6. මහාකපි ජාතකය.
2890. “බරණැස් නුවර කශීදනව් වැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජෙක් වූයේය. මිත්‍රයන්ගෙන්ද, ඇමැතියන්ගෙන්ද පිරිවරණලද ඒ රජතෙම මිගාජිර නම් උයනට ගියේය.
2891. “එහිසේවත කුෂ්ටයෙන් සුදුවූ කබර රෝගයෙන් කැළල්වූ කුෂ්ටරෝග ඇත්තාවූ පිපීගිය කොබෝලීල ගසක් මෙන් විශේෂයෙන් නැසුනාවූ කෘෂවූ ඉල්පී ගිය නහර ඇත්තාවූ බමුණෙකු දුටුවේය.
2892. “ඉතා කරුණා කළයුතුබවට පැමිණියාවූ, දුකට පැමිණියාවූ ඒ මිනිසා දැක විෂ්ම පත්වූ රජතෙම සතුන් අතුරෙන් තෝ කවරෙක්දැයි ඇසීය.
2893. “තොපගේ අත් පා සුදු වෙත් හිස, එයට වඩා සුදුය. තොපගේ ශරීරය තිත් සහිතය. තෝ කුෂ්ටය බහුලකොට ඇත්තේද වෙහි.
2894. “තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත්විය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල් පුරුක් මෙන්වූහ. මෙබඳුවූ අන් පුරුෂයෙකු නොදිටිමි.
2895. “රජසින් ගැවසීගත් පා ඇති හටගත් උද්වෙග ඇති කෘෂවූ ඉල්පුනු නහර ඇති සයින් පිඩීතවූ තෝ වියලීගිය ශරීර ඇත්තෙක් වෙහිය. කොයි සිට ආයෙහිද, කොතැන්හි යෙහිද,
2896. “දැකිය නොහැකිවූ ශරීරාකාර රහිතවූ දුර්වරණවූ භයානක දැකුම් ඇත්තෙක් වෙහිය. තොපගේ වැදූ මවවූ යම් තැනැත්තියක්වේද, ඒ මවද තා දකින්ට නොකැමැති වන්නේය.
2897. “පෙර කිනම් කර්මයක් කෙළේද, කවර වධ නොකොට යුත්තෙකු නැසුයේද, යම් ඒ දරුණු කර්මයක්කොට මේ දුකට පැමිණියේදැයි රජතෙම ඇසීය.
2898. “මේ ලෝකයෙහි වනාහි සත්‍ය වචන ඇත්තහුට පණ්ඩිතයෝ ප්‍රශංසාකෙරෙත්. එබැවින් මම දක්ෂ පුරුෂයෙක් යම්සේද, එසේ ඔබට කියන්නෙමි.
2899. “මම තනිව ගවයන් සොයා ඇවිදිමින් මුළාවූයේ අරාජකවූ හිස්වූ විවේකයෙන් නොයෙක් හස්තීන් විසින් සේවනය කරණ ලද්දාවූ හිමාලයෙහි මනුෂ්‍යපථය ඉක්මවා හැසුරුණෙමි.
2900. “චණ්ඩ මෘගයන් විසින් හැසිරෙනලද වනයෙහි මම මුළාවූයෙමි. එහි සත් දිනක් සා පිපාසා දෙකින් පෙළුනේ හැසුරුනෙමි.
2901. “එහි අනුභව කරණු කැමැත්තේ විෂම තැනෙක්හි පිහිටියාවූ ප්‍රපාතයට අභිමුඛව එල්බෙන්නාවූ මිහිරි ඵල දරන්නාවූ තිඹිරි ගසක් දුටුයෙමි.
2902. “සුළඟින් වැටුනාවූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචිවූහ. එයින් තෘප්තියට නොපැමිණියේ ගසට නැග එහි හිඳගෙණ උන්නෙමි.
2903. “එක ගෙඩියක් මා විසින් අනුභව කරණ ලද්දේවිය. දෙවන ගෙඩියක් කැමතිවන ලදී. එහෙයින් ඒ අත්ත පොරොවෙන් කැපුවාක් මෙන් බිඳුනේය.