14. “බ්‍රහ්මදත්තය, කාමයෝ නම් පංකය හෙවත් මඩ වැනිද වේ. කාමයෝ නම් පැතුරුණු මඩෙකි, එහෙයින් තුන් මුලකින් සිටියාක් මෙන් අචලවූ මේ කාමය මහත් භයකැයි කියනලදී. රජය යයිද ධුමයයිද මා විසින් ප්රකාශකරණලදී. මේ කාමයන් හැර නුඹ පැවිදිවෙව.
15. “බ්‍රාහ්මණය, කාමයන්හි ගැටගැසුනාවූද, ඇළුනාවූද, අතිශයින් මූර්ඡාවූද, ජීවිකාවෙහි කැමතිවූ මම භයජනක ස්වභාවය ඇති ඒ කාමය දුරුකරන්ට උත්සාහ නොකරමි. එහෙයින් බොහෝ වූ පිංකරන්නෙමි.
16. “වැඩ කැමතිවූ හිත සිතින් අනුකම්පා කරන්නහු විසින් අවවාද කරණු ලබන්නාවූ යමෙක් මෙයම උතුම්යයි සිතමින් අනුශාසනය නොකෙරේද, අඥානවූ හෙතෙම නැවත නැවත මාතෘගර්භයට පැමිණෙන්නේය.
17. “සසර බියපත්වූ සිත වඩන්නවුන්ට අශුභවූ මළ මුත්‍ර වලින් පිරුනාවූ දරුණු ස්වභාව ඇති මවු කුසයයි කියනලද නරකයට පැමිණෙන්නේය. යම් කෙනෙක් කාමයන්හි පහනොවූ රාග ඇත්තාහු, ගිජුවූවාහු, ඇළුනාහු වෙද්ද ඔව්හු ඒ මවුකුස වාසය නොහරිත්.
18. “අශුචියෙන් තැවරුණාවූ, ලෙයින් වැකුණාවූ සෙමෙන් තැවරුණ වූ සත්වයෝ නික්මෙන්නාහුද, යමක් යමක්ම ශරීරයෙන් ස්පර්ශ කෙරෙද්ද, ඒ සියල්ල එකෙණෙහි අමධුරය. හුදෙක් දුක්මැයි අනිකෙකු කෙරෙන් අසා නොම කියමි.
19. “පෙරවිසූ කඳපිළිවෙළ දැක කියමි. බොහෝකොට පූර්වෙනිවාසය මම සිහිකරමි. විසිතුරුවූ මනාකොට කියනලද ගාථාවලින් දරීමුඛ පණ්ඩිතතෙම යහපත් නුවණැති සුමේධ රජු තමාගේ වචන ගැන්වීය.”
3. දරීමුඛ ජාතකය.
20. “වන කව්ඩෝද, පක්ෂි රාජවූ අපිද යන සියල්ලෝම මේ පර්වතයට පැමිණ සමාන වෙමු.
21. “මේ පර්වතයෙහි සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, මෘගාධමවූ හිවල්ලුද යන සියල්ලෝම සමාන වෙත්. මේ පර්වතය කිනම් වේද,
22. “මේ උතුම් පර්වතය මිනිස්සු සවර්ණ පර්වතයයි කියා දනිත්. මේ පර්වතයෙහි සියලු ප්‍රාණීහු වර්ණයෙන් යුක්තව වාසය කරත්.
23. “යම් තැනෙක්හි සත්පුරුෂයන්ට සම්භාවනා නොකිරීම හෝ අවමන් කිරීම හෝ හීනයන්ට සම්මාන කිරීම හෝ වන්නීද එහි විසීමද නොවසන්නේය.
24. “යම් තැනෙක්හි අලසයාද, දක්ෂයාද, ශූරයාද, බියසුල්ලාද යන මොහු පිදියයුත්තාහු වෙද්ද, විශේෂයක් නොකරණ ඒ පර්වතයෙහි සුජනයෝ නොවසන්නාහුය.
25. “මේ ස්වර්ණ පර්වතය හීනය, උත්කෘෂ්ටය මධ්‍යමය, යන සියල්ලන් විභාග නොකෙරෙයි. මේ ස්වර්ණ පර්වතය විශේෂයක් නොකෙරෙයි. එබැවින් ස්වර්ණ පර්වතය අත්හරිමුයි” කීයේය.
4. නෙරු ජාතකය.
26. “චිත්‍රලතා වනයෙහි ආසාවතී නම් වූ ලතාවක් හටගත්තීය. ඒවැලේ අවුරුදු දහසකින් එක් ගෙඩියක් හටගණියි. ඒතාක් දුරවූ ඵල ඇති කල්හී ඒ ලතාවට දේවතාවෝ නැවත නැවත පැමිණෙත්.
27. “රාජය, නුඹද ප්‍රාර්ථනා කරන්නෙහිමය. ඒ එසේමැයි. ඵලවත්වූ ආසාතොමෝ සැප වන්නීයයි ඒ පක්ෂිතෙම ප්‍රාර්ථනා කරන්නේමය. ඒ පක්ෂිතමෙ ලබමියි පතන්නේමය.
28. “ඔහුගේ ඒතාක්දුර ගියාවූද ආසාතොමෝ සමෘද්ධවීමය එසේ හෙයින් රාජය, නුඹද ප්රාර්ථනාම කරව. කුමක්හෙයින්ද යත්, ඵලවත්වු ප්රාර්ථනාතොමෝ සුව ඇත්තීමැයි.