“රාජය, පා වලින්ද ගසයි. මුහුණටද පහර දෙයි. ඒකාන්තයෙන් හෙතෙම ප්‍රියවේ. එයින් කවරෙකු දන්නෙහිද,
“රජ්ජුරුවෙනි, කැමති පරිද්දෙන් ආක්‍රොශ කෙරෙයි. ඔහුට ආක්‍රොශ පැමිණීමද නොකැමතිවේ. ඒකාන්තයෙන් හෙතෙම ප්‍රියයෙක්වේ. ඒ කාරණයෙන් ඔහු කවරෙකුයයි දන්නෙහිද,
“රජ්ජුරුවෙනි, නොවූ දෙයින් පහත්කොට කියයි. බොරුවෙන් සිහිකරවන්නේය. ඒකාන්තයෙන් හෙතෙම ප්‍රියයෙක්වේ. ඒ කාරණයෙන් ඔහු කවරෙකුයයි දක්නෙහිද,
“දේවයෙනි, ආහාරයද, පානයද ගෙණ යන්නාවූ වස්ත්‍රද සයනාසනද ඒකාන්තයෙන් හැරගෙණ යන්නාවූ ඔව්හු ඒකාන්තයෙන් ප්‍රියවෙත්. ඒ කාරණයෙන් ප්‍රියවන්නහු කවරෙකුයයි දක්නෙහිදැයි” කීයේය.
10. දෙවතාපඤ්හ ජාතකය.
චූළකුණාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
නරානං, අසක්ඛි, වසිම්භ, වර, නීලිය, අග්ගි සහ තවද වර, රස, අයකූට, අරඤ්ඤ, සාරථි, හන්ති යැයි දසයකි.
චතුක්කනිපාතං නිට්ඨිතං.
එහි වර්ග උද්දානය:
විවර, පුචිමන්ද, කුටිදූස, බහුහාණක සහ මනාව ප්‍රකාශිත පස්වැනි චූළකුණාල වර්ගයයි.