සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තෙහිය. රටින් ජලය නැති වනයට ආයේ හේ නුඹ තනිව වනයෙහි ගසක් මුල බැගෑපත්වූවෙකු මෙන් සිතන්නෙහිය.
සුවසේ ජීවත්වූ ස්වරූප ඇත්තේ වෙමි. ස්වකීයවූ රටින් ජලය නැත්තාවූ වනයට ආයේ වෙමි. ඒ මම හුදකලා වූයේ වනයෙහි ගසක් මුල බැගෑපත්වූවක්හු මෙන් සත්පුරුෂයන්ගේ ධර්මය සිහිකරමින් සිතම්.
10. ධම්මද්ධජජාතකං.
බීරණථම්භවග්ගො සත්තමො.
එහි උද්දානය:
ඉන්පසු බීරණත්ථම්භක ද, නට ද, භරුරාජ, පුණ්ණනදී, බහුභාණී, අග්ගි, පවන, මූසිකා, ලම්බත්ථන සහ කපණ යන මේ දසය යි.
8. කාසාව වර්ගය
පහනොකරණලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්රය වැළඳගන්නේද, ඉන්ද්රිය දමනයෙන් හා පරමාර්ථ සත්යයෙන් පහවූ ඒ පුද්ගලයා සිවුරට නුසුදුසුයි.
යමෙක් වනාහි දුරුකරණලද කෙළෙස් කසට ඇත්තෙක් වන්නේද, ශීලයන්හි මනාව පිහිටියේද ඉන්ද්රිය දමනයෙන් හා වාක් සත්යයෙන් යුක්තවූයේද, හෙතෙම ඒකාන්තයෙන් කාෂාව වස්ත්රයට හෙවත් සිවුර දැරීමට සුදුසු යයි.
1. කාසාවජාතකං.
පාරාසරිය නම් බමුණු තෙම තෝ පාපය නොකරවයි යම්බඳු පාපයක් කරණලදද, තෝ පසුව තැවෙන්නේය කියා යම් වචනයක් එකල්හි කීයේද, මේ ආචාර්යයාගේ කීමයි.
පුරුෂතෙම යම් පාප කෙනෙකුන් කෙරේද, ඒ පාපයන් තමා කෙරෙහි දකියි. යහපත කරන්නේය. යහපත දකියි. පව් කරන්නේද, අයහපතම දකියි. යම්බඳුවූ බිජුවට වපුරාද එබඳුවූ ඵලයක් හැරගණී.
2. චූළනන්දියජාතකං.
නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේය. තමා සේවනය කරන්නහු සේවනය කරන්නේය. තමාගේ උපන් කටයුත්තට අනුව කටයුතු කරන්නාහට කටයුතු කරන්නේය. අවැඩ කැමැත්තාහට වැඩක් නොකරන්නේය. තමා සේවනය නොකරන්නහුද තෙමේද සේවනය නොකරන්නේය.
තමා අත්හරින්නහු තෙමේද හරනේය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නොකරන්නේය. පහවූ සිතින් සේවනය නොකරන්නේය. ඒ එසේමැයි. වෘක්ෂය, ක්ෂීණවූ ඵල ඇතැයි දැන පක්ෂිතෙම අනික් ගසක් බලා යන්නේය. ලෝකය වනාහි මහත්වේය.
3. පුටභත්තජාතකං.