහ්මචර්යාවද යන මෙය රත්නයන්ට ශ්රේෂ්ඨ යයි කීහු ඉදින් ගිහිගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදිවූයේද,
277. “හෙතෙම ඉදින් ඵරුෂවචන කියන්නේ වෙහෙස දීමෙහි ඇලුණේ, විලිබිය නැත්තේවේද, ඔහුගේ ජීවිතය ලාමකය. තමහට කෙලෙස් වඩයි.
278. “මුළා ස්වභාවයෙන් වැසුණු කලහයෙහි ඇලුණු, මහණ තෙම බුදුන් විසින් වදාළ ධර්මය කියන ලද්දේද, නොදනී.
279. “අවිද්යාවෙන් මුල්වූ ඔහු කෙලෙස් නැතිකළ පුද්ගලයන් වෙහෙසන්නේ අපායට යන මාර්ගයවූ කෙලෙසීම නොදනියි.
280. “(සතර) අපායට පැමුණුනේ මව් ගැබින් මව් ගැබට අඳුරින් අඳුරට, යන්නෝව මෙබඳු ඒ භික්ෂුව ඒකාන්තයෙන් පරලොවදී දුකට වැටේ.
281. “වර්ෂ ගණන් පරණවූ පිරුණාවූ අශුචිවලක් යම්සේද යම්කෙනෙක් පවින් පිරුණේවේද මෙබඳු කෙළෙස් සහිතව පුද්ගලතෙම පිරිසිදු කිරීම අපහසුය.
282. “මහණෙනි, (පඤ්ච) කාමගුණ ඇසුරුකළ ලාමක අදහස් ඇති, වැරදි කල්පනා ඇති වැරදි හැසිරීම් හා ගොදුරු ඇති මෙබඳු යමකු දනිද්ද,
283. “සියල්ලෝ සමගිවී ඔහු දුරුකරව්, කසල පුද්ගලයා ඇද දමව්. කසට පිට කරව්.
284. “එබැවින් ශ්රමණ නොවූ ශ්රමණ, ශ්රමණයයි යන හැඟීම් ඇත්තාවූ, බොල් පිඹ හරිව්. පවිටු කැමැත්ත හා හැසිරීමද ගොදුරද ඇති පවිටන් පහකොට විනීතව පිරිසිදු අපිරිසිදු පුද්ගලයන් සමග විසීම කරව්.
285. ඉන්පසු සමගිවූවාහු දක්ෂ වූවාහු දුක් කෙළවර කරන්නාහුය.”
ධම්මචරියසුත්තං (කපිලසුත්තං) නිට්ඨිතං.
2. 7.
බ්රාහ්මණ ධම්මික සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬුමහ සිටාණන්ගේ ආරාමයෙහි වාසය කරණසේක. ඉක්බිති දිරූ, වැඩිමහල්වූ, මහළුවූ කල්ගිය, අන්තිම වයසට පැමිණි, කොසොල් රට වැසි බොහෝ මහාසාර බ්රාහ්මණයෝ භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටුවූහ. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්රාහ්මණයෝ භාග්යවතුන් වහන්සේට මෙසේ කීහ: