385. සතුරාද යාඥා කරන්නට යමක්හු පිණිස දුරස්ථානයට යෙත්ද, එසේවූ උදාරයාගේ මම දූතයෙක්මි. රාජොත්තමය, මට නොකිපෙව.
386. යම් උදරයක්හුගේ වසඟ බවට සත්වයෝ දාවල්ද, රාත්රියෙහිද, පැමිණෙත්ද, ඒ උදරයාගේ මම දූතයෙක්මි. රාජොත්තමය, මට නොකිපෙව.
387. බමුණ වෘෂභ රාජයෙකු හා සමග රක්තවර්ණවූ ගවයන් දහසක් තට දෙමි. (එසේ මැයි) දූතයෙක් වනාහි දූතයෙකුට කෙසේනම් නොදෙන්නේද, අපිදු ඒ තා කියනලද උදරයාගේම දූතයෝ වෙමුයි” කීයේය.
10. දූත ජාතකය.
සඞ්කප්පවග්ගො පඨමො.
එහි උද්දානය:
උසුකාර (සඞ්කප්ප), තිලමුට්ඨි, මණිකණ්ඨ, හයරාජ (කුණ්ඩකකුච්ඡි), විහඞ්ගම (සුක), ආසිවිස (ජරූදපාන), ජනසන්ධ (ගාමණීචණ්ඩ), කහාපණ (මන්ධාතු), තිරීට හා දූත ජාතකය යැයි මේ දසයයි.
2. පදුම (කොසිය) වර්ගය
388. යම්සේ හිස කෙස්ද රැවුල්ද කැපු කැපුසේ නැවත හටගනීද එපරිද්දෙන් තාගේ නාශිකාව නැවත හටගණීවා. අප විසින් ඉල්වන ලද්දේ පියුමක් දෙව,
389. යම්සේ ශරත් කල්හි ගෙණ තිබූ සරු බිජුවට කෙතෙහි වපුරණ ලද්දේ හටගණීද, එපරිද්දෙන් තාගේ නාශිකාව හටගණීවා. යාඥා කරණ ලද්දේ පියුමක් දෙව,
390. පද්මයන් අපට දෙන්නේ යයි සිතා මොහු දෙදෙන වනාහි මිථ්යා ප්රලාප කියත්. නැළවිලි වචන කියත්. ඔහු කියන්නාහු හෝ නොකියන්නාහු හෝ නාශිකාවගේ හටගැණීමක් නැත. යහළුව ඉල්වන ලද්දේ පියුම් දෙවයි” කීයේය.
1. පදුම ජාතකය.
391. ඉදින් හස්ත තලයද මෙලොක්වූයේ වීනම් හස්තියාද, මනාකොට හික්මවන ලද්දේ වීනම් රාත්රියෙහි අන්ධකාරයෙක්ද, වීනම් එකල්හි වසින්නේද වීනම් එසේ ඇති කල්හි ඒකාන්තයෙන් අපගේ අදහස සඵල වන්නේයි.
392. මොළොක්වූ ප්රිය වචනයෙන් තමා කෙරෙහි දිගු කලක් වාසය කරවන්නට නොපිළිවන්හ. නොහොත්, කෙතෙක් පුරුෂයෝත් මොවුන්ට පමණ නැත්තාහ. මොළොක්වූ වචන ඇත්තාහ. නොපිරවිය හැක්කාවූ ගංගාවක් හා සමානවූ ඒ ස්ත්රීහු තමා වසඟ බවට පැමිණියවුන් අපායෙහි ගිල්වත් මෙසේ දැන ඇය දුරින්ම දුරුකරන්නේය.
393. මේ ස්ත්රීහු නම් කැමැත්තෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයක්හු සේවණය කෙරෙද්ද, ස්වකීය ස්ථානය දවන ගින්න මෙන් වහා ඒ සේවණය කළහුම දවත්යයි” කීයේය.
2. මුදුපාණි ජාතකය.
394. ජලය නොසෙල්වෙන කල්හි තෙමේම ඉර්ධියෙන් අවුත් ස්ත්රිය හා මිශ්ර බවට පැමිණ මහා සාගරයෙහි ගැලෙන්නෙහිය.
395. මේ ස්ත්රීහු නම් කාමාවර්තයෙන් ආවර්තනය කරණ හෙයින් ආවර්තනීහ. මහත්වූ මායා ඇත්තාහ. ශ්රේෂ්ඨචර්යාවන් විනාශ කිරීමෙන් පුරුෂයන් අපායෙහි ගල්වත්යයි මෙසේ දැන ඇය දුරින්ම දුරු කරන්නේයි.
396. මේ ස්ත්රීහු මේ තමන්ගේ කැමැත්තෙන් හෝ වස්තු ලාභය හේතුකොට ගෙන හෝ යමක්හු සේවනය කෙරෙත්ද? ස්වකීය ස්ථානය දවන ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත් යයි” කීයේය.
3. චුල්ලපලොභන ජාතකය.
397. යම් රජක්හුගේ ස්වර්ණමයවූ ප්රාසාදය සරසින් ෂොඩශ ශර ප්රමාණවීද, උසින් සහස්ර කාණ්ඩ ප්රමාණයයි කීහුද, ඒ රජතෙමේ පණාද නම්වේ.