1002. “මේ නුග ගසෙහි වාසය කරන මඛාදේව නම් දෙවතාවෙනි, රජතෙම ඔබට පවිත්‍රවූ මසින් යුක්තවූ බත එවීය. මෑතට එව හුන් තැනින් නික්ම මා ගෙනා ඒ බත අනුභව කරව.
1003. “මානවකය, මාංශ සූප ඇති ආහාරය හැරගෙණ ඔබින් මෙහි එව, මානවකය, තෝද තා ගෙණා බතද, යන දෙකම මට ගොදුරුවන්නහුය.
1004. “යක්ෂය, මරණයෙහි භය සංඥා ඇත්තාවූ ජනයෝ තට බත නොගෙනෙන්නාහුය. එහෙයින් තෝ ස්වල්පයකින් මහත්වූ අර්ථයක් හැර දමන්නෙහිය.
1005. “යක්ෂය, රශයෙන් යුක්තවූ පිරිසිදුවූ, ප්‍රණීතවූ තට නිත්‍ය ආහාරය ලැබෙන්නාවූ ආගමනය ඇත්තේය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නාවූ මිනිසෙක් මෙහි ඉතා දුර්ලභ වන්නේය.
1006. “සුතනු නම් මානවකය, යම්සේ කීයෙහිද, ඒ මේ වචනය මට වැඩ පිණිස වේ. නුඹ මා විසින් අනුදන්නා ලද්දෙහි මට සුවසේ දකුව,
1007. “මානවකය, තාගේ කඩුවද, කුඩයද, රන්තලියද හැරගෙනම යව. තාගේ මව සුවසේ තා දකීවා. තෝද මව දකුව.
1008. “යක්ෂය, මා විසින් ධනයද ලබනලදී. රජුගේ වචනයද කරණලදී. එපරිද්දෙන් සියලු නෑයන් හා සමග එබද සුවපත්වේවායි කීයේය.”
3. සුතනුජාතකං තතියං.
1009. “නිලීය නම් වැද්දාගේ වසඟ බවට පැමිණියාවූ මම මළ පුඩුවෙන් බැඳුනේ වෙමි. පර්වත ගුහාවෙහි හෝනාවූ ඒ මාගේ මහලු මව්පියෝ කෙසේ නම් කරන්නාහුද,
1010. “ගිජුලිහිණිය, කුමට හඬන්නෙහිද, තාගේ හැඬීම කවරක්ද, මනුෂ්‍ය භාෂාව කියන්නාවූ පක්ෂියෙක් මා විසින් නො අසනලදී. දක්නාලද්දේ හෝ නොවේ.
1011. “පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කෙරෙමි එසේවූ මම තාගේ වසඟ බවට ගියෙමි. ඒ මව්පිය දෙදෙන කෙසේ නම්කරන්නාහුද,
1012. “ගිජුලිහිණියා යොදුන් සියයක් තැන කුණපයන් දක්නේයි කුමක් හෙයින් දළටද පාශයටද සමීපවත් දැන නොගත්තෙහිද,
1013. “යම් කලෙක්හි විනාශයවේද එකල්හි පුරුෂතෙම ජීවිත විනාශයෙහි දැළටද පුඩුවටද සමීපවූවත් බැඳෙන බව නොදනී.
1014. “පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කරව, මා විසින් මනාකොට අනුදන්නාලද තෝ නෑයන් සුවසේ දකුව,
1015. “වැද්දාණෙනි, පර්වත ගුහාවෙහි වැටී සිටින මහලුවූ මව්පියන් සුවසේ ගොස් පොෂණය කෙරෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් හා සමඟ ඔබ බොහෝ කලක් සතුටුවේවා.
4. මාතුපොසකගිජ්ඣජාතකං චතුත්ථං.