ඉදිබුවා කථාකරන්නේ තමන් ඒකාන්තයෙන් නැසීය. මුඛයෙන් මනාකොට ගන්නා ලද දඬුයෙහි ස්වකීයවූ වචනයෙන් තෙමේම තමා නැසීය.
නරවීරයන් කෙරෙහි ශ්‍රේෂ්ඨය මෙයද දැක නිදොස්ව කථා කරන්නේය. සීමාව ඉක්මවා කථානොකරන්නේය ඉදිබුවා බොහෝකොට බිණීමෙන් ව්‍යසනයට හෙවත් බිම වැටී මරණයට පැමිණියහු දක්නෙහිද?
5. කච්ඡප ජාතකය
මේ ගින්න මා නොතවයි මනාකොට සස්නාලද හුලද මා නොතවයි. යම්බඳුවූ මා මත්ස්‍ය ධෙනුතොමෝ ඒ මාගේ මත්ස්‍යයා අනික් මත්ස්‍ය ධෙනුවක් ලඟට කාමාසාවෙන් ගියේයයි සිතාද, ඇගේ ඒ සිතිවිල්ල මා තවා.
ඒ රාග ගින්න මා දවයි. සිතද, මා තවන්නේය. කෙවුළනි, ස්වාමීනි, මා මුදා හරිව්. කාමයෙහි පිහිටි පුරුෂයා කිසිවෙක් නොනසයි. (නොහොත්) කාමයන් හේතුකොට ගෙණ කිසිවෙක් තොප වැන්නවුන් විසින් මරණු නොලැබේ.
6. මච්ඡ ජාතකය.
සියලු ලෝවැසිතෙම මේ කාමසේවනය හේතුකොටගෙණ සතුටුවූයේ විය. ග්‍රාම ධර්මයෙහි අදක්ෂයෙහිද, සෙග්ගු නම් කුමාරිකාවූ තෝ මා විසින් අත්ගන්නා ලද්දී මහ වනයෙහි අද හඬන්නෙහිය. තිගේ ස්වභාව ධර්මය කිනම්ද?
යමෙක් දුකින් පහකරණ ලද්දාවූ මට පිහිටවන්නේද මාගේ ඒ පියතෙමේ වනයෙහි ද්‍රොහිකම් කෙරෙයි. ඒ මම වනය මැද කවරෙකුට හඬා කියම්ද? යමෙක් රක්ෂා කරන්නේද, හෙතෙමේ සැහැසි කම් කෙරේ.
7. සෙග්ගුජාතකං.
කෛරාටිකයාට මේ කෛරාටිකකම මනාකොට සිතනලදී. ප්‍රයෝගකාරයාට නැවත ප්‍රයෝගය සුදුසු කොට කරණලදී. ඉදින් මීයෝ හීවැල් කෑවාහුනම් උකුස්සෝ කුමාරයා කුමක් හෙයින් නොගෙණ යන්නාහුද?
ප්රයෝගකාරයාහට වනාහී අධික ප්‍රයෝග දන්නෝ ඇත්තාහ. තවද වංචාකාරයාහට අනික් වංචාකාරයෙක් වේමැයි පුත්‍රයා නැතිවූ තැනැත්තා සීවැල් නැතිවූ තැනැත්තහුට හීවැල්දෙව, හීවැල් නැතිවූ තැනැත්තාගේ පුත්‍රයා නොගෙණයේ.
8. කූටවාණිජජාතකං.
මාගේ අමුරන්ය මාගේ රත්‍රං යයි දාවල්ද, රාත්‍රියෙහිද, ප්‍රඥා නැත්තාවූ ආර්යධර්මය නොදක්නාවූ මිනිසුන්ගේ මේ කථායි.
ගෘහයෙහි ගෘහපතීහු දෙදෙන වෙත්ද, උන් දෙන්නා අතුරෙන් එකෙක් රැවුල් නැත්තේය. එල්ලෙන තන ඇත්තේය. නොයෙක් ආකාරයෙන් බඳින ලද කොණ්ඩා ඇත්තේය. තවද විදිනාලද කන් ඇත්තේය. බොහෝවූ වස්තුවෙන් ගෙණ යන ලද්දේය. ඒ ගෘහපතිතෙම ඒ ගෘහ ජනයා මුඛ ආයුධයෙන් විදින්නේය.
9. ගරහිතජාතකං.
සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තෙහිය. රටින් ජලය නැති වනයට ආයේ හේ නුඹ තනිව වනයෙහි ගසක් මුල බැගෑපත්වූවෙකු මෙන් සිතන්නෙහිය.
සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තේ වෙමි. ස්වකීයවූ රටින් ජලය නැත්තාවූ වනයට ආයේ වෙමි. ඒ මම හුදකලා වූයේ වනයෙහි ගසක් මුල බැගෑපත්වූවක්හු මෙන් සත්පුරුෂයන්ගේ ධර්මය සිහිකරමින් සිතම්.
10. ධම්මද්ධජජාතකං.
බීරණථම්භවග්ගො සත්තමො.
එහි උද්දානය:
ඉන්පසු බීරණත්ථම්භක ද, නට ද, භරුරාජ, පුණ්ණනදී, බහුභාණී, අග්ගි, පවන, මූසිකා, ලම්බත්‍ථන සහ කපණ යන මේ දසය යි.