512. “නොදිය යුත්තන් කෙරෙහි දානය දෙන්නේද දියයුත්තන් කෙරෙහි නොදෙන්නේද, එබඳු පුරුෂයා ආපදාවන්හි ව්‍යසනයට පැමිණියේ යහළුවෙකු නොලබයි.
513. “නොදියයුත්තන් කෙරෙහි දානය නොදෙන්නේද, යමෙක් දීමට සුදුස්සන් කෙරෙහි දේද, හෙතෙම විපත්වලදී ව්‍යසනයට පැමිණියේ ව්‍යසනයෙන් ගලවන්නට සුදුසු යහළුවෙකු ලබන්නේය.
514. “එසේමැයි අනාර්ය ස්වභාව ඇති කෛරාටිකයන් කෙරෙහි කරණ ලද, යම් එක්වීමක් ඇද්ද? යම් එක්ව කටයුතු කිරීමක් ඇද්ද, යම් විශේෂ දර්ශනයක් ඇද්ද ඒ සියල්ලම දියේ ඇඳි ඉරක් මෙන් වහා නස්නේය. එබඳුවූ පිරිසිදුවූ පුද්ගලයන් කෙරෙහිද ඇදනැති මාර්ගයන්හිද කරණලද උපකාරය ස්වල්ප නමුත් මහත් ඵලවේ.
515. “යමෙක් පළමුව කරණලද යහපත ඇත්තේද, හෙතෙම ලෝකයෙහි කරන්ට දුෂ්කරවූවක් කෙළේය. පසුව උපකාර කරන්නේ හෝ නොකරන්නේ හෝ අතිශයින්ම පූජාවට සුදුස්සෙක් වේයයි” කීයේය.
මහාඅස්සාරොහජාතකං දුතියං.
516. “ඒකරාජය නිරුත්තරවූ සමෘද්ධවූ පඤ්චකාම ගුණයන් අනුභවකොට පෙරවිසූයෙහිය. හේ නුඹ දැන් දුර්ගමවූ නරකයෙහි හෙවත් වළෙහි බහාලන ලද්දේ පැරණිවූ වර්ණය හා බලය නොහරින්නේය.
517. “දබ්බසේනය, මා විසින් පූර්වයෙහිම ක්ෂාන්තියද තපසද, ප්‍රාර්ථනා කරණ ලදී. රාජය, දැන් එය ලදින් මම පැරණිවූ වර්ණය හා බලය කෙසේනම් දුරුකරන්නෙම්ද?
518. “යසස් ඇත්තාවූ ප්‍රඥාවන්තය, නොඉවසිය හැකි දුක් ඉවසන තැනැත්ත, සියල්ලම මා විසින් පෙරම නිමවන ලදහ. පෙර නොවූ උදාරවූ යශසද ලදින් මෛත්‍රී ධ්‍යානය ලදින් පුරාතනවූ වර්ණය හා බලය දුරු නොකරන්නෙමි.
519. “නොඉවසිය හැකි දුක ඉවසන සුළුවූ ජනේන්‍ද්‍රය, දුකින් සැපය දුරුකොට සැපයෙන් හෝ දුක දුරුකොට සත්පුරුෂයෝ දෙතැන්හිම නිවුනාවූ සිත් ඇත්තාහ. සුවයෙහිද දුකෙහිද සමානවූවෝ වෙත්යයි” කීයේය.
එකරාජජාතකං තතියං.
520. “දද්දරය, මනුෂ්‍ය ලෝකයෙහි මැඩියන් කන්නේය, දිය කෙළවර සේවනය කරන්නේයයි, මේ නපුරුකොට කියනලද වචනයෝ විෂ ඇති මා තවත් ගමෙහි විෂ නැතිසේ කුඩා කොල්ලෝ ආක්‍රොෂ කෙරෙත්.