14. “බ්රහ්මදත්තය, ක්ෂෙම යයි කියාද සුභික්ෂය කියාද ශරීරයෙහි සැප ඇති බවක් වේද මේ සියල්ල නිත්යයෙන් නොවිය යුතුය. සාගරය මැද බිඳුනාවූ නැව ඇත්තේ අතිශයින් මුළාවූයේම වේද එපරිද්දෙන් වස්තු විනාශයෙහිද මුළා වන්නේයයි කීහු.”
15. “පුරුෂතෙමේ යම් ක්රියාවන් කෙරේද ඒ ක්රියාවන් තමා කෙරෙහි දක්නේය. යහපත කරන්නේ යහපතක්ම දක්නේය අයහපත කරන්නේ අයහපතක් දක්නේය. ඒ එසේමැයි යම්බඳු බිජුවටක් වපුරාද එබඳුවූ ඵලයක් ලබන්නේය.”
16. “යම්බඳුවූ පාපයක් කරණ ලදද, එය පසුව තවන්නේය. එසේහෙයින් තෝ පාපයක් නොකරවයි එකල්හි පාරාසරිය නම් ඇදුරුතෙමේ යමක් කීයේද, මෙය ආචාරීන්ගේ වචනයයි.”
17. “පිංගිය නම් බමුණ, යම් ගසක් මුල ක්ෂත්රියයන් සම්බන්ධවූ සැරසුණාවූ සඳුන් කල්ක ගැල්වූ දහසක් දෙනා විනාශ කරවීම්ද පතළාවූ අතුපතර ඇති ඒ මේ නුග ගසම එම දුක මා කරා නැවත පමුණුවන ලදී.”
18. “සඳුන් කල්ක ගල්වන ලද ශරීරාවයව ඇත්තාවූ සාමාවද මුරුංගා ගසක උඩට නැගුණාවූ යෂ්ටියක් මෙන් බබලන්නාවූ උබ්බරී නම් මාගේ බිසොව නොදැකම කළුරිය කරන්නෙමි. එය මට මේ මරණ දුකට වඩා ඉතා දුක වන්නේයයි” කීයේය.
වෙනසාඛජාතකං (ධොනසාඛජාතකං (ක. සී. පී.)) තතියං.
19. “දිරුවාවූ සැවය සර්පයා මෙන් ස්වකීය ශරීරය හැරදමායේද, එපරිද්දෙන් සිරුර ජීවිතෙන්ද්රිය නැති හෙයින් ප්රයෝජන ගත නොහැකි කල්හි පරලොව ගිය කල්හි කළුරිය කළ කල්හි (හැඬීමෙන් කවර ප්රයෝජනද?)”
20. දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද එහෙයින් මෝහට ශෝක නොකරමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද, ඒවූ පරිද්දෙන් හෙතෙමේ ගියේය.
21. “මා විසින් නොකැඳවන ලද්දේ එලොවින් මෙලොවට ආයේය. මෙයින්ද මා විසින් නොඅනුදන්නා ලදුව ගියේය. යම් සේ නොකැඳවා ආයේ ද එසේම නොඅනුදැන ගියේය. එහිලා කවර නම් හැඬීමක්ද,”
22. “හුලෙන් ඇන දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද, එහෙයින් මෙයට ශොක නොකරමි. ඔහුගේ ගතිය යම්සේද එපරිද්දෙන් හෙතෙමේ ගියේය.”
23. “ඉදින් හඬන්නෙම් නම් කෘෂවූවා වන්නෙමි. ඒ හඬන්නාවූ මට කවර ප්රයෝජනයක් වන්නේද? අපගේ නෑයෝ මිත්රයෝය. යහළුවෝය යන මොවුන්ගේ නොඇල්ම රතිය වැඩියක් වන්නේය.”
24. “දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද එහෙයින් මෙයට ශොක නොකරමි. ඔහුගේ ගතිය යම්සේ වීද එසේ හෙතෙමේ ගියේය.”
25. “යම්සේ ලදරුවෙක් අහසෙහි ගමන් කරන්නාවූ චන්ද්රයා දැක ඉල්වා හඬයිද, යමෙක් පරලොව ගියහුට ශොක කෙරේද, මේ කාරණය මෙබඳුවූ පහලවීම් ඇත්තේයි.”
26. “දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද, එහෙයින් මෙයට ශොක නොකරමි. ඔහුගේ ගතිය යම් බඳුවීද, එසේ හෙතෙමේ පරලොව ගියේය.”
27. “බ්රහ්මය යම්සේත් බිඳුනාවූ දිය කළය නැවත නොගැලපිය හැක්කේය. එපරිද්දෙන් යමෙක් පරලොව ගියහුට අනුව ශොක කෙරේද, මේ කාරණය මෙබඳු නිෂ්පත්ති ඇත්තේයයි” කීයේය.
28. “දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද, එහෙයින් මෙයට ශොක නොකරමි. ඔහුගේ ගතිය යම් බඳුවීද, එසේ හෙතෙමේ පරලොව ගියේය.”
උරගජාතකං චතුත්ථං.
29. “ඝත නම් රජ, අන්යයෝ ශොක කෙරෙත් හඬත්. අන්ය ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තේ වේ. නුඹ ප්රසන්නවූ මුඛ වර්ණ ඇත්තේ වෙහිය. කවර හෙයකින් ශොක නොකරෙහිද?”