442. යම්සේ මාර්ගයෙහි මානවකතෙම වනයම ගොචරකොට ඇති වැඩකැමතිව කියන්නාවූ සිවල්දෙන අවැඩ කැමැත්තීයයි සිතාද? අවැඩ කැමති සතපත්‍රයා හෙවත් කෑරලා වැඩ කැමැත්තේයයි සිතාද?
443. එපරිද්දෙන්ම මෙහි සමහර පුද්ගලයෙක් එබඳුවේ. වැඩකැමැත්තවුන් විසින් වචනයක් කියනලද්දේ විරුද්ධ වශයෙන් පිළිගණී.
444. යම්කෙනෙක් වනාහි ඔහු භයින් ප්‍රශංසාකෙරෙත්ද? උසස් කෙරෙත්ද? ඔහු වනාහී හෙතෙම මිත්‍රයයි සිතයි. කවරෙක් මෙන්දයත් කෑරලාට මානවකයා මෙනි.
9. සතපත්තජාතකං.
445. ඒකාන්තයෙන්ම මෘග රාජතෙම මල් මුළු කිරීමට දක්ෂයයි සිතමි. ඒ එසේමැයි උඩින් හෙලු හෙලු මුල කඩාබිද දමයි. අනික් මුලක් ඒකාන්තයෙන් කරන්නේය.
446. මාගේ පියා හෝ මව හෝ මල් මුළුකිරීමට දක්ෂ නොවෙත්. කළ කළ දේ වනාහි කඩාබිඳ දැමීමු. එසේමැයි, මේ වානර කුලය මෙබඳු ස්වභාව ඇත්තේය.
447. යම්බඳුවූ තොපගේ ධර්මයතෙම මෙබඳු වේනම් අධර්මය වනාහි කෙබඳුද? තොපගේ ධර්මය හෝ අධර්මය හෝ කිසිකලෙක්හි නොදකුම්හයි.
10. පුටදූසකජාතකං.
අරඤ්ඤවග්ගො තතියො
එහි උද්දානය:
උදපාන ද, ව්‍යාඝ්‍ර ද, කච්ඡප ද, ලොල ද, රුචිර ද, කුරුධම්ම ද, රොමක ද, මහිස ද, සතපත්ත ද, පුටදූසක යන දසයයි.
4. අබ්භන්තරවග්ගො
448. යම් අඹ ගසක්හුගේ ඵලය දෙවියන් විසින් අනුභවයට සුදුසුද, ඒ අබ්භන්තර නම් අඹ ගසෙහි අඹ අනුභවකොට පහවූ දොළ ඇත්තාවූ ස්ත්‍රි තොමෝ චක්‍රවර්තියක්හු වදයි.
449. සොඳුර, තීද අගබිසෝවෙහි ඕ තොමෝද, ස්වාමියාහට ප්‍රියවූවාය. තිට රජතෙම මේ අබ්භන්තර නම්වූ අඹ ගසෙහි ඵලය ගෙන්වන්නේයි.
450. ස්වාමීහට වැඩ පිණිස වීර්ය කරන්නාවූ කාය ජීවිතයෙහි අපෙක්ෂා නැත්තාහු ශූරවූ පුරුෂතෙම යම්බඳුවූ සුඛ කාරණයට පැමිණේද? මමද එය ලබන්නෙක් වෙමි.
1. අබ්භන්තරජාතකං.
451. කුශල ධර්මයෙන් යුක්තවූ යම් පුද්ගලයෙක් උතුම්වූ ධර්ම හෝ ඒ ධර්මයෙන් යුක්තවූ පුද්ගලයා හෝ සෙවනය කෙරේද, හෙතෙම ඉතා උතුම් වන්නේය. එසේමැයි. එකෙකු හා සමග මෛත්‍රී භාවනාව කොට වධයට සුදුසුවූ සියයක් පමණ තොප මරණින් මිදුවෙමි.
452. සියලු ලෝකයා හා සමග එකතුව මෛත්‍රී භාවනා කොට කුමක් හෙයින් පරලොව ස්වර්ගයට නොයන්නේද, කශීරට වැසියනි, මේ වචනය අසවු.
453. කංස නම්වූ බරණැස නිවාස ගෘහ ඇති මහරජතෙම මේ වචනය කියා දුන්නද හියවුරද බහා තබා ශීල සංයමයට පැමිණියේයයි.
2. සෙය්යංසජාතකං.
454. පෙර මේ පෙදෙසෙහි හැසිරෙන්නේ ඌරන් මෙල්ලකොට උතුම් උතුම් ඌරන් මරන්නාවූ තෝ දැන් තනිවූයේ ඉවත්ව සිතන්නෙහිය. ව්‍යාඝ්‍රය, තාගේ බලය අද නැත්තේද?
455. මේ ඌරෝ පෙර භයින් පීඩිත වූවාහු රක්ෂාස්ථාන සොයන්නාහු වෙන වෙන දිසාවෙන් දිසාවට යති. දැන් එක තැනට එකතුව නාද කෙරෙත්. යම් තැනෙක්හි සිටියාවූ මොහු අද මා විසින් නොමැඩිය හැක්කාහුයි,