ආහාරයාගේ මතු මත්තෙහිවූ ආකාරය අනිකෙක යටවූ ආකාරය අනිකෙක්මය බැමිණිය, තීම විචාරමි. යට කිනම් බතෙක්ද, මතුයෙහි කිනම් බතෙක්දැයි?
තොපට වැඩෙක් වේවයි, (හෙවත්) පින්වත මම නටන්නෙක් වෙමි. ආහාර සොයන්නේ මෙහි ආයේ වෙමි. ඒ ඇගේ සොර සැමියා වනාහි කොටුවට බැසගත්තේය. යමෙකු නුඹ සොයන්නෙහිද, ඒ මේතෙමේ යයි.
2. උච්ඡිට්ඨභත්තජාතකං.
භරුනම් රජ තපස්වීන්ට අන්තරායකොට රටවැස්සන් සමග මුල්සිඳුනේය. ඒ රජ විනාශයට ගියේයයි මා විසින් අසනලදී.
එසේ හෙයින් ඡන්දයෙන් අගතියට යාම නුවණැත්තෝ ප්‍රශංසා නොකෙරෙත්. දුෂ්ටනොවූ සිත් ඇත්තේ සත්‍යයෙන් යුක්තවූ වචනය කියන්නේය.
3. භරුජාතකං.
පිරුණාවූ ගඟ යමෙකු විසින් බොන්නට යුතුයයි කියත්ද, හටගත් යව ධාන්‍ය යමෙකු නිසා සැඟවිය යුතුයයි කියත්ද, දුරට ගියහු යමෙකු කරණකොට ගෙණ එන්නේයයි කියත්ද, හෙතෙම තට ගෙණෙනලදී. එබැවින් බමුණ, අනුභව කරව.
රජතෙම කාක මාංශයකුදු එවනු පිණිස යම් හෙයකින් මා සිහිකෙරේද, එහෙයින් හංසයෝය. කොස් ලිහිණිය මොණරුය යන මොවුන් ලදකල්හිම කුමැයි සිහි නොකෙරෙද්ද, එසේමැයි සිහි නොකිරීමම ලාමක වේයයි.
4. පුණ්ණනදීජාතකං.
ඉදිබුවා කථාකරන්නේ තමන් ඒකාන්තයෙන් නැසීය. මුඛයෙන් මනාකොට ගන්නා ලද දඬුයෙහි ස්වකීයවූ වචනයෙන් තෙමේම තමා නැසීය.
නරවීරයන් කෙරෙහි ශ්‍රේෂ්ඨය මෙයද දැක නිදොස්ව කථා කරන්නේය. සීමාව ඉක්මවා කථානොකරන්නේය ඉදිබුවා බොහෝකොට බිණීමෙන් ව්‍යසනයට හෙවත් බිම වැටී මරණයට පැමිණියහු දක්නෙහිද?
5. කච්ඡප ජාතකය
මේ ගින්න මා නොතවයි මනාකොට සස්නාලද හුලද මා නොතවයි. යම්බඳුවූ මා මත්ස්‍ය ධෙනුතොමෝ ඒ මාගේ මත්ස්‍යයා අනික් මත්ස්‍ය ධෙනුවක් ලඟට කාමාසාවෙන් ගියේයයි සිතාද, ඇගේ ඒ සිතිවිල්ල මා තවා.
ඒ රාග ගින්න මා දවයි. සිතද, මා තවන්නේය. කෙවුළනි, ස්වාමීනි, මා මුදා හරිව්. කාමයෙහි පිහිටි පුරුෂයා කිසිවෙක් නොනසයි. (නොහොත්) කාමයන් හේතුකොට ගෙණ කිසිවෙක් තොප වැන්නවුන් විසින් මරණු නොලැබේ.
6. මච්ඡ ජාතකය.
සියලු ලෝවැසිතෙම මේ කාමසේවනය හේතුකොටගෙණ සතුටුවූයේ විය. ග්‍රාම ධර්මයෙහි අදක්ෂයෙහිද, සෙග්ගු නම් කුමාරිකාවූ තෝ මා විසින් අත්ගන්නා ලද්දී මහ වනයෙහි අද හඬන්නෙහිය. තිගේ ස්වභාව ධර්මය කිනම්ද?
යමෙක් දුකින් පහකරණ ලද්දාවූ මට පිහිටවන්නේද මාගේ ඒ පියතෙමේ වනයෙහි ද්‍රොහිකම් කෙරෙයි. ඒ මම වනය මැද කවරෙකුට හඬා කියම්ද? යමෙක් රක්ෂා කරන්නේද, හෙතෙමේ සැහැසි කම් කෙරේ.
7. සෙග්ගුජාතකං.
කෛරාටිකයාට මේ කෛරාටිකකම මනාකොට සිතනලදී. ප්‍රයෝගකාරයාට නැවත ප්‍රයෝගය සුදුසු කොට කරණලදී. ඉදින් මීයෝ හීවැල් කෑවාහුනම් උකුස්සෝ කුමාරයා කුමක් හෙයින් නොගෙණ යන්නාහුද?