1. 8.
46. “කිමෙක්ද? පිස්සෙකු මෙන් අළුත් තණ කපා ඉක්ම ගිය ජීවිතය ඇති (මැරුණු) නාකි ගවයකුට කාපිය කාපිය,යි කියයි.
47. “මළ ගොනා ආහාරයෙන් පානයෙන් නැගිටුවාලිය නොහැක්කේය. අයහපත් අදහස් ඇති, අන් පුද්ගලයෙකු යම්සේද, නුඹත් නුවණ නැති, බාලයෙක් වූයෙහිද?”
48. “මේ පයද, මේ හිසද, වලිගයද සහිත මේ ශරීරයද නේත්රයෝද, එසේම තිබෙත්. මේ ගොනා නැගිටින්නේය.”
49. “පියාගේ අත් පාද, ශරීරයද හිසද නොපෙනේ මැටි ථූපයක් ලඟ අඬන ඔබම නුවණ නැත්තෙක් නොවේද,
50. “ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශොකාග්නියෙන් ගිනි ගත්තාවූම මා ජලය වත්කරන්නෙකු මෙන් සියලු චිත්ත දාහය, නිවන්නේය.
51. “මාගේ හෘදය ආශ්‍රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේය. යමෙක් ශෝකයෙන් පීඩිතවූ මාගේ පියා නිසාවූ ශෝකය දුරු කළේද,
52. “ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මාණවකය නුඹේ වචන අසා ශොක නොකරමි, නොහඬමි.
53. “යම්සේ යහපත්ව උපන් පුත්‍රයා පියා සෝ දුකින් මුදාලයිද, නුවණ ඇති අනුකම්පා ඇති යම් කෙනෙක් වෙත් නම් ඔව්හු එසේ කරත්. ශෝකයෙන් මුදවත්”
8. ගොන් (ගොනා) ප්‍රේතයාගේ කථාව
1. 9.
54. “මේ ස්ත්‍රිය අශුචිද මුත්‍රද ලේද සැරවද අනුභව කරයි. කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, යම්බඳු ප්‍රෙතියක් සෑමකල්හි ලේ හා සැරව අනුභව කරන්නීද, මේ ස්ත්‍රීතොමෝ කවර අකුශල කර්මයක් කළේද?
55. “මෑට දෙනලද යහපත්වූද මෘදුවූද පිරිසිදු පැහැ ඇත්තාවූද සුව පහස් ඇත්තාවූද, අළුත් වස්ත්‍ර ලොහ වස්ත්‍ර සමාන වෙත්. මේ ස්ත්‍රීතොමෝ කවර කර්මයක් කෙළේද?”
56. “ස්වාමීන්වහන්ස, මෝතොමෝ නොදෙන සුළු මසුරු වූ තද මසුරු සිත් ඇති මාගේ භාර්යාව විය. ඕතොමෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නාවූ මට ආක්‍රොශ කරයි, පරිභව කරයි.
57. “මේ දානයද නුඹට පරලොවදී මලද මුත්‍රද රුධිරයද සැරවද වේවා, වස්ත්‍රද තට ලෝභ වස්ත්‍ර වෙත්වා. නුඹ සියලු කාලයෙහි අශුචි අනුභව කරන්න. මෙබඳුවූ වාක් දුශ්චරිතාදිය කොට මේ ප්‍රේත ආත්ම භාවයට පැමිණියේ බොහෝ කාලයක් ගූථාදිය අනුභව කරයි”
9. මහා පෙෂකාර ප්‍රේතියගේ කථාව