777. “ලජ්ජාව දුරු කරන්නාවූ මිත්‍ර භාවයෙන් පිළිකුල් කරන්නාවූ තාගේ මම මිත්‍ර වෙමියි” මෙසේ වචනයෙන් පමණක් කියන්නාවූ උතුම් කටයුතු දෙමියි. කෙරෙමියි හෝ නොකරන්නාවූ පුද්ගලයා මාගේ මෙතෙමේ මිත්‍රයෙක් නොවෙයි කියා මෙසේ ඔහු දැන ගන්නේයි.
778. “යමක් වනාහි කරන්නේද එයම කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. නොකරණ දෙය වචනයෙන් කියන්නාවූ ඔහු පණ්ඩිතයෝ දැනගණිත්.
779. “බිඳීමෙහි සැක කරන්නාවූ වරදම බලන සුළුවූ යමෙක් හැමකල්හි අප්‍රමාද වූයේ මිත්‍රයාට විශ්වාසය නොදේද, හෙතෙමේ මිත්‍ර නොවේ. අනුන් විසින් භෙද කළ නොහැකිවූ යමෙක් යමෙකු කෙරෙහි වනාහි උරෙහි ජාත පුත්‍රයෙකු මෙන් පවතීද හෙතෙමේ ඒකාන්තයෙන් මිත්රයාවේ.
780. “පුරුෂයා පිළිබඳවූ බර උසුලන්නාවූ ඵලයද ආනිශංසයද විඳිනු කැමැත්තේ සතුටුවීමට කරුණුවූ ප්‍රශංසා එළවන්නාවූ සැපය වඩයි.
781. “ධර්ම ප්‍රීති රසය බොන්නේ උසස් විවේක රසයද කෙලෙස් සංසිඳීමෙන් ලැබූ රසයද පානය කොට හෙතෙමේ පහවූ කෙලෙස් පීඩා ඇත්තේ වේ. කෙලෙස් තැවීමෙන් පාප රහිතද වේ.”
3. හිරිජාතකං තතියං.
782. “දැල්වෙන පහනක් ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ කවරෙක් නම් රාත්‍රියෙහි කණාමැදිරියෙකු දැක ගින්නැයි සිතුවේද?
783. “හෙතෙම ගොම කුඩුද තණකොළද ඊට මතුපිටින් දමා විපරීත සංඥාවෙන් (ගින්නක් යැයි සිතා) දල්වාගන්නට නොහැකි විය.
784. “මෙපරිද්දෙන්ම අනුපායයෙන් අර්ථය සොයන මෝඩයා අර්ථය නොලබයි. කිරි නැති අඟින් කිරි දොහන්නට තැත් කරන්නාක් මෙනි.
785. “උපාය දන්නා මානවකයෝ විවිධ උපායයන්ගෙන් අර්ථය ලබති. ඒ සතුරන්ට නිග්‍රහ කිරීමෙන්ද මිතුරන්ට සංග්‍රහ කිරීමෙන්ද වේ.
786. “බලය ලැබීමෙන් සේනාව මුදවාගැනීමද, (රජුට) ප්‍රියයන්ගේ නය මාර්ගයෙන්ද පෘථිවිපාලකයෝ මේ පොළවෙහි වෙසෙත්.”
4. ඛජ්ජොපනකජාතකං චතුත්ථං.
787. “යහළු සුමුඛය, මිදුනේ වීමි. දූ කෙළියෙහි පැරදුනේ අඹ ගෙඩි මට හෙලව. තාගේ වීර්යය අනුභව කරමු.
788. “යහලුව, මට අවිද්‍යමාන ගුණයෙන් ප්‍රශංසා කෙරෙහි එය එකාන්තයෙන් බොරුය කුමක් හෙයින්ද යත්? වානරයෙක් ශොභනවූ මුහුණු ඇත්තේයයි තා විසින් කවර තැනක අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ වේද?
789. “අහිගුණ්ඨිකය, මත්වූ තෝ සයින් පීඩිතවූ මට වැල්පෙට්ටියට ඇතුළුකොට යම් හෙයකින් වේවැලින් පහරගැසීද එය දැනුදු මාගේ සිතෙහි වේ.
790. “ඒ දුක්වූ සයනය සිහි කරන්නාවූ මම ඉදින් රාජ්‍යයද කරවන්නෙහි වී නමුත් ඉල්වන ලද්දෙම් තට එක අඹ ඵලයකුත් නොදෙමි. එසේමැයි භයින් තැති ගත්තේ වෙමි.
791. “පූජ්‍ය කුලයෙහි උපන්නාවූ සුභොජන රසයෙන් මාතෘ ගර්භයෙහි දෝහෝ නොහොත් අලංකෘත සයන ගර්භයෙහි තෘප්තවූ නොමසුරුවූ යමක්හු වනාහි උපදීද, ඔහු සමග යහළුකමද මිත්රභාවයද ප්රාඥාතෙමේ ගැලපීමට සුදුසුයයි” කීයේය.
5. අහිතුණ්ඩිකජාතකං පඤ්චමං.
792. “මී වැනි පැහැ ඇති මී බඳු රස ඇති, මී මෙන් සුවඳ ඇති විෂයක් විය. ගුම්බිය නම් යක්ෂයා තමාට ආහාරයක් සොයන්නේ වනයෙහි විෂ තැබූයේය.
793. “මීයයි සිතන්නාවූ යමක්හු වෙද්ද, ඔව්හු ඒ විෂ කෑවාහුද, ඔවුන්ට ඒ විෂ කටුක විය. එයින් මරණයට පැමිණියාහ.
794. “යම් කෙනෙක් වනාහි නුවණින් සළකා ඒ විෂය දුරුකළාහුද, ඔහු මරණාසන්නවූවන් අතුරෙහි සුවපත් වූහ. විෂයෙන් දවන්නවුන් අතුරෙහි නිවුනාහ.
795. “එපරිද්දෙන්ම මිනිසුන් කෙරෙහි රූපාදී පංච කාමයෝ ඒ ඒ තන්හි බහාලන ලද්දාහු විෂයයි දතයුත්තාහුය. මේ පංච කාම ගුණය ආමිෂයවේ. බන්ධනයවේ. මේ පංච කාම ශරීර නමැති ගුහාවෙහි සයනය කරන්නාවූ මාරයාවේ.
796. “එපරිද්දෙන්ම කෙළෙස් නමැති පරිවාරකයන් ඇති මේ පංච කාම ගුණයන් මරණාසන්නවූ යම් නුවණැති මනුෂ්‍යකෙනෙක් හැමකල්හිම දුරු කෙරෙත්ද, ඔහු ලෝකයෙහි රාගාදීවූ ක්ලෙශයන් ඉක්මෙව්වාහු වෙත්.”
6. ගුම්බියජාතකං ඡට්ඨං.