1009. “නිලීය නම් වැද්දාගේ වසඟ බවට පැමිණියාවූ මම මළ පුඩුවෙන් බැඳුනේ වෙමි. පර්වත ගුහාවෙහි හෝනාවූ ඒ මාගේ මහලු මව්පියෝ කෙසේ නම් කරන්නාහුද,
1010. “ගිජුලිහිණිය, කුමට හඬන්නෙහිද, තාගේ හැඬීම කවරක්ද, මනුෂ්‍ය භාෂාව කියන්නාවූ පක්ෂියෙක් මා විසින් නො අසනලදී. දක්නාලද්දේ හෝ නොවේ.
1011. “පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කෙරෙමි එසේවූ මම තාගේ වසඟ බවට ගියෙමි. ඒ මව්පිය දෙදෙන කෙසේ නම්කරන්නාහුද,
1012. “ගිජුලිහිණියා යොදුන් සියයක් තැන කුණපයන් දක්නේයි කුමක් හෙයින් දළටද පාශයටද සමීපවත් දැන නොගත්තෙහිද,
1013. “යම් කලෙක්හි විනාශයවේද එකල්හි පුරුෂතෙම ජීවිත විනාශයෙහි දැළටද පුඩුවටද සමීපවූවත් බැඳෙන බව නොදනී.
1014. “පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කරව, මා විසින් මනාකොට අනුදන්නාලද තෝ නෑයන් සුවසේ දකුව,
1015. “වැද්දාණෙනි, පර්වත ගුහාවෙහි වැටී සිටින මහලුවූ මව්පියන් සුවසේ ගොස් පොෂණය කෙරෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් හා සමඟ ඔබ බොහෝ කලක් සතුටුවේවා.
4. මාතුපොසකගිජ්ඣජාතකං චතුත්ථං.
1016. “ඉවුර අද්දර හැසිරෙන යහළුව, තට යහපතක් වේවා මා කරා දිව එව, මා විසින් මහත්වූ මත්ස්‍යයෙක් අල්ලා ගන්නාලදී. ඒ මත්ස්‍යයා වේගයෙන් මා දියට ඇදගණියි.
1017. “ගැඹුරේ හැසිරෙන්න, තට යහපතක් වේවා. ශක්තියෙන් දැඩි කොට අල්ලා ගණුව මම තා ගුරුළා සර්පයෙකු මෙන් දියෙන් ගොඩට ගන්නෙමි.
1018. “කුසතණ මල් (හා සමාන හෙයින් එ) නම්වූ ශෘගාලය මාගේ වචනය අසව, අපගේ විවාදයෙක් උපන්නේ වෙයි. යහළුව, කලහය සංසිඳුව, අපගේ විවාදය සංසිඳුව.
1019. “පෙර මම ධර්මයෙහි පිහිටියෙම්වීමි මා විසින් බොහෝ වූ අර්ථ නිශ්චය කරණලදී. යහළුව, තොප දෙදෙනාගේ කලහය සංසිඳුවම්. තොපගේ විවාදය සංසිඳේවා.
1020. “ඉව්රෙහි ඇවිදින තැනැත්ත, තෝ නඟුට ගණුව, ගැඹුරු දියෙහි හැසිරෙන්නහුට හිස වෙයි. අනතුරු මේ මැද කොටස ධර්මිෂ්ටවූ හෙවත් විනිශ්චය ස්වාමිවූ මට වන්නේයි.
1021. “ඉදින් විවාද නොකෙළෙම් නම් අපට කීප දවසකට කෑයුත්තක් වන්නේය. හිස නැති නඟුට නැති රෝහිත මත්ස්‍යයා හිවල් තෙමේ ගෙණයයි.
1022. “යම්සේ ක්ෂත්‍රියවූ රජෙක් රාජ්‍යයක් ලැබ සතුටු වන්නේද, එපරිද්දෙන් මම අද පිරුණාවූ මුහුණු ඇති ස්වාමියා දැක සතුටුවෙමි.
1023. “ගොඩවූයේම දියෙහි මත්ස්‍යයා කෙසේ නම් අල්ලා ගත්තෙහිද, යහළුව, මා විසින් විචාරණලද නුඹ එය කියව, තා විසින් කෙසේ බලනලදදැයි (අඹු විචාළා)
1024. “මායාවී තැනැත්තිය, විවාදය හේතුකොට ගෙණ කාශවූවාහු වෙත්. විවාදය හේතුකොට ගෙණ ධන විනාශ වූවාහුවෙත්. එසේමැයි මස්කාවෝ විවාදය කරණ කොටගෙණ පිරිහුණාහ. රෝහිත මත්ස්‍යයා අනුභව කරව.
1025. “එපරිද්දෙන්ම හෙවත් යම්සේ මස්කාවෝ දෙදෙන විවාදකොට ලද රේමසු කෙරෙන් පිරිහුනාහුද, එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි කලහය යම් තැනක උපදීද, ධර්මස්ථවූ හෙවත් විනිශ්චය ස්වාමීහු සමීපයට පැමිණෙති. හෙතෙම වනාහි ඔවුන්ගේ විවාද සංසිඳුවන්නේයයි එහිලා ධනයෝද පිරිහෙත්, රජහුගේ කොටුගුලම වැඬේයයි” කීයේය.
5. දබ්භපුප්ඵජාතකං පඤ්චමං.