වච්ඡනඛයා මධුර ආහාර අනුභව කොටද මිහිරි පැන් පානය කොටද, යම් ශ්‍රී යහනෙක්හි උකටලී නොව සයනය කරන්නෙහිද, එසේ හෙයින් අමුරන් සහිතවූද භොජන සහිතවූද ගෘහයෝ සැප ඇත්තාහයි වර්ණනා කළෝ.
උත්සාහවත් නොවන්නාහට ගෘහයෝ නැත. බොරු නොකියන්නාහට ගෘහයෝ නැත්තාහ. නොගන්නා ලද දඬු ඇති අන්‍යයන්ට පහරදීම් ආදියෙන් දඬුවම් නොකරන්නාහට ගෘහයෝ නැත්තාහයි මෙකී පරිද්දෙන් සිදුරු ඇති කල්හි දුරාරාධවූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේද.
5. වච්ඡනඛජාතකං.
හෙළපියුම් පෙති වැනිවූ ද්විජ නම්වූ මේ පක්ෂිතෙම ඉතා යහපත්ය. සංසිඳුනාවූ පියාපත් වලින් අබල දුබලයෙකු මෙන් ධ්‍යාන කෙරේ. හෙවත් සිතයි.
මොහුගේ ආචාර ශීලයක් නොදනිවු. නොදැන ප්‍රශංසා කරන්නාහුය. මේ පක්ෂිතෙම අප රක්නේ නොවෙයි. එහෙයින් පියාපත් නොසොලවා.
6. බකජාතකං.
භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙකු කෙරෙහි හෘදය අතිශයින්ම නිවෙන්නේය. සිතද දුටු පමණින් පහදී. එයට හේතු කවරේදැයි විචාළේය.
පෙර ජාතියෙහි එක්ව විසීමෙන් හෝ මේ භවයෙහි කළාවූ හිතයෙන් හෝ දියෙහි උපුල් ආදිය යම්සේද? එපරිද්දෙන් ඒ ප්‍රේමය හටගණී.
7. සාකෙතජාතකං.
ආරාධනා කරමි නොහොත් විචාරමි. පියාණෙනි, යම් පදයකින් අභිවෘද්ධීන් අස්වමුද, එසේවූ නොයෙක් අර්ථ ඇති පදයන්ගෙන් යුක්තවූ බොහෝවූ පදයන් සංග්‍රහකොට සිටියාවූ එක පදයක් කියනු මැනව.
පුත්‍රය, දක්ෂ භාවයයි කියනලද ප්‍රඥාව හා යෙදුන වීර්යය එක පදයයි. බොහෝවූ අර්ථ පදයන්ගෙන් යුත් එයද ශීලයෙන් යුක්තවූයේ ඉවසීමෙන් උපදවන ලද්දේ මිත්‍රයන් සුවපත් කරන්ටද සතුරන්ගේ දුක් පිණිසද ප්රමාණවේ.
8. එකපදජාතකං.
නීල මැඬියා මව් කොට ඇත්ත කෙමිණෙහි කටට ඇතුල්වූ මා සර්පයෙකු සමානවූ යම්බඳුවූ මා මත්ස්‍යයෝ කත්ද, ඒ තට රුචිවේද?
යම්තාක් මොහුට ඓශ්චර්ය සමෘද්ධිය වේද, ඒතාක් පුරුෂතෙම අනුන් පැහැර ගැණීමය. යම් කලෙක්හි සෙස්සෝ පැහැරගණිත්ද, ඒ බොහෝ දෙනාට පීඩාකළ දුෂ්ටිය පහරණු ලැබේ.
9. හරිතමාතුජාතකං.
පිංගලනම් රජු විසින් සියලු ජනතෙම පීඩා කරණ ලදී. ඔහු මළ කල්හි ප්‍රීතීන් විඳිත්, දොරටුපාලය, පිඟුවන් ඇස් ඇති ඒ රජ තට ප්‍රියවූයේ වේද? තෝ කුමක් හෙයින් හඬන්නෙහිද?
පිඟුවන් ඇස් ඇති ඒ රජ මට ප්‍රිය වූවෙක් නොවීය, ඔහුගේ පෙරලා ඊමට භයවෙමි. මෙයින් මිය ගියේ මාරයාට පීඩා කෙළේ නම් හෙතෙම, පීඩා කරණ ලද්දේ නැවත මෙහි එවන්නේය.
දහසක් දර කරත්තවලින් ඔහු දවන ලදී. සිය ගණන් කළගෙඩි වලින් පැන් ඉසින ලදී. පොළොව ද හාරන ලදී. බිය නොවන්න, හෙතෙම නො එන්නේ ය.
10. මහාපිඞ්ගලජාතකං.
උපාහනවග්ගො නවමො.
එහි උද්දානය:
වරුපාහන, ඛුජ්ජ, විකණ්ණක, අසිතාභූ, වච්ඡනඛ, දිජ, පෙම, උත්තම එකපද, කුමිනාමුඛ සහ පිඞ්ගලක යන මේ දසය යි.