241. “සිත්කළුවූ හිමාලය පර්වතයට සමීපව පැතිරසිටි භූමියෙහි සිහිල් දියෙන් පිරුණාවූ පොකුණක් හෙවත් ගංගාවක් ඇතිවූවාය. සිංහයෙකු විසින් රක්නාලද ඒ පොකුණ හිවලෙක් එය දන්නේම එහි වැද පැන් බීවේය.
242. “මහරජ, ඒකාන්තයෙන් දිවි ආදිවූ සියලු සිව්පාවෝ මහගඟ පැන් බොත්මය. එහෙයින් ගංගා නොවූයේ නොවෙයි. තට ඉදින් තොප අඹු ප්රියවීනම් ක්ෂමාකරව, හෙවත් ඉවසවයි” කීයේය.
පබ්බතූපත්ථර (පබ්බතපත්ථර (සී. ස්‍යා. පී.)) ජාතකං පඤ්චමං.
243. “යම් මනුෂ්‍ය කෙනෙක් බුදුන් විසින් දේශනා කරණලද අවවාදය නොකෙරෙද්ද, ඔව්හු තුමූ රකුසයන්ගේ රැවටිල්ලෙන් බලවත් විනාශයට පැමිණියාවූ වෙළෙන්දන් මෙන් ව්‍යසනයට පැමිණෙන්නාහ.
244. “යම් මනුෂ්‍ය කෙනෙකුන් බුදුන් විසින් දේශනා කරණලද අවවාදය කෙරෙද්ද, ඔව්හු වළාහක අශ්වරාජයා නිසා කැමති තැනට පැමිණියාවූ වෙළෙන්දන් මෙන් සුවසේ පරතෙරට හෙවත් නිවනට පැමිණෙන්නාහුයයි” වදාළේය.
වලාහකස්ස (වාලාහස්ස (සී. පී.)) ජාතකං ඡට්ඨං.
245. “ඔහු දැක සිනහ නොවෙයි. ඔහුගේ වචනය අසා සතුටු නොවෙයි. මේ ද්වේෂ ඇත්තහුට ඇස් නොදෙයි. හෙවත් ඍජුව ඔහු දෙස නොබලයි. විරුද්ධවද පවත්නේයි.
246. “මෙකී ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙත්. නුවණැත්තේ යම් කරුණෙකින් දැකද අසාද සතුරා ඇඳින ගන්නේද ඔහුගේ මේ ආකාරයෝය යනු අභිප්‍රායයි.
මිත්තාමිත්තජාතකං සත්තමං.
247. “පුත්‍රය, දැන් පිටත සිට ආයෙමි. කලක්ගතවූයේ නොවෙමි පුත්‍රය, තාගේ මව කිමෙක්ද? අනිකෙකු සේවනය කෙරේදැයි” විචාළේය.
248. “සත්‍යයෙන් යුක්තවූ මේ වචනය මනාකොට කිය හැකි නොවේ. (ඉදින් වූ පරිදි කීයෙම් නම්) උණු හළුයෙහි දවා හොවන ලද පොට්ඨපාද ගිරවා මෙන් හෝනේයයි” කීයේය.
රාධජාතකං අට්ඨමං.
249. “මට මේ කරුණු දෙකම නොරුචිය. කරුණු දෙකම මට රුචි නොවේ. කොටුවට බැස්සාවූ යම් මේ (පවිටු තැනත්තියක්) (වී) නොදකිමියි කියාද,”
250. “ගම්පතිය, තට කියමි. ඉතා දුක්වූ ස්වල්පවූ ජීවිතය පවත්නා කල්හි මාංශය අපට දෙන්නේ කෙට්ටුවූ මහළු ගොණා දෙමසක් කල් නියමකොට ඒ කාලය නොපැමිණි කල්හි ඉල්වන්නෙහිය. එයද මට රුචි නොවෙයි.”
ගහපතිජාතකං නවමං.
251. “එකෙකුගේ ශරීරයෙහි අභිරූප භාවය ඇත. එකෙකුගේ වෘද්ධි භාවය ඇත. එකෙකුගේ සුජාත භාවය හෙවත් කුලවත්බව ඇත. එකෙකුගේ සුශීලභාවය ඇත. බමුණ තොපම විචාරමු. ඒ සතර දෙනා අතුරෙන් කවරක්හු කැමැති වෙමුද? (නොහොත්) කවරක්හට දෙමුද?
252. “අභිරූප ශරීරයෙහි අභිවෘද්ධියෙක් ඇත්තේය. වෘද්ධි භාවයට නමස්කාර කරන්නේය. කුලවත් පුරුෂයා කෙරෙහි වැඩෙක් ඇත. අපට නම් ආචාරාදී ශීලය රුචිවේයයි” කීයේය.
සාධුසීලජාතකං දසමං.
රුහකවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අම්භොරුහක, රූපවතී, මුසල, පවසන්ති, සපඤ්චම පොක්ඛරණි, අථ මුත්තිම, වාණිජ, උම්භයතෙ, චිරආගත, කොට්ඨ සහ සරීර යන දසයයි.