“රථාචාර්යය, ස්ත්රීන් කෙරෙහිද මොවුන් දෙදෙනාගේ සමාන බවක් නොමැත. ගොදුරුවලද, සමාන බවක් නැත්තේය. එතකුදු වුවත් මේ මිත්ර භෙද කරන්නාවූ දුෂ්ට හිවලාගේ යම්තාක් මනාකොට කරණ ලද සිතිවිල්ල බලව.
“ප්රිය ශුන්යව පවත්නා යම් තැනෙක්හි වෘෂභයාද සිංහයාද, සිවල්ලු කත්ද, මාංශයෙහි තියුණුවූ කඩුවක් මෙන් ප්රිය ශුන්ය වචනය මිත්රභාවය පෙරළයි.
“රථාචාර්යය, යම් මේ දෙදෙනාගේ මර නින්ද දක්නෙහිද, එපරිද්දෙන් මිත්ර භෙද කරන්නාවූ කේලාම් කියන්නහුගේ වචනය යමෙක් දනීද, හෙතෙම මෙබඳුවූ මරනින්දෙහි නිදයි.
“රථාචාර්යය, මිත්රභෙද කරන්නහුගේ වචනය යම් කෙනෙක් පිළිනොගනිද්ද, ඒ ජනයෝ ස්වර්ගයට ගියාවූ මිනිසුන් මෙන් සැපය වඩත්යයි” කීයේය.
9. සන්ධිභෙද ජාතකය.
“රාජය, පා වලින්ද ගසයි. මුහුණටද පහර දෙයි. ඒකාන්තයෙන් හෙතෙම ප්රියවේ. එයින් කවරෙකු දන්නෙහිද,
“රජ්ජුරුවෙනි, කැමති පරිද්දෙන් ආක්රොශ කෙරෙයි. ඔහුට ආක්රොශ පැමිණීමද නොකැමතිවේ. ඒකාන්තයෙන් හෙතෙම ප්රියයෙක්වේ. ඒ කාරණයෙන් ඔහු කවරෙකුයයි දන්නෙහිද,
“රජ්ජුරුවෙනි, නොවූ දෙයින් පහත්කොට කියයි. බොරුවෙන් සිහිකරවන්නේය. ඒකාන්තයෙන් හෙතෙම ප්රියයෙක්වේ. ඒ කාරණයෙන් ඔහු කවරෙකුයයි දක්නෙහිද,
“දේවයෙනි, ආහාරයද, පානයද ගෙණ යන්නාවූ වස්ත්රද සයනාසනද ඒකාන්තයෙන් හැරගෙණ යන්නාවූ ඔව්හු ඒකාන්තයෙන් ප්රියවෙත්. ඒ කාරණයෙන් ප්රියවන්නහු කවරෙකුයයි දක්නෙහිදැයි” කීයේය.
10. දෙවතාපඤ්හ ජාතකය.
චූළකුණාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
නරානං, අසක්ඛි, වසිම්භ, වර, නීලිය, අග්ගි සහ තවද වර, රස, අයකූට, අරඤ්ඤ, සාරථි, හන්ති යැයි දසයකි.
චතුක්කනිපාතං නිට්ඨිතං.
එහි වර්ග උද්දානය:
විවර, පුචිමන්ද, කුටිදූස, බහුහාණක සහ මනාව ප්රකාශිත පස්වැනි චූළකුණාල වර්ගයයි.