8. පණ්ඩරකජාතකං.
“විසුරණාවූ වචන ඇති නොසඟවනලද මන්ත්රණ ඇති සංයම් නැත්තාවූ මේ කිය යුතුය, නොකිය යුතුයයි පරීක්ෂාවක් නැති, නුවණ නැති ඒ පුද්ගලයා තමා විසින් කරණලද්දාවූම භය අනුව යෙයි. කුමක් මෙන්ද යත්, පණ්ඩරක නාග නම්වූ මේ අනුව ගිය සුපර්ණයා මෙනි.
“යම් මිනිසෙක් සැඟවියයුතු රහස් මන්ත්රය කථා කරමින් එය රැකිය නොහැක්කහුට මුළාවෙන් කියාද, බිඳුනා වූ මන්ත්ර ඇති ඒ පුද්ගලයා වහා භය අනුව යෙයි. කවරෙකු මෙන්ද යත්, පණ්ඩරක නාග නම් වූ මා අනුව ගිය සුපර්ණයා මෙනි.
“අනුව පවත්නාවූ මිත්රතෙම ගරුවූ සැඟවියයුතු කරුණ දැනගන්ට සුදුසු නොවේ. සුහද මිත්රතෙමේද ප්රඥා නැත්තේ හෝ ඇත්තේ හෝ අනර්ථ ඇත්තේද රහස දැනගන්ට සුදුසු නොවේ.
“මේ අචේලකතෙම ශ්රමණයෙක් යයිද, ලෝක සම්මත යයිද, වඩනාලද සිත් ඇත්තේයයිද හඟිමින් මම විශ්වාසයට පැමිණියෙමි. ඔහුට මම සැඟවියයුතු කරුණ ප්රකටකොට කීමි. එහෙයින් ඉක්මුණු අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬයි.
“උතුම්වූ සුපර්ණය, පළමුකොට මම ඔහුට කියනලද සැඟවියයුතු මේ වචනය ආරක්ෂාකරන්ට නොහැකිවිමි. මේ භය මට ඔහුගේ පාර්ශවයෙන් ආයේයයි ඉකුත්වූ අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬමි.
“යම් මිනිහෙක් ඒකාන්තයෙන් සුහෘදයයි හඟිමින් පහත් කුල ඇත්තෙකු කෙරෙහි ද්වේෂයෙන් හෝ නොහොත් රාගයෙන් ඇළුනේ හෝ සැඟවියයුතු කරුණ කියාද, ඒ අඥාන තෙම සැක නැතිව පෙරලා පැමිණවූයේ නසන ලද්දේ නම්වේ.
“සඟවනලද වචනඇති අසත්පුරුෂයන්ට ඇතුලත්වූ යමෙක් සැඟවියයුතු වචනය පිරිස් මැද කියාද, ඒ මිනිසා ආශීර්විෂයෙකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැයි කියත්. එබඳු පුරුෂයා කෙරෙන් දුරින්ම දුරු වන්නේය.
“ආහාරද, පාන වර්ගද, කශීවස්ත්රද මනවඩන ස්ත්රීන්ද මල්මාලාද, දිව්යවූ සුගන්ධ සඳුන්ද යන සියලු කාම සම්පත් හැරදමා යන්නෙමු. පින්වත් සුපර්ණය ඔබට ප්රාණයෙන් යුක්තව පැමිණියෙමුයි හඬමින් කීයේය.
“මේ ලෝකයෙහි ප්රාණියෙකුවූ නාගරාජය, ශ්රමණයාද සුපර්ණයාද තවද ඔබද යන මෙහි තුන්දෙනා අතුරෙන් කවරෙක්නම් නින්දාවට පැමිණේද, කවර කරුණකින් සුපර්ණයා විසින් මා ගන්නා ලද්දේදැයි තමාටම නින්දාකෙරෙහිද
“ඒ ශ්රමණතෙම මා විසින් යහපතැයි සම්මත කරණ ලද්දේ විය. මට ප්රියයෙක්ද විය. සිතින් සම්භාවනා කරණ ලද්දෙක්ද විය. එහෙයින් ඔහුට මම සැඟවිය යුතු කරණ ප්රකටකොට කිමි. ඒ හේතුකොට ගෙණ දැන් ඉක්මවූ අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬමියි කීයේය.
“නාගරාජය, පෘථිවියෙහි නොමැරෙන ස්වභාව ඇති සත්වයෙක් නම් නැත්තේය. ප්රඥාව සමානවූ නින්දා නොකට යුත්තක්ද නැත. සත්ය වචනයෙන්ද සුචරිත ධර්මයෙන්ද ප්රඥාවෙන්ද, ඉන්ද්රිය දමණයෙන්ද මේ ලෝකයෙහි මනුෂ්යතෙම නොලැබියහැක්ක ලබාගනියි.