20. “වන කව්ඩෝද, පක්ෂි රාජවූ අපිද යන සියල්ලෝම මේ පර්වතයට පැමිණ සමාන වෙමු.
21. “මේ පර්වතයෙහි සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, මෘගාධමවූ හිවල්ලුද යන සියල්ලෝම සමාන වෙත්. මේ පර්වතය කිනම් වේද,
22. “මේ උතුම් පර්වතය මිනිස්සු සවර්ණ පර්වතයයි කියා දනිත්. මේ පර්වතයෙහි සියලු ප්‍රාණීහු වර්ණයෙන් යුක්තව වාසය කරත්.
23. “යම් තැනෙක්හි සත්පුරුෂයන්ට සම්භාවනා නොකිරීම හෝ අවමන් කිරීම හෝ හීනයන්ට සම්මාන කිරීම හෝ වන්නීද එහි විසීමද නොවසන්නේය.
24. “යම් තැනෙක්හි අලසයාද, දක්ෂයාද, ශූරයාද, බියසුල්ලාද යන මොහු පිදියයුත්තාහු වෙද්ද, විශේෂයක් නොකරණ ඒ පර්වතයෙහි සුජනයෝ නොවසන්නාහුය.
25. “මේ ස්වර්ණ පර්වතය හීනය, උත්කෘෂ්ටය මධ්‍යමය, යන සියල්ලන් විභාග නොකෙරෙයි. මේ ස්වර්ණ පර්වතය විශේෂයක් නොකෙරෙයි. එබැවින් ස්වර්ණ පර්වතය අත්හරිමුයි” කීයේය.
4. නෙරු ජාතකය.
26. “චිත්‍රලතා වනයෙහි ආසාවතී නම් වූ ලතාවක් හටගත්තීය. ඒවැලේ අවුරුදු දහසකින් එක් ගෙඩියක් හටගණියි. ඒතාක් දුරවූ ඵල ඇති කල්හී ඒ ලතාවට දේවතාවෝ නැවත නැවත පැමිණෙත්.
27. “රාජය, නුඹද ප්‍රාර්ථනා කරන්නෙහිමය. ඒ එසේමැයි. ඵලවත්වූ ආසාතොමෝ සැප වන්නීයයි ඒ පක්ෂිතෙම ප්‍රාර්ථනා කරන්නේමය. ඒ පක්ෂිතමෙ ලබමියි පතන්නේමය.
28. “ඔහුගේ ඒතාක්දුර ගියාවූද ආසාතොමෝ සමෘද්ධවීමය එසේ හෙයින් රාජය, නුඹද ප්‍රාර්ථනාම කරව. කුමක්හෙයින්ද යත්, ඵලවත්වු ප්‍රාර්ථනාතොමෝ සුව ඇත්තීමැයි.
29. “සුවඳ නැත්තාවූ වර්ණවත්වූ මහරි වෘක්ෂයාගේ මල් මෙන්ම මා වචන මාත්‍රයකින් සතුටු කෙළෙහිය. ක්‍රියාවෙන් සතුටු නොකෙළෙහිය.
30. “යමෙක් නොදෙන්නේ සම්පත් නොහරින්නේ යාළුවන් කෙරෙහි නිෂ්ඵලවූ මියුරුවූ වචන කියාද, ඔහු සමග මොහුගේ මිත්‍රසන්ථවය නොගැලපේ.
31. “යමක් වනාහි කරන්නේද, හෙම කියන්නේය. යමක් නොකරන්නේද, එය නොකියන්නේය. ඒ නොකරන්නහු කෙරෙමියි වචනයෙන් කියන්නහු නුවණැත්තෝ දැනගණිත්.
32. “ඒකාන්තයෙන් මාගේ බලයද, අවිය. මාර්ගොපකරණයද, නැත්තේය. එසේහෙයින් ප්‍රාණයාම මගේ වැළැක්මෙහි සැක කරමි. එබැවින් දැන් හැරයෙමි.
33. “රාජොත්තමය, මෙහිලා යම්බඳු නමක් ඇද්ද, මෙයම මාගේ නාමය වේ. මහරජ බලාපොරොත්තුවෙව, මම පියා කැඳවමියි” කීයේය.
5. ආසංක ජාතකය.
34. “මිගාලොපය, යම්බඳුවූ තාගේ එබඳුවූ ගමන මට රුචි නොවීය. පුත්‍රය, අත්‍යන්ත දෙශයට හෙවත් ඉතා උඩටයෙහිය, පුත්‍රය, තට නුසුදුසු භූමිය සේවනය කෙරෙහිය.
35. “යම් කලෙක්හි තට මුළු පොළොව සිව් රැස් ලියද්දක් මෙන් පෙනීම වන්නේද, පුත්‍රය, එතැන්හි නවතුව, එයින් ඔබ්බට නොයව.
36. “පියාපත් යානාකොට ඇත්තාවූ අහසින් යන්නාවූ සෙසු පක්ෂීහුද ඇත්තාහ. ඔහුද පවන් වේගයෙන් අදනාලදුව නටහ. පෘථිවිය පර්වතය සමකොට සිතන්නාවූ ඔහු පවා නැසුනාහුය.
37. “අපරන්න නම් වූ මහළුවූ පියාගේ අනුශාසනය නොකොට තෘෂ්ණා වාතය ඉක්මවා වේරම්බ වාතයන්ගේ වසඟබවට ගියේය.
38. “ඒ මිගාලෝප නම් පක්ෂියා අවවාදය නොකළ කල්හි ඔහුගේ දරුවෝද, අඹුවෝද, එයින් අන්‍යවූ ඔහු නිසා ජීවත් වන්නෝද යන සියල්ලෝ විනාශයට පැමිණියාහුය.
39. “මෙපරිද්දෙන් යමෙක් වනාහී මේ ලෝකයෙහි ගුණ නුවණින් වැඩිහිටියන්ගේ වචනය අවබෝධනොකෙරේද, ඔහු ඉක්මුණු අනුශාසනා ඇති, උඩඟුවූ, සීමාව ඉක්මවා හැසුරුණවූ මිගාලෝප නම් ගිජුලිහිණියා මෙන් සියල්ලෝම වැඩිහිටියන්ගේ අනුශාසනය නොකොට විනාශයට පැමිණෙත්.”
6. මිගාලොප ජාතකය.