1. අම්බසක්ඛර ප්රේතයාගේ කථාව
526. වැදෑ රජුන්ගේ වෙසාලී නම්වූ නුවරක් ඇත්තේය. එහි අම්බසක්ඛර නම් වූ ලිච්ඡවී රජෙක් විය. ප්රේතයෙක් කී කාරණය දැනගනු කැමැත්තේ නුවරින් පිටත සිටි ප්රෙතයකු දැක එතනදීම ඔහු විචාළේය.
527. “මොහුට නිදීමක්ද හිඳීමක්ද නැත. ඉදිරි ගමනක් හෝ පසු ගමනක් හෝ නැත. ආහාරයක්ද පීමක්ද කඩා කෑමක්ද, වස්ත්ර පරිභොගයක්ද ඉඳුරන් හැසිරවීමේ ආශාවක්ද නැත.
528. “මොහුට පෙර අනුකම්පා ඇත්තා වූ යම් ඤාතීහුද දැක ඇසූ යම් මිත්රයෝත් වූවාහුද ඔව්හු තුමූ දැන් ඔහු දක්නට වත් නොලබත්. ඒ ජනයා විසින් හැර දමනලද ආත්මභාව ඇත්තේය.
529. “මළ අයට මිත්රයෝ නොවෙත්. මිත්රයෝ වස්තු විනාශයට පත් පුරුෂයා අතහැර දමත්. ධනය දැක මිත්රයෝ පිරිවරත්. සම්පත් ඇත්තාහට බොහෝවූම මිත්රයෝ වෙත්.
530. “සියලු උපභොග පරිභොග වස්තුවෙන් පිරිහුනු ස්වභාව ඇති දුක්පත්වූ ලෙයින් වැකුණ ශරීරය ඇත්තාවූ ඇතුළත පැලුන ශරීර ඇත්තේ තණ අග රැඳුනාවූ පිණිබිඳ මෙන් අද හෝ හෙට හෝ ජීවිතයාගේ නිරුද්ධය වෙයි.
531. “පින්වත්, යක්ෂය, මෙබඳුවූ ඉතාමත් දුකට පත්වූ කොසඹ හුලෙහි නංවන ලද්දහුට යලි පින්වත ජීවත්වෙව, ජීවිතයම ශ්රේෂ්ඨයයි කවරකරුණකින් නුඹ කියන්නෙහිද?”
532. “පින්වත් රජ මේ පුරුෂතෙම මගේ සහලේ නෑයෙක් විය. “මම පූර්ව ජාතිය සිහි කරමි. දැකම ලාමක ස්වභාව ඇති මේ පුරුෂතෙම නරකයෙහි නොවැටේවායි, මට කරුණා සිතක් විය.
533. “පින්වත් ලිච්ඡවී රජ නැමති පව්කම් කළා වූ මේ පුරුෂ තෙම මෙයින් චුතව ජනයන්ගෙන් උත්සන්නවූ දරුණු ස්වභාව ඇති මහත් දුක් ඇති මහත් සන්තාප ඇති කටුකවූ බිය උපදවන්නාවූ මහා නරකයෙහි උපදී.
534. “මේ තෙම ඒකාන්තයෙන්ම දුක් වූ අයහපත් වූ භයජනකවූ ඒකාන්තයෙන්ම තියුණු දුක් ඇති මහා නරකයෙහි නොවැටේවා. ඒ මහා නිරයට වඩා මේ හුලම නොයෙක් කොටස් වූ අනුසසින් උතුම් වෙයි.
535. “මේ තෙම මාගේ මේ වචනය අසා නිරා දුකට පමුණු වන ලද්දෙකු සේ ප්රාණය හැර ලන්නේය. එහෙයින් ජිවිතයාගේ නිරෝධය මා විසින් කරණ ලද්දේ නොවේවායි මම ඔහු සමීපයෙහිදී නොකියමි.
536. “පුරුෂයා පිළිබඳ මේ කාරණය මා විසින් දැනගන්නා ලදී. ඉදින් තෝ අපට අවකාශ දෙන්නෙහි නම් අනිකක්ද විචාරන්ට කැමැත්තෙමු. එයත් විචාරමි. අපට නොකිපිය යුතුයි.”
537. “එහිදී එකාන්තයෙන් මාගේ ප්රතිඥාව විය. අප්රසන්නයාහට නොකීම වෙයි. අකමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙකැයි කියා කැමති පරිද්දෙන් මා විචාරව. යම්සේ ඉවසිය හැකිනම් කියමි.”
538. “යක්ෂය, මම යම් කිසිවක් ඇසින් දක්නෙම්ද, මම ඒ සියල්ල එසේම අදහන්නෙමි. එය දැක ඉදින් නොම අදහන්නෙම් නම් මට නිග්රහ කරව.”
539. “යුෂ්මතාගේ මේ ප්රතිඥාතොමෝ මට සැබෑවේවා දැනගනු කැමැත්තේ කොපවූ සිත් නැත්තේ මවිසින් කියනු ලබන ධර්මය අසා යහපත් ප්රසාදය ලබව, නුඹ විසින් අසන ලද්දාවූ යම් ධර්මයක් වේද යම්සේ අන්යයාත් දන්නේ වේද, යම්සේ මා විසින් දන්නා ලදද සියල්ල මම කියන්නෙමි.
540. “අලංකෘතවූ ශ්වෙත වර්ණවූ අශ්ව යානාවකින් හුල උන්නහුගේ හමුවට පැමිණෙහිය. මේ යහන අද්භූතය දැකුම් කළුය. මේ කිනම් කර්මයක්හුගේ විපාකයවේද?”
541. “වේසාලී නම් ඒ නගරයාගේ මැද මඩයුත් මාර්ගයෙහි වළක් විය. මම පහන් සිත් ඇතිව සුදුවූ එක් ගව හිසක් ගෙන මඩ වලෙහි බහාලීමි.