792. “මී වැනි පැහැ ඇති මී බඳු රස ඇති, මී මෙන් සුවඳ ඇති විෂයක් විය. ගුම්බිය නම් යක්ෂයා තමාට ආහාරයක් සොයන්නේ වනයෙහි විෂ තැබූයේය.
793. “මීයයි සිතන්නාවූ යමක්හු වෙද්ද, ඔව්හු ඒ විෂ කෑවාහුද, ඔවුන්ට ඒ විෂ කටුක විය. එයින් මරණයට පැමිණියාහ.
794. “යම් කෙනෙක් වනාහි නුවණින් සළකා ඒ විෂය දුරුකළාහුද, ඔහු මරණාසන්නවූවන් අතුරෙහි සුවපත් වූහ. විෂයෙන් දවන්නවුන් අතුරෙහි නිවුනාහ.
795. “එපරිද්දෙන්ම මිනිසුන් කෙරෙහි රූපාදී පංච කාමයෝ ඒ ඒ තන්හි බහාලන ලද්දාහු විෂයයි දතයුත්තාහුය. මේ පංච කාම ගුණය ආමිෂයවේ. බන්ධනයවේ. මේ පංච කාම ශරීර නමැති ගුහාවෙහි සයනය කරන්නාවූ මාරයාවේ.
796. “එපරිද්දෙන්ම කෙළෙස් නමැති පරිවාරකයන් ඇති මේ පංච කාම ගුණයන් මරණාසන්නවූ යම් නුවණැති මනුෂ්යකෙනෙක් හැමකල්හිම දුරු කෙරෙත්ද, ඔහු ලෝකයෙහි රාගාදීවූ ක්ලෙශයන් ඉක්මෙව්වාහු වෙත්.”
6. ගුම්බියජාතකං ඡට්ඨං.
797. “යම් මේ දුෂ්ට වෙදෙක් සැළලිහිණිපැටියා යයි කෘෂ්ණ සර්පයා කිසිවක් නොදත් බාළයෙකු ලවා ගැන්වීද, එසේවූ මේ ලාමකවූ අනුශාසකයා ඒ සර්පයා විසින් දෂ්ට කරණලද්දේ නැසුනේය.
798. “යම් මිනිසෙක් තමා කිසිවකින් නොගසන්නාවූ නොනසන්නාහු නසන්නට කැමති වේද, හෙතෙම යම්සේ මේ පුරුෂයා නැසුනේද, එසේ නැසුනේ සයනය කෙරෙයි.
799. “යම් මිනිසෙක් තමා කිසිවකින් නොගසන්නාවූ කිසිවෙකු නොමරන්නාහු නසන්නට කැමතිවේද, හෙතෙම යම්සේ මේ පුරුෂයා නැසුනේද එපරිද්දෙන් නටුයේ මරණ සෙය්යාවෙන් සයනය කෙරෙයි.
800. “යම්සේ පස් මිටක් පුරුෂයෙක් උඩු සුලඟට දන්නේද, ඒ ධූලි යම්සේ ඔහුටම ගසාද, එපරිද්දෙන් මේ පුරුෂ තෙම නැසුනේවේ.
801. “නිරපරාධවූ කෙලෙස් රහිතවූ කිසි දොසක් නැත්තාවූ මිනිසෙකුට ද්වේෂ කෙරේද, උඩු සුළඟට දමනලද සියුම්වූ ධූලි මෙන් ඒ අඥානයා කරාම පාපය පෙරලා එන්නේ යයි” කීයේය.
7. සාළියජාතකං සත්තමං.
802. “හුණ දන්ඩෙන් බඳනා ලදුව සතුරන් අතට පත්වූ තෙපි ප්රසන්නවූ මුඛ වර්ණ ඇත්තහුය. තෙපි කුමක් හෙයින් ශොක නොකරව්ද,
803. “ශොක කිරීමෙන්ද හැඬීමෙන්ද ස්වල්පවූ ප්රයෝජනයකුත් නොලැබිය හැක්කේමය. ශොක කරන්නාවූ දුකට පැමිණියාවූ මොහු දැන සතුරෝ සතුටු සිත් ඇත්තාහු වෙත්.
804. “වැඩ අවැඩ දන්නාවූ පණ්ඩිතතෙම යම්හෙයකින් වනාහි ආපදාවන්හි කම්පා නොවේද, එහෙයින් මොහුගේ විකාරයට නොපැමිණියාවූ පෙර මෙන් තුබූ මුහුණ දැක සතුරෝ දුකට පැමිණියාහු වෙත්.
805. “මන්ත්ර ජප කිරීමෙන්ද මන්ත්රණය කිරීමෙන්ද ප්රිය වචන කීමෙන්ද, අල්ලස් දීමෙන්ද පරම්පරාව කීමෙන්ද යන මෙයින් යම් යම් පරිද්දෙකින් යම් තැනක වැඩක් හෝ දියුණුවක් ලබන්නේද, ඒ ඒ පරිද්දෙන් එතැනදී උත්සාහ කරන්නේයි.
806. “මා විසින් හෝ අනිකෙකු විසින් හෝ මේ අර්ථය ලබන්ට නොපිළිවනැයි යම්හෙයකින් දන්නේ නම් ශොක නොකරන්නේ දැඩිවූ අකුශල කර්මය කෙළේනම් දැන් කුමක් කෙරෙම්දැයි ඉවසන්නේයයි” කීයේය.
8. තචසාරජාතකං අට්ඨමං.