ආරාධනා කරමි නොහොත් විචාරමි. පියාණෙනි, යම් පදයකින් අභිවෘද්ධීන් අස්වමුද, එසේවූ නොයෙක් අර්ථ ඇති පදයන්ගෙන් යුක්තවූ බොහෝවූ පදයන් සංග්‍රහකොට සිටියාවූ එක පදයක් කියනු මැනව.
පුත්‍රය, දක්ෂ භාවයයි කියනලද ප්‍රඥාව හා යෙදුන වීර්යය එක පදයයි. බොහෝවූ අර්ථ පදයන්ගෙන් යුත් එයද ශීලයෙන් යුක්තවූයේ ඉවසීමෙන් උපදවන ලද්දේ මිත්‍රයන් සුවපත් කරන්ටද සතුරන්ගේ දුක් පිණිසද ප්‍රමාණවේ.
8. එකපදජාතකං.
නීල මැඬියා මව් කොට ඇත්ත කෙමිණෙහි කටට ඇතුල්වූ මා සර්පයෙකු සමානවූ යම්බඳුවූ මා මත්ස්‍යයෝ කත්ද, ඒ තට රුචිවේද?
යම්තාක් මොහුට ඓශ්චර්ය සමෘද්ධිය වේද, ඒතාක් පුරුෂතෙම අනුන් පැහැර ගැණීමය. යම් කලෙක්හි සෙස්සෝ පැහැරගණිත්ද, ඒ බොහෝ දෙනාට පීඩාකළ දුෂ්ටිය පහරණු ලැබේ.
9. හරිතමාතුජාතකං.
පිංගලනම් රජු විසින් සියලු ජනතෙම පීඩා කරණ ලදී. ඔහු මළ කල්හි ප්‍රීතීන් විඳිත්, දොරටුපාලය, පිඟුවන් ඇස් ඇති ඒ රජ තට ප්‍රියවූයේ වේද? තෝ කුමක් හෙයින් හඬන්නෙහිද?
පිඟුවන් ඇස් ඇති ඒ රජ මට ප්‍රිය වූවෙක් නොවීය, ඔහුගේ පෙරලා ඊමට භයවෙමි. මෙයින් මිය ගියේ මාරයාට පීඩා කෙළේ නම් හෙතෙම, පීඩා කරණ ලද්දේ නැවත මෙහි එවන්නේය.
දහසක් දර කරත්තවලින් ඔහු දවන ලදී. සිය ගණන් කළගෙඩි වලින් පැන් ඉසින ලදී. පොළොව ද හාරන ලදී. බිය නොවන්න, හෙතෙම නො එන්නේ ය.
10. මහාපිඞ්ගලජාතකං.
උපාහනවග්ගො නවමො.
එහි උද්දානය:
වරුපාහන, ඛුජ්ජ, විකණ්ණක, අසිතාභූ, වච්ඡනඛ, දිජ, පෙම, උත්තම එකපද, කුමිනාමුඛ සහ පිඞ්ගලක යන මේ දසය යි.
10. සිගාල වර්ගය
338. හිවලා පිරිවර නිසා මානයෙන් දැඩිවූයේ පිරිවරින් ප්‍රයෝජන ඇත්තේ මහත්වූ සම්පත් භූමියකට පැමිණියේය. සියලු දළ ඇති සතුන්ට රජ විය.
339. එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යමෙක් පිරිවර ඇත්තේ වේද, හෙතෙම වනාහි දළ ඇත්තවුන්ට රජවූ හිවළා මෙන් එහිලා මහත්වූයේ වන්නේයයි.
1. සබ්බදාඨ ජාතකය.
340. අඥානවූ යම් බල්ලෙක් මේ වරපට ඒකාන්තයෙන් නොකයිද, බන්ධනයෙන් මිදුනේද, බඩපුරා කෑයේද, ගෙට යන්නේය.
341. මාගේ සිතෙහි මා විසින් තොපගේ කථාව තබන ලදී. නැවත මාගේ හෘදයෙහි තොපගේ කථාව කරණ ලද, නැගීයන්ට සුදුසු කාලයද බලාපොරොත්තුවෙමි. යම්තාක් ජනතෙමේ නිද්‍රොපගත වේවායි.
2. සුනඛ ජාතකය.
342. සත් තතක් ඇති ඉතා මිහිරිවූ සිත් කළුවූ වීණාව ගායනා කරණ ආකාරය කීමි. හෙවත් වීණා ශිල්පය ඉගැන්වීමි. ඒ මාගේ ශිෂ්‍යයා මා රඟමඬලෙහි තමා හා වාදයට කැඳවයි. කෝශිය ගොත්‍ර ඇත්ත මට පිළිසරණවෙව.
343. යහළුව, මම සරණව තා රක්නෙමි. මම ඇදුරන් පුදන්නෙක්මි. ශිෂ්‍යයා තා නොදිනන්නේය. ආචාර්යයා නුඹ ශිෂ්‍යයා පරදවා ජය ගන්නෙහිය.
3. ගුත්තිල ජාතකය.
344. යමක් දකීද, එය නො කැමති වෙයි. යමක් නොදකීද එය වනාහී කැමති වෙයි. බොහෝ කලක් ඇවිදින්නේයයි සිතමි. හෙතෙම යම් ජල රහිත ගංගාවක් කැමතිද, එය නොම ලබන්නේය.