21. “අර්ථය දන්නාවූ ආචාර ආර්යවූ පුද්ගලතෙමේ අනාර්යවූ හෙවත් නිර්ලජ්ජවූ නින්දිතවූ පුද්ගලයා හා වශයෙන් එක්වීමක් වේවයි යහළු කමක් වේවයි නොකරන්නේය. කුමක් හෙයින්ද යත්? බොහෝ කලක් එක්ව විසූයේද, එය නොසලකා පාප ක්රියාවක් කරන්නේය. කුමක් මෙන්ද යත්? ඉන්ද්රසමාන ගොත්ර නම් තපස්වීහු (කළ්යාණ මිත්ර කම නොසලකා මැරූ) හස්තියා මෙනි.
22. “සීලයෙන්ද ප්රඥාවෙන්ද ශ්රැතයෙන් දැයි මා හා සමානයයි යමක්හු වනාහි දන්නේද ඔහු හා සමගම මිත්රත්වය කරන්නේය. කුමක් හෙයින්ද යත්? සත්පුරුෂයා හා සංගමය සුව එලවන්නේයයි” කීයේය.
1. ඉන්දසමානගොත්ත ජාතකය.
23. “නින්දිත පුරුෂයා හා යම් එක්වීමක් වේද, ඒ එක්වීමට වඩා අධිකවූ ලාමක කමෙක් නැත්තේය. කුමක් හෙයින්ද යත්? ගිතෙලින්ද කිරිබතින්ද සන්තර්පණය කරණලද වහ්නි දෙවතාවා දුකසේ කරණලද පර්ණකුටිය (පන්සල) දැවීද, එහෙයිනි.
24. “සත්පුරුෂයා හා යම් එක් වීමෙක්වේද, ඒ මිත්ර සමාගමයට වඩා අධිකවූ ශ්රේෂ්ඨ කමෙක් නැත්තේය. කුමක් හෙයින්ද යත්? සාමාවූ මුවදෙන සිංහයෙකුගේද ව්යාඝ්රයෙකුගේද දිවියෙකුගේද මුහුණ මිත්ර සම්බන්ධයෙන් ලොවීයයි” කීයේය.
2. සන්ථව ජාතකය.
25. සුදුවූ දළ ඇති රන් දැලින් ගැවසීගත් සියයකටද වැඩිවූ තොපගේ මේ මුවෝ කෘෂ්ණ මෘගයහ. තොපගේ මේ හස්තීන් සුසීමය. පිය මුතුන් සම්බන්ධව සිහි කරමින් දෙමියි කීයෙහිද?
26. “සුදුවූ දළ ඇති රන් දැලින් වැසුනාවූ මාගේ මේ මෘගයෝ කෘෂ්ණ මෘගයහ. මාණවකය, ඒ මේ තොපගේ මේ ඇතුන් පියමුතුන් සම්බන්ධව සිහි කරන්නෙම් දෙමියි කියමියි” කීයේය.
3. සුසීම ජාතකය.
27. “ගිජුලිහිණිතෙමේ යොදුන් සියයක් ඉක්මවා සිටියාවූද කුණපයන් බලයි යන යමක්වේද, කුමක් හෙයින් දැලටත් පාසයටත් හෙවත් පුඩුවටත් පැමිණ ද දැන නොගත්තෙහිද,
28. “ජීවිත විනාශය යම් කලෙක්හි වේද එකල්හි සත්ව තෙමේ දැලටද පාපයටද පැමිණෙත් (ජීවිත විනාශ කරණය) නොදනීය”යි කීයේය.
4. ගිජ්ඣ ජාතකය.
29. “ජලාබුජය, අමිත්රවූ අණ්ඩජයා හා සමග මිත්ර භාවය කොට දළ විවෘත කොට ශයනය කෙරෙහිය. තොපට භය කොයින් ආයේද? (මුගටියන් දලබුවෙන් උපදනා හෙයින් ජලාබුජයයි ආමන්ත්රණය කොට සර්පයන් බිජුවටින් උපදනා හෙයින් අණ්ඩජ යයි කීහ.)
30. “අමිත්රයා කෙරෙහිදු සැක කරන්නේමය. මිත්රයා කෙරෙහිද විශ්වාසය නොකරන්නේය. කුමක් හෙයින්ද යත්? (මොහු කෙරෙන් භය නූපදනේ යයි නිශ්චය කළ මිත්රවූ) අභය ස්ථානයෙන් උපන්නාවූ භය මූලයන්ද කපයි. හෙවත් සර්වප්රකාරයෙන් විනාශ කරන්නේයයි” කීයේය.
5. නකුල ජාතකය.
31. “උපසාළ්හක නම් ඇත්තවුන්ගේ සහස්රයෝ තුදුස් දෙනෙක් හෙවත් දහහතර දහසක් මේ ප්රදෙශයෙහි දවන ලදහ. ලෝකයෙහි නොමළ තැනක් නැත්තේය.
32. “යම් පුද්ගලයෙකු කෙරෙහි චතුස්සත්ය වස්තුකවූ පූර්ව භාග සත්ය නාමයද, ලොකොත්තර ධර්මයද, අවිහිංසාවද, ශීල සංයමයද, ඉන්ද්රිය දමනයද යන මේ ගුණ විශේෂයෝ ඇද්ද, බුද්ධාදී ආර්යයෝ මෙය සේවනය කෙරෙත්ද, ලෝකයෙහි මේ ගුණ සමූහය අමෘත භාවය සාධක හෙයින් අමෘත ස්ථාන නම් වේයයි” වදාළේය.
6. උපසාළ්හක ජාතකය.
33. “මහණ, යෞවන අවස්ථාවේ කාමානුභව නොකොට ශික්ෂායෙහි හැසිරෙහි. කාමානුභාවය කොට භික්ෂායෙහි හැසිරෙන්නෙහි නොවේද? මහණ, තරුණ කාලයෙහි පඤ්චකාමය අනුභව කොට මහලු කල්හි භික්ෂායෙහි හැසිරෙව. පඤ්චකාමානුභාවයට සුදුසු යෞවන කාලය තෙමේ ඔබ ඉක්මවා නොයේවා.”
34. “මම කාලය නොදනිමි. කාලය තෙමේ සැඟවුනේ නොදක්නා ලැබේ. එහෙයින් කාමානුභවය නොකොට හැසිරෙමි. මා තපස් කාලය ඉක්ම නොයේවායි” කීයේය.
7. සමිද්ධි ජාතකය.