1. 3.
ඛග්ග විශාණ සූත්‍රය
35. සියලු සත්වයන් කෙරෙහි පහරන දඬුමුගුරු බහාතබා ඒ සියලු සතුන්ගෙන් එකෙකුට වත් වෙහෙස නොකරන්නේ තනිවූයේ එක පුත්රයෙකුත් නොකැමැති වන්නේය. යහළුවකු කොයින්ද හුදකලාවූයේ “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
36. “කයින් සිතින් උපන් එකතුවීම් බව ඇත්තාහට බලවත් රාගය වන්නේය. ස්නෙහය අනුව යන මේ දුක වන්නේය. නොහොත් සංසර්ගය ඇත්තාහට රාගය උපදනේය. ඒ ස්නේහය අනුව ගිය මේ දුක උපදනේය. රාගයෙන් උපන් දෝෂය නුවණැසින් දක්නේ කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
37. මිත්‍රවූ සිතට ප්‍රියවූ හැමදෙනා කෙරෙහි දයා පවත්වන්නේ, පිළිබඳ සිත් ඇත්තේ යහපත නසන්නේය. මේ භය, මිත්‍ර සන්ථවයෙහි දක්නේ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
38. යම්සේ හුණපඳුර විශාලවූයේ අවුල්වූයේ උස්ව සිටියේද එසේම පුතුන් දූන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් තෘෂ්ණාවෙක් ඇද්ද, ඒ තෘෂ්ණා තොමෝ හුණගොබය මෙන් නොඇලුනේය, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
39. “නොබඳනාලද පසද මෘගතෙම උයන්හි ගොදුරු පිණිස යම් දිශාභාගයකින් අභිමත දිශාභාගයකට යනු කැමැත්තේද, ඒ දිශාභාගයෙන් යම්සේයේද, එපරිද්දෙන් තනිව හැසිරීම නුවණැසින් දක්නා පණ්ඩිත පුරුෂතෙම, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
40. “යහළුවන් මැද සිටියහුගේද, දහවල් ශයනය කරන්නහුගේ ද උපස්ථාන කරණ තැන හුන්නහුගේද යමින් සිටියහුගේද චාරිකාවෙහි යන්නහුගේද මෙය අසව යනාදී ඇමතීම් වන්නේය. ආශා රහිත බවද තනිව හැසිරීම්ද නුවණැසින් දක්නේ හුදකලාවූයේ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
41. “යහළුවන් මැදදී ක්‍රීඩාවද, පස්කම්හි ඇල්මද වන්නේය. දූ පුතුන් කෙරෙහි බොහෝවූ ප්‍රේමයද වන්නේය. ප්‍රිය විප්රයොගයට පිළිකුල් කරන්නේ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
42. “හීන ප්‍රණීත චතුර්විධ ප්‍රත්‍යයෙන් සතුටු වන්නේද බ්‍රහ්මවිහාර වඩන සිවුදිග ඇත්තේ, ගැටීමක් නැත්තේවේද, හෙතෙම උපද්‍රවයන් ඉවසන්නේත්වේද, තැතිගැන්මක් නැත්තේද, වේද, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
43. “සමහර පැවිදිවූවෝද නැවත ගිහිගෙයි නිවසන ගෘහස්ථයෝද, සංග්‍රහකොට හැක්කේය. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහකිරීමට නිරුත්සාහව, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
44. “ගිහි බව ප්‍රකාශ කරණ හිසකේ රවුළු ආදී ගිහිවෙස් පහකොට වැටුනු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් ගිහීන්ට බන්ධනවූ පඤ්චකාම බන්ධනයන් සිඳ වීර්යයෙන් යුක්තවුයේ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
45. “වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් ලබන්නේ නම්, සියලු උපද්‍රවයන් මැඩගෙන ඒ සහාය ලාභයෙන් සතුටුවූයේ සිහියෙන් හැසිරෙන්නේය.
46. වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් නොලැබෙන්නේ නම් විරුද්ධ රජකු විසින් ජයගන්නාලද රට හැර යන රජෙකු මෙන් අසහායවූයේ කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
47. “එකාන්තයෙන් යහපත් සහායයන් ලැබීමට ස්තුති කරම්හ. තමහට වඩා ගුණයෙන් උසස්වූද සමවූද සබඳහු සෙවිය යුත්තෝය. මේ විප්‍රකාර සහායයන් නොලැබ දැහැමින් සෙමෙන් උපන් භොජනය වළඳන කුලපුත්‍රතෙමේ අසහායවූයේ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
48. “රන්කරු පුතු විසින් මොනවට කරණලද දෑතෙහි ගැටෙන්නාවූ බබලන සුළුවූ රනින් කළ සම්බන්ධවූ වළලු දැක කීපයක් ඇතිතැන ගැටීමත් එකක් ඇති තැන නොගැටීමත් සිතා පසේබුදු වීමි. මා සේ වනු කැමැත්තෝ, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.
49. “දෙවැන්නකු සමග බොහෝ කථාකිරීමද ස්නෙහයෙන් ඇල්මද යන මේ භය මත්තෙහි වන්නේයයි නුවණැසින් දක්නෙම් (පසේබුදු වීමි) අසහායව, කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.