225. “උස්වූ ගසෙහි නැගී රහසිගතව මන්ත්රණය කරහුය බැස පහත් තන්හී සිට මන්ත්රණය කරව්. මෘග රාජයාද අසයි.
226. “යම්හෙයකින් සුපර්ණනම්වූ හංසාය සුපර්ණයකු හා දෙවතාත්මවූ හංසයා දෙවතාත්මවූ හංසයකු හා මන්ත්රණය කෙරේද, ඒ මන්ත්රණයෙහි කරුණු සතරකින් (හෙවත්) සතර ගුණයෙන් හීණවූ තට කවර ප්රයෝජනයෙක්ද, ජම්බුකය, බිලයට ඇතුළු වෙවයි,” කීයේය.
චතුමට්ඨජාතකං සත්තමං.
227. “සිංහයන්ට බඳුවූ ඇඟිළි ඇති. සිංහයන්ට බඳුවූ නිය ඇති. සිංහ පාදයෙහි පිහිටි ඒ සිංහතෙම සිංහ සමූහයෙහි අන්යයන් හා අසමානව අන් පරිද්දකින් නාද කෙරේ හෙවත් සිවල් හඬින් හඬයි.
228. “සිංහරාජයාගේ පුත්රය, තෝ නාදනොකරව, නිශ්ශබ්දව වනයෙහි සිංහයන් අතර වාසය කරව. ස්වරයෙන් වනාහී තා දැන ගත්තාහුය. තට පියා සතු ස්වරය නැත්තේයයි” කීයේය.
සීහකොත්ථුජාතකං අට්ඨමං.
229. “මෙය සිංහයෙකුගේ නාදය නොවෙයි. ව්යාඝ්රයෙකුගේ නාදය නොවෙයි දිවියෙකුගේ නාදය නොවෙයි සිංහ සමකින් පොරොවණලද ලාමකවූ කොටළුවෙක් නාද කෙරෙයි.
230. “කොටළුවා සිංහ සමින් පොරවන ලද්දේ, නිල්වූ යව බොහෝ කලක්ම කන්නේය, කොටළු හඬින් හඬන්නේම දූෂ්ය වූයේ යයි” කීයේය.
සීහචම්මජාතකං නවමං.
231. “ශ්රද්ධාවගේද, ශීලයාගේද, පරිත්යාගයාගේ ද මේ ආනිශංස ඵලය බලව, දිව්ය නාගතෙම නැවක ආකාරයෙන් ශ්රද්ධාව ඇති උපාසකයා උසුලයි.
232. “සත්පුරුෂයන් හා සමග එක්ව වාසය කරන්නේය. සත්පුරුෂයන් හා මිත්ර සන්ථවය කරන්නේය. ප්රයෝජන කිමදයත්? සත්පුරුෂයන්ගේ වනාහි එක්ව වාසයෙන් කරනැවෑමිවූ අසත්පුරුෂයා පවා සුවසේ යන්නේ යයි” කීයේය.
සීලානිසංසජාතකං දසමං.
අසදිසවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
ධනුග්ගහ, කුඤ්ජර, අප්පරස, ගිරිදත්ත, අනාවිල, චිත්තවර, දධිවාහන, ජම්බුක, සීහනඛ, හරිතයව සහ නාගවර යන දසයයි.