1. 1.
උරග සූත්‍රය
1. යමෙක් පැතිර සිටි සර්ප විෂය බෙහෙතින් හරනාක් මෙන් උපන්නාවූ ක්‍රෝධය දුරුකෙරේද? ඒ මහණතෙම දිරුණාවූ පරණවූ සැවය හරණ සර්පයා මෙන් (සසර) එතෙර මෙතර දුරුකරන්නේය.
2. යමෙක්, විල හටගත් නෙළුම් මල් මෙන් අල්ලාගෙන රාගය ඉතිරි නොකොට සිඳීද, ඒ මහණතෙම දිරුණු පුරාණවූ සැව හරනා සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
3. යමෙක්, පැතිර සිටි වේගයෙන් දිවෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉතිරි නොකොට සින්දේද, ඒ මහණතෙම සර්පයා දිරුණාවූ පුරාණවූ සැවය මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
4. යමෙක් මහවතුර ඉතා දුර්වලවූ බව දන්ඩෙන් කළ ගෙයක් ගෙනයන්නාක් මෙන් මානය ඉතුරු නොකොට නැසීද ඒ මහණතෙම දිරුණාවූ පුරාණ සැවය (හරනා) සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.
5. යමෙක් දිඹුල් රුක්වල මල් සොයන්නාක් මෙන් භවයන්හි සාරයකට නොපැමිණේද ඒ මහණතෙම සර්පයා දිරුණාවූ පුරාණවූ සැවය මෙන් (සසර) එතෙර මෙතෙර දුරුකරන්නේය.
6. යම් භික්ෂුවක්හුගේ සිත්හි ක්‍රෝධයෝ නැත්තේද, මෙසේ වීම හා නොවීමද ඉක්මවීද, ඒ මහණ පුරාණවූ සැවය හැරයන සර්පයාමෙන් (සසර) එතර මෙතර අත්හරී.
7. යම්, භික්ෂුවත්හුගේ නවවිධ විතර්කයෝ සම්පූර්ණයෙන් දවන ලද්දාහුද සිතද සම්පූර්ණයෙන් මනාව සින්දේද ඒ මහණ තෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර අත්හරී.
8. යමෙක් ඉතා දිවීම නොකරන්නේ පසු නොබසින්නේ මේ සියලු ප්‍රමාදය, (තෘෂ්ණාව) ඉක්ම ගියේද ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නා මෙන් එතෙර හා මෙතර අත්හරී.
9. යමෙක්, ලොව මේ සියල්ල බොරුයයි දැන් පහ කළ ලෝභ ඇත්තේ වේද, ඉතා දිවීම නොකරේද, පසු නොබසින්නේද, ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නා මෙන් (සසර) එතෙර මෙතෙර හැරයයි.
10. යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, යම් සියලු දෙය බොරුයයි පහවූ ලෝභ ඇත්තේද ඒ මහණ තෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරණේය.
11. යමෙක් අතිධාවනය නොකෙරේද? නොපසුබසීද මේ සියලු යමෙක් අතිධාවනය නොකෙරේද? නොපසුබසීද මේ සියලු දෙය බොරු යයි පහවූ රාග ඇත්තේද, ඒ මහණ තෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
12. යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, මේ සියලු ලෞකික දෙය බොරුයයි පහවූ ද්වේෂ ඇත්තේ වේද, ඒ මහණතෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
13. යමෙක් අතිධාවනය නොකෙරේද නොපසුබසීද, මේ සියලු දෙය බොරුයයි පහවූ මෝහ ඇත්තේ වේද, ඒ මහණතෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
14. යමකුට කිසිම ක්ලෙශයක් නැත්තේද, අකුසල් මූලයෝ මොනවට නසන ලද්දෝ වෙත්ද, ඒ මහණතෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර අත්හරියි.