463. සාලුක නම් ශූකරයාගේ ස්වභාවය. කැමතිනොවෙව, හෙතෙම මරණයට කරුණුවූ ආහාරයන් අනුභව කරයි. එහි නිරුත්සාහ වූයේ බොල් මිශ්‍රවූ රොඩු අනුභව කරව. මෙය දීර්ඝායුෂ ඇතිවීමට කරුණුවේ.
464. දැන් ඒ විවාහයෙන් යුක්ත පුරුෂයා සේවකයන් හා යුක්තවූයේ අමුත්තෙක්ව මෙහි පැමිණ සිටීද, එකල්හි මොහොලකට බඳු උඩුතොල ඇති මරණ පිණිස හෝනාවූ සාලුක නම් ශූකරයා දක්නෙහිය.
465. මොහොලටබඳු උඩුතොල ඇති කපනලදුව හෝනාවූ හූරා දැක ගොන්නු අපගේ බොල් මිශ්‍රවූ රොඩු ආහාරයම උතුම්යයි සිතූහ.
6. සාලුකජාතකං.
466. උමතු නුවූයේ කේලාම් නොකියන්නේ නෘත්‍ය නොකරන්නේ කලබල නැත්තෝ අඥානයන් කෙරෙහි ලාභය නොලබයි. තට මෝතොමෝ අපගේ ලාභානුශාසනායි.
467. බමුණ, යශස් ලැබීමටද, ධනය ලැබීමටද, තම විනාශවන පරිද්දෙන් හෝ අධර්මයෙහි හැසිරීමෙන් හෝ සම්භවන යම් වෘත්තියක් ඇද්ද, එයට නින්දා වේවා.
468. ඉදින් පාත්‍රයකුදු ගෙණ ගෘහ නැත්තේ පැවිදිව හැසිරෙන්නේද, අධර්මයෙන් යම් ජීවිකාවෘත්ති සෙවීමකුත් ඇද්ද, ඊට වඩා මේ භික්ෂාවෙන් වන දිවි පැවැත්වීමම උතුම්වේ.
7. ලාභගරහජාතකං.
469. මත්ස්‍යයෝ දහසකට වඩා අගිත්යයි යමෙක් මේ කාරණය අදහන්නේද, එසේ වූවෙක් නැත. මාගේද මෙහිලා මසුරන් සතක් වූහ. මමද ඒ මස්වැල මසුරන් සතක්දී ගත්තෙමි.
470. මත්ස්‍යයන්ට ආහාරයදී මට පින් අනුමෝදන් කෙළේය. තා විසින් අනුමෝදන් කරණලද ඒ පින සිහිකරන්නාවූ මා විසින් තාගේ ධනය රක්නාලදී.
471. කිපුනු සිත් ඇත්තාහට මෙලොවද, පරලොවද අභිවෘද්ධිය නොවේ. නරක වැඩ කරන්නාවූ යමෙක් පියා සතුවූ සම්පත්තිය සහෝදරයාට වඤ්චා කෙළේද, ඔහු දෙවතාවෝ නොම පුදත් යයි.
8. මච්ඡුද්දානජාතකං.
472. මහරජ, වෙන වෙන අදහස් ඇත්තෝ වූ අපි එක ගෙයි වසමු. එහෙයින් මම ගම්වරයක් කැමැතිවෙමි. බැමිණිද, ගවයන් සියයක් කැමැත්තීය.
473. මාගේ පුත්‍රවූ ඡත්‍ර නම් මානවකයා ආජානීය අශ්ව රථයක් කැමැත්තේය. මාගේ යෙහෙලිද මාණික්‍ය කුණ්ඩලාභරණයක් කැමැත්තීය. හීනවූ යම් මේ පූර්ණකා නම් දාසියක් ඇද්ද, ඕතොමෝ කුල්ල මෝල හා සමග වංගෙඩියක් කැමතිවේ.
474. බ්‍රාහ්මණයාහට ගම්වරයක්ද බැමිණියට ගවයන් සියයක්ද ඡත්‍ර නම් බ්‍රාහ්මණ පුත්‍රයාහට ආජානීය අසුන් යෙදූ රථයක්ද යෙහෙළිවූ කන්‍යාවට මිණි කොඬොලක්ද, යම් පූර්ණිකා නම් ලාමකවූ දාශියක් ඇද්ද, ඇයට වංගෙඩියක් හා මොහොළක්ද පිළියෙල කොට දෙව්යයි.
9. නානාච්ඡන්දජාතකං.
475. ආචාර ශීලයම යහපත් වේමැයි, ලෝකයෙහි ශීලය, නිරුත්තරය, බලව, දරුණු විෂ ඇති, නාගතෙමේ සිල්වත්යයි නොනසනු ලැබේ.
476. සිල්වත්වූ පුරුෂතෙම යම් ශීලයකින් බුද්ධාදීවූ ආර්යයන්ගේ ප්‍රතිපත්තියෙහි හැසිරේයයි කියනු ලැබේද, ලෝකයෙහි යහපතකැයි දන්නා ලදද, එසේවූ ශීලය, ඒ මම සමාදන් වෙමි.
477. සිල්වත් තෙමේ නෑයන්ටද පියවූයේ වෙයි. මිත්‍රයන් කෙරෙහිද බබළයි. ශරීරයාගේ බිඳීමෙන් මත්තෙහි සුගතියෙහි උපදීයයි.
10. සීලවීමංසජාතකං.
අබ්භන්තරවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
අබ්භන්තර, සෙය්‍යංස, වඩ්ඪකීසූකර, සිරි, මණිසූකර, සාලුක, ලාභගරහ, මච්ඡුද්දාන, නානාච්ඡන්ද, සීලවීමංස යන දස ජාතකයෝ ද වෙත්.