580. “වහන්ස, ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමි. අනුභව කිරීමටද, ලබමි. එතෙකුදු වුවත් උපද්රවයෙහි සිටිමි. එසේවූ මට කවර ගතියක් වේද?
581. “පක්ෂිය, තාගේ සිතද පාපකර්මයට නොනැමේ. පාපකර්මයෙහි නොයෙදෙන්නාවූ යහපත්වූ තට පාපය නොඇලේ.
582. “අපගේ නෑයෙක් හුන්නේයයි බොහෝවූ පක්ෂි ජනයා එයි. මා නිසා හෙතෙම ප්රාණඝාත කර්මය ස්පර්ශ කරන්නේය. එහි මාගේ සිත සැක කෙරේ.
583. “ඉදින් තාගේ සිත දූෂ්ය නොවේ නම් තා නිසා ප්රාණඝාත කර්මය ස්පර්ශ නොකෙරේ. එසේ මැයි. පව් කිරීමෙහි උත්සාහ නැත්තාවූ යහපත්වූවහුට පාපය නොඇලේයයි” කීයේය.
තිත්තිරජාතකං නවමං.
584. “පර්වතය, වචන මාත්රයෙන් නොදෙන්නේ ඒකාන්තයෙන් දෙන්නට පුළුවන් දෙය නුදුන්නේය. වචන මාත්රයෙන් පර්වතය දෙන්නාවූ ඔහුට කවර හානියෙක්ද, එතෙකුදු වුවත් වචනයෙන් පර්වතය නුදුන්නේය.
585. “යමක් වනාහි කරන්නේද, එයම කියන්නේය. යමක් නොකරන්නේ නම් එය නොකියන්නේයි කයින් දානාදී ක්රියා නොකරන්නාවූ බොරුකියන්නහු පණ්ඩිතයෝ දැනගණිත්.
586. “රාජ පුත්රය, සත්යවචනයෙහිද ස්වභාව ධර්මයෙහිද, පිහිටියේ වෙහිය. යම්බඳුවූ තාගේ ව්යසනයට පැමිණියාවූ සිත සත්යවචනයෙහි ඇලේද, එහෙයින් තට නමස්කාර වේවා.
587. “යම් ස්ත්රියක් තොමෝ දිළිඳුවූ ස්වාමියාට තොමෝත් දිළිඳු භාර්යාවද, ධනවත් ස්වාමියාට තොමෝත් ධනවත් භාර්යාවද, කීර්තිමත්වූ ඕතොමෝ වනාහි මොහුගේ උතුම්වූ භාර්යාවවේ. ඔව්හු හිරණ්යාදී සම්පත් ඇත්තහුට ස්ත්රීහු වෙත්මැයි.” කීයේය.
සුච්චජජාතකං දසමං.
පුචිමන්දවග්ගො දුතියො.
එහි උද්දානය:
ඉක්බිති චොර ද, කස්සප ද, වර ඛන්ති ද, දුජ්ජිවිතතා ද, වර ඵරුසා ද, ඉක්බිති සස ද, මත ද, වසන්තසුඛ ද, සුච්චජ ද, නච්චජිතා ද (යන මේ ජාතකයෝ) දස දෙනෙකි.
3. කුටිදූසක වර්ගය
“වානරය, තාගේ හිසද හස්ත පාදයෝද මනුෂ්යයෙකුගේ මෙනි. එසේ ඇති කල්හි කවර නම් ආකාරයකින් තට ගෙයක් නැත්තේද?
“සිංගිල නම් පක්ෂිය (මලිතිය) මාගේ හිසද හස්තපාදයෝද මනුෂ්යයෙකුගේ මෙනි. එතෙකුදුවුවත් මනුෂ්යයන් කෙරෙහි යමක් උතුම්යයි කියත්ද? ඒ ප්රඥාව මට නැත්තේය.
“එක් අරමුණෙක්හි නොපවත්නා සිත් ඇත්තාවූ වහා පෙරළෙන සිත් ඇති මිත්රද්රොහීවූ අස්ථිර ස්වභාව ඇත්තහුට නිරන්තරයෙන් සැප බවක් නැත්තේය.
“වානරය, ඒ තෝ ප්රඥාව ලබන උපායක් කරව දුස්සීලභාවය දුරුකරව, සීතල හා සුළඟින් ආරක්ෂාව ඇති කුටිකාවක් කරගනුව,”
කුටිදූසක (සිඞ්ගාලසකුණ (ක.)) ජාතකං පඨමං.
“තට යහපතක් වේවා, මම යම් පෙදෙසෙක්හි වාසය කෙරෙම්ද, එතැන්හි දද්දභ යන ශබ්ද කෙළේය. මෙය මමද නොදනිමි. කුමක් හෙයින් මේ දද්දභ යන ශබ්දය ඇසුනේද,
“සාවා දද්දභයයි මෙසේ ශබ්ද කළ වැටුනාවූ බෙලිගෙඩියක් අසා දිව්වේය. සාවාගේ වචනය අසා තැති ගත්තාවූ මෘගසේනාවද දිව්වේය.
“බාහිර ඝොෂාවට අනුව යන සුලුවූ අනුන්ගේ කීම උතුම් කොට ඇති ඒ අඥානයෝ ඤාණ පදවියට හෙවත් ශ්රොතාපත්ති ඥාන භාවයට පැමිණෙනතුරුම අනුන්ගේ බස් උතුම් යයි අදහන්නාහු වෙත්.
“යම් ප්රාඥකෙනෙක් ආර්යවූ ශීලයෙන් යුක්තවූවාහු මාර්ග ඥානයෙන් කෙලෙසුන් සංසිඳීමෙහි ඇලුනාහු පාපයන්හි නොඇලුනාහු වෙත්ද? ඔවුහු අනුන්ගේ වචන අදහන්නෝ නොවෙත්.”
දුද්දුභජාතකං (දද්දභජාතකං (සී. පී.)) දුතියං.
“බ්රහ්මදත්ත නම් රජ, යාඥා කරන්නේ නොලැබීමට හෝ වස්තුව ලැබීමට හෝ මේ දෙකට පැමිණේ. එසේමැයි. යාඥාව නම් මෙබඳු ස්වභාව ඇත්තීමැයි.
“පඤ්චාල දෙශවාසීන්ගේ රාජොත්තමය, යාඥාව හැඬීමකැයි පුරාතනයෝ කීහ. යමෙක් වනාහි ඉල්ලීම බැහැර කෙරේද? එය නැවත නැවත හැඬීමයයි කීහ.
“එහෙයින් රැස්වූ පඤ්චාල නම් රට වැස්සෝ හඬන්නාවූ මාද, නැවත හඬන්නාවූ තාද, නොදකිත්වායි මම රහස් කැමැත්තෙමි.