382. මේ තපස්වියාගේ විද්‍යායෙන් නිපදවූ කිසිවක් නැත. තාගේ නෑයෙකුදු නොවේ තාගේ වනාහි යහළුවෙකුත් නොවේ. තවද කවර නම් කරුණකින් තිරීට වච්ඡ නම් ත්‍රි දණ්ඩයක් ඇති මෙතෙම අධිකවූ රස ඇති හෙයින් අග්‍ර නම්වූ පිණ්ඩය හෙවත් මේ බත අනුභව කෙරේද,
383. යුද්ධ භූමියෙහි පරදවන ලද දුකට පැමිණියාවූ හුදකලාවූ මට විපත්තියෙහි අනුග්‍රහ කොට දරුණුවූ ජල දුර්ග වනයෙහි ලිඳෙහි වැටීහුන් මට අත දික්කෙළේය. ඒ කාරණයෙන් දුකින් පෙළුනාවූ මම ලිඳෙන් ගොඩ නැංගෙමි.
384. මේ තාපසයාගේ කටයුත්තෙන් මෙහි පැමිණියෙමි. යමයාගේ විෂයෙන් හෙවත් පරලොවින් මිදී මනුෂ්‍ය ලෝකයෙහි වසමි. පුත්‍රය, තිරීට වත්ස නම් තාපසතෙම ලාභයට සුදුසුය. මොහුට භොගය හෙවත් පරිභොග කටයුතුවූ ප්‍රත්‍යයද දෙවු. යාග කටයුතුවූ යාග ද්‍රව්‍යද දෙවයි නියෝග කළෝ
9. තිරීට වච්ඡ ජාතකය.
385. සතුරාද යාඥා කරන්නට යමක්හු පිණිස දුරස්ථානයට යෙත්ද, එසේවූ උදාරයාගේ මම දූතයෙක්මි. රාජොත්තමය, මට නොකිපෙව.
386. යම් උදරයක්හුගේ වසඟ බවට සත්වයෝ දාවල්ද, රාත්‍රියෙහිද, පැමිණෙත්ද, ඒ උදරයාගේ මම දූතයෙක්මි. රාජොත්තමය, මට නොකිපෙව.
387. බමුණ වෘෂභ රාජයෙකු හා සමග රක්තවර්ණවූ ගවයන් දහසක් තට දෙමි. (එසේ මැයි) දූතයෙක් වනාහි දූතයෙකුට කෙසේනම් නොදෙන්නේද, අපිදු ඒ තා කියනලද උදරයාගේම දූතයෝ වෙමුයි” කීයේය.
10. දූත ජාතකය.
සඞ්කප්පවග්ගො පඨමො.
එහි උද්දානය:
උසුකාර (සඞ්කප්ප), තිලමුට්ඨි, මණිකණ්ඨ, හයරාජ (කුණ්ඩකකුච්ඡි), විහඞ්ගම (සුක), ආසිවිස (ජරූදපාන), ජනසන්ධ (ගාමණීචණ්ඩ), කහාපණ (මන්ධාතු), තිරීට හා දූත ජාතකය යැයි මේ දසයයි.