536. “මෘගරාජය, යම් අපගේ බලයෙක් වීද, ඒ බලයවූ පරිද්දෙන් තොපට කටයුතු කෙළෙමු. තොපට නමස්කාර වේවා කිසිවක් ලබමුද?”
537. “රෞද්‍රවූ ක්‍රියාවන් කරන්නාවූ අනුන්ගේ ලේ මස් කන්නාවූ මාගේ දත් අතරට ගියාවූම තෝ යම් හෙයකින් වනාහී ජීවත් වන්නෙහිද, එයම තට අධිකවේ.
538. “කළ ගුණ නොදන්නාවූ කිසි උපකාරයක් නොකරන්නාවූ උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නොකරන්නාවූ පුද්ගලයෙක්වේද, යම් පුද්ගලයෙකු කෙරෙහි කළගුණ දන්නා බවක් නැද්ද, එබඳු වූවහුගේ සේවණය කිරීම නිරර්ථකවේ.
539. “යමෙකුගේ අභිමුඛයෙහි කරණ ලද ගුණයෙන් මිත්‍ර ධර්මය නොලැබේද, ඔහුට ඊර්ෂ්‍යා නොකොට නොබැන සෙමින් ඔහු කෙරෙන් ඉවත්ව යන්නේයයි” කීයේය.
සකුණජාතකං අට්ඨමං.
540. “මේ සියල්ල ලාමකය. යමෙකුත් මොහු හදාරවාද, යමෙක් වනාහී ධර්මය හදාරාද, මේ දෙදෙන පුරාතන ධර්මය නොබලත්. දෙදෙනාම ප්‍රකෘති ධර්මයෙන් චුතවූහ.
541. “පවිත්‍රවූ මාංශ රසයෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කරමි. එහෙයින් බුද්ධාදීන් විසින් සේවණය කරණ ලද මේ ධර්මය සේවනය නොකෙළෙමි.
542. “මෙයින් අන් තැනකට යව, ලෝකය මහත්වේ. සෙසු සත්වයෝද පිසත්. හැසිරෙන ලද මේ අධර්මය. නුඹ ගලෙන් කළයක් බිඳින්නාක් මෙන් නොබිඳීවා.
543. “බමුණ ඒ යසස් ලාභයටද, වස්තු ලාභයටද, අපායෙහි වැටෙන පරිද්දෙන් හෝ අධර්මචර්යාවෙන් හෝ යම් පැවැත්මක් ඇද්ද, එයට නින්දාවේවායි” කීයේය.
ඡවකජාතකං නවමං.
544. “සමුද්‍රය පිරිවරා සිටි චක්‍රවාට පර්වතය හා සමග සාගරයට කුණ්ඩලාභරණයක් වැනිවූ මහ පොළොව නින්දා සහිතව නොකැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.”
545. “බමුණ, යසස් ලැබීමටද වස්තු ලැබීමටද අපායෙහි වැටෙන පරිද්දෙන් අධර්මයෙහි හැසිරීමෙන් හෝ යම් පැවැත්මක් වේ නම් එයටද නින්දා වේවා.
546. “ඉදින් පාත්‍රයක් ගෙණ ගෘහ රහිතවූයේම, සිඟා ඇවිදිනෙම්ද, අධර්මයෙන් යම්බඳු සෙවීමක් ඇද්ද, මට වඩා ඒ සිඟා ඇවිදීමෙන් වන ජීවිකාවම උතුම් වේ.
547. “ලෝකයෙහි අනිකෙකු නොවෙහෙසමින් ඉදින් පාත්‍රයක් ගෙණ ගෙවල් නැත්තේම සිඟා ඇවිදින්නෙම් නම් එය රාජ්‍යයටත් වඩා උතුම් යයි” කීයේය.
සෙය්‍යජාතකං (සය්හජාතකං (සී. ස්‍යා. පී.)) දසමං.
කාලිඞ්ගවග්ගො (විවරවග්ගො (සී. පී.)) පඨමො.
එහි උද්දානය:
විවර ද, අදෙය්‍ය ද, වර සමිද්ධ ද, ඉක්බිති දද්දර ද, පාප ද, මහා අතිරහො ද, ඉක්බිති කොලි ද, පලාස ද, අර ද, චරිම ද, සසමුද්දවරෙන ද (යන මේ ජාතකයෝ) දස දෙනෙකි.