29. “ඝත නම් රජ, අන්යයෝ ශොක කෙරෙත් හඬත්. අන්ය ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තේ වේ. නුඹ ප්රසන්නවූ මුඛ වර්ණ ඇත්තේ වෙහිය. කවර හෙයකින් ශොක නොකරෙහිද?”
30. “වධකය, ශෝකය ඉකුත්වූ අර්ථය නොඑළවන්නේය. නොපැමිණියාවූ සැපය එළවන්නේ නොවේ. එහෙයින් ශොක නොකරමි. එසේමැයි, ශෝකයෙහි සහාය බවක් නැත්තේය.”
31. “ශොක කරන්නේ පඬුවන් වූයේද කෘශවූයේද වෙයි. ඔහුට බතද රුචි නොවේ. ශොක නමැති හුලෙන් විදින ලද එයින් පෙළෙන්නහුගේ සතුරෝ සතුටු වෙත්.”
32. “ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ වළතැන්හි හෝ නොහොත් ගොඩ තන්හි හෝ මා කරා ඒ ව්යසනය නොඑන්නේය. එපරිද්දෙන් මම දක්නා ලද ධ්යාන පද නොහොත් අෂ්ටලෝක ධර්ම පද ඇත්තෙමි.”
33. “යමෙකුගේ සියලු කැමති සම්පත් රස පමුණුවන්නාවූ අසහායවූ ආත්මය තෙමේ ධ්යාන පමුණුවන්ට සමර්ථ නොවේද, එසේම සියලු පොළොවද ඔහුට සැපය නොම වන්නේය.”
ඝටජාතකං පඤ්චමං.
34. “කාරණ්ඩිය, තනිව වනයෙහි කඳුරැළියෙහි නැවත නැවත ඉක්මන් ස්වභාව ඇත්තේ ගල් දමන්නෙහිය. මෙහිලා තට කවර නම් ප්රයෝජනයෙක්ද?”
35. “මම වනාහි සාගරය විසින් සෙවුනා ලද ඒ මේ පොළොව හස්තතලය මෙන් පාංශු පර්වතයන්ද ගල් පර්වතයන්ද විසුරුවා සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.”
36. “කාරණ්ඩිය, මේ පොළොව තනිවූ මිනිසෙක් හස්තතල වැනි කොට සම කිරීමට හැකි නොවේයයි සිතමි. කඳුරැළිය පිරවීමට උත්සාහ කරන්නේම මේ සත්ව ලෝකය හරින්නෙහියයි හඟිමි.”
37. “බ්රාහ්මණය, ඉදින් මේ එක් මනුෂ්යයෙක් සියලු පොළොව සම කිරීමට සමර්ථ නොවේද, එපරිද්දෙන් නුඹද නොයෙක් දෘෂ්ටි ඇත්තාවූ ඒ මේ මිනිසුන් වසඟ බවට නොපමුණුවන්නෙහිය.”
38. “කාරණ්ඩිය, මිනිසෙකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නොපිළිවන්ද එසේම මනුෂ්යයෝද හික්මවන්නට නොපිළිවන්හයි පින්වතා සුළු වශයෙන් මට වැඩ පිණිස කීයෙහිද, මෙය මෙසේමයයි” කීයේය.
කොරණ්ඩියජාතකං ඡට්ඨං.