460. සත් හවුරුද්දක් මැණික් ගුහායෙහි තිසක් පමණ දෙන විසුවෙමු. මාණික්‍යයා ගේ ශොභාව නසම්හයි අප විසින් මන්ත්‍රණය කරණ ලද්දේ විය.
461. මැණික යම් යම්තාක් යමක්උලා ශුද්ධකරමුද, වැඩි වැඩියෙන් බබලයි. බමුණ, නුඹ විචාරමු මේ කාරණයෙහි කටයුත්ත කුමකැයි සිතන්නෙහිද?
462. මේ මැණික වෛදූර්ය ජාතිය වෙයි. කර්කෂ නොවේ. නිර්මලය. සුභය, එහෙයින් මේ මාණික්‍යරත්නයාගේ සොභාව නසන්නට නොපිළිවන. ශූකරයිනි බැහැරයවු යයි.
5. මණිසූකරජාතකං.
463. සාලුක නම් ශූකරයාගේ ස්වභාවය. කැමතිනොවෙව, හෙතෙම මරණයට කරුණුවූ ආහාරයන් අනුභව කරයි. එහි නිරුත්සාහ වූයේ බොල් මිශ්‍රවූ රොඩු අනුභව කරව. මෙය දීර්ඝායුෂ ඇතිවීමට කරුණුවේ.
464. දැන් ඒ විවාහයෙන් යුක්ත පුරුෂයා සේවකයන් හා යුක්තවූයේ අමුත්තෙක්ව මෙහි පැමිණ සිටීද, එකල්හි මොහොලකට බඳු උඩුතොල ඇති මරණ පිණිස හෝනාවූ සාලුක නම් ශූකරයා දක්නෙහිය.
465. මොහොලටබඳු උඩුතොල ඇති කපනලදුව හෝනාවූ හූරා දැක ගොන්නු අපගේ බොල් මිශ්‍රවූ රොඩු ආහාරයම උතුම්යයි සිතූහ.
6. සාලුකජාතකං.
466. උමතු නුවූයේ කේලාම් නොකියන්නේ නෘත්‍ය නොකරන්නේ කලබල නැත්තෝ අඥානයන් කෙරෙහි ලාභය නොලබයි. තට මෝතොමෝ අපගේ ලාභානුශාසනායි.
467. බමුණ, යශස් ලැබීමටද, ධනය ලැබීමටද, තම විනාශවන පරිද්දෙන් හෝ අධර්මයෙහි හැසිරීමෙන් හෝ සම්භවන යම් වෘත්තියක් ඇද්ද, එයට නින්දා වේවා.
468. ඉදින් පාත්‍රයකුදු ගෙණ ගෘහ නැත්තේ පැවිදිව හැසිරෙන්නේද, අධර්මයෙන් යම් ජීවිකාවෘත්ති සෙවීමකුත් ඇද්ද, ඊට වඩා මේ භික්ෂාවෙන් වන දිවි පැවැත්වීමම උතුම්වේ.
7. ලාභගරහජාතකං.
469. මත්ස්‍යයෝ දහසකට වඩා අගිත්යයි යමෙක් මේ කාරණය අදහන්නේද, එසේ වූවෙක් නැත. මාගේද මෙහිලා මසුරන් සතක් වූහ. මමද ඒ මස්වැල මසුරන් සතක්දී ගත්තෙමි.
470. මත්ස්‍යයන්ට ආහාරයදී මට පින් අනුමෝදන් කෙළේය. තා විසින් අනුමෝදන් කරණලද ඒ පින සිහිකරන්නාවූ මා විසින් තාගේ ධනය රක්නාලදී.