රථයෙහි මයුර පාදයෙහි නගනලද ධ්වජ අප්‍රමාණය. මාගේ සේනාව කෙළවර නැත. කවුඩන් විසින් සාගරය මෙන්, සතුරන් විසින් මැඩිය නොහැක. සුලඟින් පර්වතයක් මෙන් නැසිය නොහැක්කේය. මම අද තාවැන්නකු විසින් මැඩ පැවැත්විය නොහැක්කේ වෙමි.
තාගේ අඥාන භාවය ප්‍රකාශ නොකරව, තා බඳුවූ පුරුෂයෙක්, රජය ගැන්මෙහි සමර්ථ නොවේ. හුදෙක්, කෙලෙස් දාහයෙන් දවනු ලබන්නෙහිය. මා වැනි වළක්වන කෙනෙකු නොලබන්නෙහිය. එකළාව හැසිරෙන්නාවූ හස්ති රාජයක්හු ළඟට මෙන් එන්නෙහිය. පාදයෙන් සුණු කළාවූ හුණනළ මෙන් හෙතෙම තා පොළා සුණු කරන්නේය.
10. දුතියපලාසිජාතකං.
කාසාවවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
වරවත්ථ, දුම, ඛීණඵල, චතුරො ධම්ම, පුරිසුත්තම, ධංක, මගධ, ගිරි, ගජග්ග සහ ධජවර යන මේ දසය යි.
9. උපාහන වර්ගය
පුරුෂයාහට සුවපිණිස යම්සේ ගන්නාලද උපහාණයෝ (සෙරෙප්පු සපත්තු) දුක් එළවත්ද, ග්‍රීෂ්මයෙන් විශේෂයෙන් තැවුනාවූ පාදතලයෙන්, පීඩිතවූවාහු, ඒ පුරුෂයාගේම පාදයන් කා වණ කරන්නාහුය.
එපරිද්දෙන් යම් හීණ කුලයෙහි උපන්නාවූ අනාර්ය පුද්ගලතෙම ගුරුවරයා කෙරෙන් විද්යාස්ථානයක්ද, ශ්රැතයක්ද, ඉගෙණගෙන, එහි උගත් ශිල්පයෙන් හෙතෙම එයම කන්නේය. අනාර්ය පුද්ගලතෙම උපාහණ බඳුවේයයි කියනු ලැබේ.
1. උපාහනජාතකං.
මේ කාරණය තනිව සිතනලදද, මේ කුදුමිනිසා (මහළු නමුත් නුවණනැති හෙයින්) බාළයෙක. තම ශක්තියෙන් යා නොහැක්කෙක පින්වතිය, කොටවූ අත්පා ඇති. පිටින් කුදුවූවකු හා එක්වන්නට තී සුදුසු නොවෙහිය.
කුදු පුරුෂයා පුරුෂයන්ට උතුමෙකැයි සිතන්නාවූ මම කුදුවූවහු කැමතිවීමි. ඒ මේ කුදා සිඳිනාලද තත් ඇති වීණා දණ්ඩක් මෙන් හැකුළුනේ සයනය කෙරේ.
2. වීණාථූණජාතකං
ඒකාන්තයෙන් යම් තැනෙක්හි කැමැත්තෙහි නම් එතැන්හි යව, ධර්ම ස්ථානයෙහි හුලෙන් විදිනා ලද්දෙහිය. මත්ස්‍යයන් ලුහු බඳින්නාවූ ලොල්වූ තෝ බෙර වැයීම් සහිතවූ බත කරණකොට ගෙන නටුයේ විය.
ලොකාමිෂවූ පඤ්චකාමයට අනුව දුවන්නාවූ සිතට වසඟව පවත්නාවූ පුද්ගලයා එපරිද්දෙන්ම වැනසේ. හෙතෙම නෑ යහළුවන්ගේ මැද මත්ස්‍යයන් අනුව ගියාවූ කිඹුලා මෙන් වැනසේ.
3. විකණ්ණකජාතකං