289. සියලු ලෝවැසිතෙම මේ කාමසේවනය හේතුකොටගෙණ සතුටුවූයේ විය. ග්රාම ධර්මයෙහි අදක්ෂයෙහිද, සෙග්ගු නම් කුමාරිකාවූ තෝ මා විසින් අත්ගන්නා ලද්දී මහ වනයෙහි අද හඬන්නෙහිය. තිගේ ස්වභාව ධර්මය කිනම්ද?
290. යමෙක් දුකින් පහකරණ ලද්දාවූ මට පිහිටවන්නේද මාගේ ඒ පියතෙමේ වනයෙහි ද්රොහිකම් කෙරෙයි. ඒ මම වනය මැද කවරෙකුට හඬා කියම්ද? යමෙක් රක්ෂා කරන්නේද, හෙතෙමේ සැහැසි කම් කෙරේ.
7. සෙග්ගුජාතකං.
291. කෛරාටිකයාට මේ කෛරාටිකකම මනාකොට සිතනලදී. ප්රයෝගකාරයාට නැවත ප්රයෝගය සුදුසු කොට කරණලදී. ඉදින් මීයෝ හීවැල් කෑවාහුනම් උකුස්සෝ කුමාරයා කුමක් හෙයින් නොගෙණ යන්නාහුද?
292. ප්රයෝගකාරයාහට වනාහී අධික ප්රයෝග දන්නෝ ඇත්තාහ. තවද වංචාකාරයාහට අනික් වංචාකාරයෙක් වේමැයි පුත්රයා නැතිවූ තැනැත්තා සීවැල් නැතිවූ තැනැත්තහුට හීවැල්දෙව, හීවැල් නැතිවූ තැනැත්තාගේ පුත්රයා නොගෙණයේ.
8. කූටවාණිජජාතකං.
293. මාගේ අමුරන්ය මාගේ රත්රං යයි දාවල්ද, රාත්රියෙහිද, ප්රඥා නැත්තාවූ ආර්යධර්මය නොදක්නාවූ මිනිසුන්ගේ මේ කථායි.
294. ගෘහයෙහි ගෘහපතීහු දෙදෙන වෙත්ද, උන් දෙන්නා අතුරෙන් එකෙක් රැවුල් නැත්තේය. එල්ලෙන තන ඇත්තේය. නොයෙක් ආකාරයෙන් බඳින ලද කොණ්ඩා ඇත්තේය. තවද විදිනාලද කන් ඇත්තේය. බොහෝවූ වස්තුවෙන් ගෙණ යන ලද්දේය. ඒ ගෘහපතිතෙම ඒ ගෘහ ජනයා මුඛ ආයුධයෙන් විදින්නේය.
9. ගරහිතජාතකං.
295. සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තෙහිය. රටින් ජලය නැති වනයට ආයේ හේ නුඹ තනිව වනයෙහි ගසක් මුල බැගෑපත්වූවෙකු මෙන් සිතන්නෙහිය.
296. සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තේ වෙමි. ස්වකීයවූ රටින් ජලය නැත්තාවූ වනයට ආයේ වෙමි. ඒ මම හුදකලා වූයේ වනයෙහි ගසක් මුල බැගෑපත්වූවක්හු මෙන් සත්පුරුෂයන්ගේ ධර්මය සිහිකරමින් සිතම්.
10. ධම්මද්ධජජාතකං.
බීරණථම්භවග්ගො සත්තමො.
එහි උද්දානය:
බීරණ කණුවක සිට පුහුණු කළ සෝමදත්ත ජාතකය, නළුවෙකු ඇති උච්ඡිට්ඨභත්ත ජාතකය, උතුම් භරු රජු ගැන කියන භරු ජාතකය, උතුම් පුණ්ණනදී ජාතකය, (බහුභාණී) කච්ඡප ජාතකය, ගින්න ගැන සඳහන් කරන මච්ඡ ජාතකය, (පවන) සෙග්ගු ජාතකය, නගුල් සීවැල් මීයන් කෑ බව කියන කූටවාණිජ ජාතකය, ලම්බත්ථන ගැන කියන ගරහිත ජාතකය සමඟ (කපණ) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.