1. 6.
පරාභව සූත්රය
“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩවාසය කරන සේක. ඉක්බිත්තෙන් එක්තරා දෙවතාවෙක් රාත්රිය සම්බන්ධ ප්රථම යාමය ඉක්මුණු කල්හි අතිශයින් යහපත් ශරීර වර්ණයෙන් ජේතවන විහාරය මුලුල්ල බබුළුවා භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ දෙවතාවා භාග්යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ දැනුම් දුන්නේය.
91. “අපි හැමදෙනම පිරිහෙන්නාවූ පුරුෂයා ගෞතමයන් වහන්සේගෙන් අසාදැනගන්නා පිණිස ආවෙමු. පිරිහෙන්නාවූ සත්වයාට ඊට හේතු කවරේදැයි” විචාළේය.
92. “වැඩෙන්නාවූ පුරුෂතෙම ධර්මකාමී ප්රතිපත්තිවල හැසිරෙනු දැකීමෙන් හා ඇසීමෙන් සුවසේ දතහැකි වන්නේය. පිරිහෙන්නාවූ පුරුෂතෙම ධර්මයට වෛරකරණ ප්රතිපත්ති දර්ශනයෙන් හා ශ්රමණයෙන් සුවසේ දතහැකි වන්නේය. දශ කුශල කර්මපථ ධර්මය අසා පිළිපදනේ වැඩෙයි. ඒ දශකුශල ධර්මයට ද්වේෂව නොකැමතිව අසා නොපිළිපදනේ පිරිහෙන්නේය.
“මේ පිරිහෙන පළමුවන කාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ” 93. “භාග්යවතුන් වහන්ස, දෙවනි පිරිහෙන කාරණය වදාළ මැනවි පිරිහීමට කාරණය කවරේද?
94. සද්ධර්මයට කැමති නොවීමෙන් පිරිහීමට පැමිණෙන පුරුෂයා හට පූරණකාශ්යපාදී මිසදිටු ගත් අසත්පුරුෂයෝ ප්රියවෙති. ඒ පිරිහීමට පැමිණෙන පුරුෂතෙම බුද්ධාදී සත් පුරුෂයන් ප්රිය නොකරන්නේය. යට කියන ලද නිවටුන්ගේ අසත්පුරුෂ ධර්මයන් රුචිකරන්නේය. අසත් පුරුෂයන් කෙරෙහි ප්රියවීම, සත්පුරුෂයන් අප්රිය වීම අසත්පුරුෂයන්ගේ අසද්ධර්මයට කැමති වීමය යන මේ තුන පිරිහීමට කාරණයයි” වදාළසේක.
“මේ දෙවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ.” 95. “භාග්යවතුන් වහන්ස, තුන්වෙනි, පරිහානි කාරණය වදාළමැනව. පිරිහීමට කාරණා කවරේදැයි” විචාළේය.
96. “යම්කිසි සත්වයෙක් තෙම නිතර නිදන්නේද බොහෝ දෙන රැස්ව කථාකරණ තැනට එළඹ කථාවෙහි ඇලුනේ වේද, වීර්ය තේජස් නැත්තේද අලසද, ක්රෝධයම ලකුණු කොට ඇත්තේද යන මේ කරුණු පිරිහීමට කාරණයයි වදාළසේක.
“මේ තුන්වෙනි පරිහානි කාරණය වදාළ පරිද්ද දැනගතුම්හ.” 97. භාග්යවතුන් වහන්ස, සතරවෙනි පරිහානි කාරණය වදාරණසේක්වා, සත්වයා පිරිහීමට කාරණය කවරේදැයි විචාළේය.
98. “යම්කිසිවෙක් ජරාවට ගිය තරුණ බව ඉක්මවූ වැදූ මෑණියන් හෝ පියාණන් හෝ (තමා) පොහොසත්වූයේ පොෂණය නොකෙරේද එය පිරිහීමට කාරණයයි” වදාළසේක.
“මේ සිවුවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ” 99. “භාග්යවතුන් වහන්ස, පස්වෙනිවූ පරිහානි කාරණය වදාළ මැනව කවරේදැයි” විචාළේය.
100. “ක්ෂත්රියාදී යම්කිසිවෙක් බැහැර කරන ලද පවු ඇති ක්ෂීණාශ්රවවූ බ්රාහ්මණයෙකු හෝ සන්සිඳුවන ලද පව ඇති එබඳු ශ්රමණයකු හෝ අපි නැවත අන්කිසිවක් ඉල්වන යාචකයෙකු හෝ බොරුකීමෙන් වංචා කෙරේද දෙලොවින්ම පිරිහීමට කාරණයයි” වදාළසේක.