516. “ඒකරාජය නිරුත්තරවූ සමෘද්ධවූ පඤ්චකාම ගුණයන් අනුභවකොට පෙරවිසූයෙහිය. හේ නුඹ දැන් දුර්ගමවූ නරකයෙහි හෙවත් වළෙහි බහාලන ලද්දේ පැරණිවූ වර්ණය හා බලය නොහරින්නේය.
517. “දබ්බසේනය, මා විසින් පූර්වයෙහිම ක්ෂාන්තියද තපසද, ප්‍රාර්ථනා කරණ ලදී. රාජය, දැන් එය ලදින් මම පැරණිවූ වර්ණය හා බලය කෙසේනම් දුරුකරන්නෙම්ද?
518. “යසස් ඇත්තාවූ ප්‍රඥාවන්තය, නොඉවසිය හැකි දුක් ඉවසන තැනැත්ත, සියල්ලම මා විසින් පෙරම නිමවන ලදහ. පෙර නොවූ උදාරවූ යශසද ලදින් මෛත්‍රී ධ්‍යානය ලදින් පුරාතනවූ වර්ණය හා බලය දුරු නොකරන්නෙමි.
519. “නොඉවසිය හැකි දුක ඉවසන සුළුවූ ජනේන්ද්‍රය, දුකින් සැපය දුරුකොට සැපයෙන් හෝ දුක දුරුකොට සත්පුරුෂයෝ දෙතැන්හිම නිවුනාවූ සිත් ඇත්තාහ. සුවයෙහිද දුකෙහිද සමානවූවෝ වෙත්යයි” කීයේය.
එකරාජජාතකං තතියං.
520. “දද්දරය, මනුෂ්‍ය ලෝකයෙහි මැඩියන් කන්නේය, දිය කෙළවර සේවනය කරන්නේයයි, මේ නපුරුකොට කියනලද වචනයෝ විෂ ඇති මා තවත් ගමෙහි විෂ නැතිසේ කුඩා කොල්ලෝ ආක්‍රොෂ කෙරෙත්.
521. “ස්වකීයවූ රටින් නෙරපන ලද්දේ අනික් ජනපදයකට ගියේ නපුරුකොට කී වචනයන්ගේ නිධානය පිණිස මහත්වූ කොටුවක් කරන්නේයි.
522. “යම් තැනෙක්හි පුරුෂයා ජාතියෙන්ද, විනයයෙන්ද නොහඳුනත්ද, හෙතෙම තමාගේ තොරතුරු නොදන්නා ජනයා කෙරෙහි වන්නේ එහිදී මාන්නයක් නොකරන්නේයි.
523. “විදෙශයෙහි වාසය කරන්නාවූ නුවණැත්තාවූ ගින්න හා සමානවූවෙකු විසිනුදු දාසයෙකුගේද තර්ජනය ඉවසිය යුතුයයි” කීයේය.
දද්දරජාතකං චතුත්ථං.
524. “පාප කර්මය කරන්නාහට ලෝකයෙහි රහසක් නම් නැත්තේය. කුමක් හෙයින්ද යත්, වන දෙවතාවෝ බලත් අඥානතෙම එය රහසකැයි සිතයි.
525. “මම පව් කිරීමට රහස් තැනක් නොදනිමි. මිනිසුන් නැතිතැනකුදු නැත්තේය. යම් තැනෙක්හි අනික් මිනිසුන් නැති තැනක් නොදකිම්ද එබඳුවූ ස්ථානය ජනශුන්‍ය නොවේයයි මා විසින් කියන ලදී.
526. “දුජ්ජච්ච නම් ශිෂ්‍යයාද අජච්ච නම් ශිෂ්‍යයාද නන්ද නම් ශිෂ්‍යයාද ශුඛවච්ඡ නම් ශිෂ්‍යයාද වෙජ්ජ නම් ශිෂ්‍යයාද අද්ධුවශීල නම් ශිෂ්‍යයාද යන වැඩකැමති ඔව්හු ස්ත්‍රී ලැබීම නම්වූ ස්වභාවය අත්හැරියාහුය.
527. “ඔවුන් කෙරෙන් පිටත් ශීල සම්පන්න බ්‍රාහ්මණයා ඒ ස්ත්‍රී ප්‍රතිලාභය කෙසේ හරින්නේද, එසේමැයි, යමෙක් සියලු ධර්මයන්ගේ එතෙරට ගියේද, ධෛර්ය්ය ඇත්තේද, සත්‍යවූ ධර්මයෙහි වීර්යයෙන් යුක්තද, හෙතෙම උතුම් ගුණ ධර්මය රක්ෂා කෙරේයයි” කීයේය.
සීලවීමංසනජාතකං පඤ්චමං.
528. “දෙවයෙනි, රන් තැටියෙහි බහාලන ලද රක්ත වර්ණවූ මනොඥවූ මොහු කිනම් බිජුවට වෙද්ද, හෙවත්, කිනම් ගෙඩිද, ඔවුන් මා විසින් විචාරණ ලද්දේ කියව.”
529. “දේවිය, හිස මුඩුකොට කඩපිළිහඳනාවූ තී පෙර යම් ඵල කෙණෙකුන් ඔඩොක්කුවෙහි තබන ලද අත් ඇතිව කඩා රැස් කෙළෙහිද, එසේවූ තීගේ කුල සතුවූ ඩෙබර ඵලවේ.
530. “උසස්කොට දවන්නේය. මෙහි සිත් නොඇළෙයි. රාජ සම්පත්තීහු භාග්‍ය නැත්තාවූ ඈ දුරු කෙරෙත්. යම් තැනෙක්හි ඩෙබර කඩා එකතු කෙරේද, එහිම මෑ නැවත ගෙණ යව්.”