576. “වසන්ත කාලයෙහි රක්තවූ ස්වභාව ඇති කරවේරයන් අතරෙහිදී තෝ යම් බඳුවූ සාමානම් ස්ත්‍රිය, බාහුයෙන් පෙළුෑයෙහිද, හෝ තොමෝ තට නිරෝගබව කීයේය.
577. “පින්වත, යම් වාතයෙක් පර්වතය තණ පතක් මෙන් ගෙණ යන්නේද, එය නොඇදහිය යුතුමය. ඉදින් වාතය තෙම පර්වතය ගෙණ යන්නේ නම් සියලු පොළොවද ගෙණ යන්නේය. යම් තැනෙක්හි සාමා තොමෝ කළුරිය කළාද, ඕතොමෝ මට නිරෝග බව කීය. (යනුද එසේ මැයි)
578. “සාමාතොමෝ නොම කළුරිය කළාය. ඕතොමෝ අනිකෙකු නොකැමැතිවේ. ඒක භක්තිනීවූ සාමාතොමෝ තා ම ප්‍රාර්ථනා කෙරේ.
579. “සාමාතොමෝ සංසර්ගයක් නොකළාවූ අභිනවවූ මා වෙතට බොහෝ කලක් කරණ ලද සංසර්ග ඇත්තාවූ ස්ථිර ඒ ස්වාමියා කෙරෙන් වෙනස්විය. සාමාතොමෝ මා කෙරෙනුදු අනිකෙකු පාවා ගන්නේය. එහෙයින් මෙයින් ඉතා දුරට ම යන්නෙමියි” කීයේය.
කණවෙරජාතකං අට්ඨමං.
580. “වහන්ස, ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමි. අනුභව කිරීමටද, ලබමි. එතෙකුදු වුවත් උපද්‍රවයෙහි සිටිමි. එසේවූ මට කවර ගතියක් වේද?
581. “පක්ෂිය, තාගේ සිතද පාපකර්මයට නොනැමේ. පාපකර්මයෙහි නොයෙදෙන්නාවූ යහපත්වූ තට පාපය නොඇලේ.
582. “අපගේ නෑයෙක් හුන්නේයයි බොහෝවූ පක්ෂි ජනයා එයි. මා නිසා හෙතෙම ප්‍රාණඝාත කර්මය ස්පර්ශ කරන්නේය. එහි මාගේ සිත සැක කෙරේ.
583. “ඉදින් තාගේ සිත දූෂ්‍ය නොවේ නම් තා නිසා ප්‍රාණඝාත කර්මය ස්පර්ශ නොකෙරේ. එසේ මැයි. පව් කිරීමෙහි උත්සාහ නැත්තාවූ යහපත්වූවහුට පාපය නොඇලේයයි” කීයේය.
තිත්තිරජාතකං නවමං.
584. “පර්වතය, වචන මාත්‍රයෙන් නොදෙන්නේ ඒකාන්තයෙන් දෙන්නට පුළුවන් දෙය නුදුන්නේය. වචන මාත්‍රයෙන් පර්වතය දෙන්නාවූ ඔහුට කවර හානියෙක්ද, එතෙකුදු වුවත් වචනයෙන් පර්වතය නුදුන්නේය.
585. “යමක් වනාහි කරන්නේද, එයම කියන්නේය. යමක් නොකරන්නේ නම් එය නොකියන්නේයි කයින් දානාදී ක්‍රියා නොකරන්නාවූ බොරුකියන්නහු පණ්ඩිතයෝ දැනගණිත්.
586. “රාජ පුත්‍රය, සත්යවචනයෙහිද ස්වභාව ධර්මයෙහිද, පිහිටියේ වෙහිය. යම්බඳුවූ තාගේ ව්‍යසනයට පැමිණියාවූ සිත සත්‍යවචනයෙහි ඇලේද, එහෙයින් තට නමස්කාර වේවා.
587. “යම් ස්ත්‍රියක් තොමෝ දිළිඳුවූ ස්වාමියාට තොමෝත් දිළිඳු භාර්යාවද, ධනවත් ස්වාමියාට තොමෝත් ධනවත් භාර්යාවද, කීර්තිමත්වූ ඕතොමෝ වනාහි මොහුගේ උතුම්වූ භාර්යාවවේ. ඔව්හු හිරණ්යාදී සම්පත් ඇත්තහුට ස්ත්‍රීහු වෙත්මැයි.” කීයේය.
සුච්චජජාතකං දසමං.
පුචිමන්දවග්ගො දුතියො.
එහි උද්දානය:
ඉක්බිති චොර ද, කස්සප ද, වර ඛන්ති ද, දුජ්ජිවිතතා ද, වර ඵරුසා ද, ඉක්බිති සස ද, මත ද, වසන්තසුඛ ද, සුච්චජ ද, නච්චජිතා ද (යන මේ ජාතකයෝ) දස දෙනෙකි.