මේ කාරණය තනිව සිතනලදද, මේ කුදුමිනිසා (මහළු නමුත් නුවණනැති හෙයින්) බාළයෙක. තම ශක්තියෙන් යා නොහැක්කෙක පින්වතිය, කොටවූ අත්පා ඇති. පිටින් කුදුවූවකු හා එක්වන්නට තී සුදුසු නොවෙහිය.
කුදු පුරුෂයා පුරුෂයන්ට උතුමෙකැයි සිතන්නාවූ මම කුදුවූවහු කැමතිවීමි. ඒ මේ කුදා සිඳිනාලද තත් ඇති වීණා දණ්ඩක් මෙන් හැකුළුනේ සයනය කෙරේ.
2. වීණාථූණජාතකං
ඒකාන්තයෙන් යම් තැනෙක්හි කැමැත්තෙහි නම් එතැන්හි යව, ධර්ම ස්ථානයෙහි හුලෙන් විදිනා ලද්දෙහිය. මත්ස්‍යයන් ලුහු බඳින්නාවූ ලොල්වූ තෝ බෙර වැයීම් සහිතවූ බත කරණකොට ගෙන නටුයේ විය.
ලොකාමිෂවූ පඤ්චකාමයට අනුව දුවන්නාවූ සිතට වසඟව පවත්නාවූ පුද්ගලයා එපරිද්දෙන්ම වැනසේ. හෙතෙම නෑ යහළුවන්ගේ මැද මත්ස්‍යයන් අනුව ගියාවූ කිඹුලා මෙන් වැනසේ.
3. විකණ්ණකජාතකං
තා කෙරෙහි යම්බඳුවූ මාගේ කාමයෙක් පහව ගියේද, දැන් තෝම කෙළෙහිය. කියතකින් කපනලද ඇත් දළයක් මෙන් ඒ මේ කාමය තෙම නොගැලපිය හැක්කේය.
ඒ ඒ වස්තුවෙහි අධික ආශා ඇත්තේ අධික ලෝභයෙන්ද, අතිලෝභ සංඛ්‍යාතවූ මදයෙන්ද අසිතාභු නම්වූ රාජ කන්‍යාවගෙන් පිරිහුනු මාමෙන් අර්ථයෙන් මෙසේ පිරිහේ.
4. අසිතාභූජාතකං.
වච්ඡනඛයා මධුර ආහාර අනුභව කොටද මිහිරි පැන් පානය කොටද, යම් ශ්‍රී යහනෙක්හි උකටලී නොව සයනය කරන්නෙහිද, එසේ හෙයින් අමුරන් සහිතවූද භොජන සහිතවූද ගෘහයෝ සැප ඇත්තාහයි වර්ණනා කළෝ.
උත්සාහවත් නොවන්නාහට ගෘහයෝ නැත. බොරු නොකියන්නාහට ගෘහයෝ නැත්තාහ. නොගන්නා ලද දඬු ඇති අන්‍යයන්ට පහරදීම් ආදියෙන් දඬුවම් නොකරන්නාහට ගෘහයෝ නැත්තාහයි මෙකී පරිද්දෙන් සිදුරු ඇති කල්හි දුරාරාධවූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේද.
5. වච්ඡනඛජාතකං.
හෙළපියුම් පෙති වැනිවූ ද්විජ නම්වූ මේ පක්ෂිතෙම ඉතා යහපත්ය. සංසිඳුනාවූ පියාපත් වලින් අබල දුබලයෙකු මෙන් ධ්‍යාන කෙරේ. හෙවත් සිතයි.
මොහුගේ ආචාර ශීලයක් නොදනිවු. නොදැන ප්‍රශංසා කරන්නාහුය. මේ පක්ෂිතෙම අප රක්නේ නොවෙයි. එහෙයින් පියාපත් නොසොලවා.
6. බකජාතකං.
භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙකු කෙරෙහි හෘදය අතිශයින්ම නිවෙන්නේය. සිතද දුටු පමණින් පහදී. එයට හේතු කවරේදැයි විචාළේය.
පෙර ජාතියෙහි එක්ව විසීමෙන් හෝ මේ භවයෙහි කළාවූ හිතයෙන් හෝ දියෙහි උපුල් ආදිය යම්සේද? එපරිද්දෙන් ඒ ප්‍රේමය හටගණී.
7. සාකෙතජාතකං.