265. “ගංගානම් ගඟෙහි උපන් මත්ස්යයාද හොබනේය. තවද යමුනා නම් ගඟෙහි උපන් මත්ස්යයාද හොබනේය. නුගරුකකට බඳුවූ වට ඇති රථ හිසක්සේ දික්වූ ග්රීවාද ඇති චතුෂ්පාදවූ මේ පුරුෂතෙම තොප සියල්ලක්ම ඉක්මවා බබළයි.
266. “යමක් විචාරණ ලද්දේද, එය නොකීයෙහිය. විචාරණ ලද්දේ අනිකක් කීයෙහිය. ආත්ම ප්රසංසා කරණ මේ පුරුෂතෙම අපට රුචි නොවේයයි” කීයේය.
ගඞ්ගෙය්යජාතකං පඤ්චමං.
267. “ඉදිබුව, එබැවින් වරපටින් ඇඹරූ පුඩු මලය දත්වලින් කපව, වැද්දා යම්සේ නොඑන්නේද, එසේම මම කරන්නෙමි.
268. “කච්ඡපයා ජලයට ප්රවිෂ්ට විය. කුරුංගමෘගයා වනයට වැදුනේය. ශත පත්රනම් ලිහිණි තමාහුන් ගස මුදුනින් දුරට දරුවන් ගෙණ ගියේයයි” කීයේය.
කුරුඞ්ගමිගජාතකං ඡට්ඨං.
269. “ඔහු කැමැත්තාවූ මා විසින් කැමතිවූ ප්රියවූ ස්වාමිවූ අශ්වක නම් රජු හා සමග මේ උයන් පෙදෙස හැසිරෙන ලදී.
270. “අළුත්වූ සුවදුක් දෙකින් පැරණිවූ සුවදුක් මුවාකරණු ලැබේ. එහෙයින් අශ්වක නම් රජුට වඩා මේ ගොම පණුවාම මට ඉතා ප්රිය වේයයි” කීයේය.
අස්සකජාතකං සත්තමං.
271. “සමුද්රයාගේ හෙවත් ගංගාවගේ එතෙර යම් අඹ ආදි ඵල කෙනෙක් දක්නා ලද්දාහුද, ඒ තා විසින් දැක කියනලද අඹවලින්ද, දඹවලින්ද වැළ වරකා වලින්ද කම් නැත. මාගේ අට්ටික්කා ගසම උතුම් වේ.
272. “සුංසුමාරය, තාගේ ශරීරය ඒකාන්තයෙන් මහත්ය. ඒ ශරීරයට සුදුසු ප්රඥාව නැත. මා විසින් තෝ වංචාකරණ ලද්දෙහිය. දැන් සැපසේ යවයි කීයේය.”
සුසුමාරජාතකං අට්ඨමං.
273. “මා විසින් වනයෙහි අශ්ව කර්ණ නම් වූද, හෙවත් හෙළ මුරුත නම් වූද, බුළු නම් වූද, යම් වෘක්ෂ කෙනෙක් දක්නාලද්දාහුද, ඒ වෘක්ෂයෝ වෘක්ෂය. යම්සේ තෝ ඔබමොබ යාහැක්කෙහිද, එපරිද්දෙන් ඇවිදින්ට නොහැකි වෙත්.
274. “මැදිරිය බිඳගෙණ ආවාවූ මේ පුරාතනවූ කර්කරයා වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැලවීමෙහි දක්ෂවූයේ පළායන්නේයයි” කියයි.
කුක්කුට (කක්කර (සී. ස්යා. පී.)) ජාතකං නවමං.
275. “පිංවත, කුඩා පත්ර ඇති කටු සහිතවූ මේ ගස කිනම්වේද? යම් ගසෙක්හි එක පහරින් මස්තකය බිඳී ගියේදැයි” (විචාළේය)
276. “හර නැත්තාවූ කාෂ්ට අවයව ඇති හිඹුල් එරබඳු ආදීවූ ගස්වලට විදින්නාවූ මේ කන්ද ගලකයා පුරුදු ඇත්තෙක පසුව යම් ගසෙක්හි පක්ෂිතෙම මස්තකය පැලී ගියේද, එසේවූ හටගත් හර ඇති කිහිරිගසට පැමිණියේයයි” කීයේය.
කන්දගලක (කන්දලක (ක.)) ජාතකං දසමං.
නතංදළ්හවග්ගො ඡට්ඨො
එහි උද්දානය:
දළ්හබන්ධන, හංසවර, විරූපක්ඛ, සවිට්ඨක, මච්ඡවර, සකුරුඞ්ග, අස්සක, අම්බවර, කක්කරක සහ ගරුළ යන දසයයි.