439. සැහැල්ලුවූ හිතේ පැවැත්ම ඇති මිත්රද්රොහියාගේ මේ දුක සියලු කැමති අර්ථයන් දෙන්නහු මෙන් කවර කාරණයක් සඳහා ඉවසන්නෙහිද?
440. මොහු අඟින් ඇන විනාශකරව. පයින්ද මැඬලව. වළකන්නෙක්ද නොවූයේ නම් අඥානයෝ බොහෝසේ කිපෙන්නාහුය.
441. මෙතෙම මට මෙන් හඟින්නේ සෙස්සහුටද මෙසේ කරන්නේය. ඔහු එතැන්හි ලා ඒ වඳුරා විනාශ කරත්. මට ඒ පාපයෙන් මිදීම වන්නේයයි.
8. මහිසජාතකං.
442. යම්සේ මාර්ගයෙහි මානවකතෙම වනයම ගොචරකොට ඇති වැඩකැමතිව කියන්නාවූ සිවල්දෙන අවැඩ කැමැත්තීයයි සිතාද? අවැඩ කැමති සතපත්රයා හෙවත් කෑරලා වැඩ කැමැත්තේයයි සිතාද?
443. එපරිද්දෙන්ම මෙහි සමහර පුද්ගලයෙක් එබඳුවේ. වැඩකැමැත්තවුන් විසින් වචනයක් කියනලද්දේ විරුද්ධ වශයෙන් පිළිගණී.
444. යම්කෙනෙක් වනාහි ඔහු භයින් ප්රශංසාකෙරෙත්ද? උසස් කෙරෙත්ද? ඔහු වනාහී හෙතෙම මිත්‍රයයි සිතයි. කවරෙක් මෙන්දයත් කෑරලාට මානවකයා මෙනි.
9. සතපත්තජාතකං.
445. ඒකාන්තයෙන්ම මෘග රාජතෙම මල් මුළු කිරීමට දක්ෂයයි සිතමි. ඒ එසේමැයි උඩින් හෙලු හෙලු මුල කඩාබිද දමයි. අනික් මුලක් ඒකාන්තයෙන් කරන්නේය.
446. මාගේ පියා හෝ මව හෝ මල් මුළුකිරීමට දක්ෂ නොවෙත්. කළ කළ දේ වනාහි කඩාබිඳ දැමීමු. එසේමැයි, මේ වානර කුලය මෙබඳු ස්වභාව ඇත්තේය.
447. යම්බඳුවූ තොපගේ ධර්මයතෙම මෙබඳු වේනම් අධර්මය වනාහි කෙබඳුද? තොපගේ ධර්මය හෝ අධර්මය හෝ කිසිකලෙක්හි නොදකුම්හයි.
10. පුටදූසකජාතකං.
අරඤ්ඤවග්ගො තතියො
එහි උද්දානය:
උදපාන ද, ව්යාඝ්ර ද, කච්ඡප ද, ලොල ද, රුචිර ද, කුරුධම්ම ද, රොමක ද, මහිස ද, සතපත්ත ද, පුටදූසක යන දසයයි.