3. ජයද්දිස ජාතකය
64. “ඒකාන්තයෙන් නිරාහාරව සිටින්නාවූ මට අද සත්වන දවසෙහි ආහාර අනුභව කරණ කාලයෙහි බොහෝ කලකින් මහත්වූ කෑයුත්තෙක් පහළවිය. එබැවින් එය කියව, යම්සේ දන්නාලද්දේ වේද, එසේ ජාතිය කියව. කොයි සිට ආයෙහිද, කවරෙක් හෝ වෙහිදැයි (මිනිස් යකා ඇසීය.)
65. “මුව දඩයමට ප්‍රවිෂ්ටවූ ජයද්දිස නම් ඉදින් තොප විසින් අසන ලද්දේද, ඒ මම පර්වත පාර්ශවයන්හිද වනයන්හිද හැසිරෙමි. මේ පසද මෘගයා අනුභව කරව. අද මා මුදවයි (ජයද්දිස රජතෙම කීයේය.)
66. “නුඹ මා සතුවූම දෙයින් කියන්නෙහිය. හිංසා කරණු ලබන්නේ යමක් කියන්නෙහිද මේ පසද මුවා මාගේ ගොදුරවේ. පළමුකොට තා අනුභව කොට අනුභව කරණු කැමති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැළපීමට කාලය නොවේයයි (යක්ෂතෙම කීයේය.)
67. “ඉදින් මාගේ ගණු දෙනුවෙන් මිදීමක් නැත්තේද, එහෙයින් ගොස් බ්‍රාහ්මණයාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරලා ඊමට ප්‍රතිඥා ගණුව, සත්‍ය වචනය රක්නේ නැවත මෙහි එන්නෙමියි (රජතෙම කීයේය.)
68. “මහරජ, මරුවා සමීපයට පැමිණියාවූ තා කිනම් කර්මයක් තවයිද, හෙට උදෑසන ඊමට හැක්කේහි නම් අවසර දෙන්ට හැක්කෙමුයි එය මට කියවයි කීයේය.
69. “මා විසින් බ්‍රාහ්මණයෙකුට ධනය දෙමියි එහි ආශාව ඇති කරණ ලදී. ඒ පොරොන්දුවූ ඇපය නුමුදන ලදී. ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාට දී සත්‍ය වචනය රකිමින් මම නැවත මෙහි එන්නෙමියි (රජතෙම කීයේය.)
70. “ඔබ විසින් බ්‍රාහ්මණයාට යම් ධනාශාවක් කරණ ලද්දීද ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේද, ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාට දී සත්‍ය වචනය රකිමින් නැවත මෙහි එවයි යක්ෂතෙම කීයේය.
71. “කාමයන් කැමති වන්නාවූ ඒ රජතෙම පෝරිසාදයා අතින් මිදුනේම ස්වකීය රාජමන්දිරයට ගොස් ඒ පොරොන්දුවූ ධනය බමුණාට දී අලීනසත්ත නම් පුත්‍ර කුමාරයා කැඳවූයේය.
72. “පුත්‍රය, අදම රාජ්‍යයෙහි අභිෂෙක වෙව. රටවැස්සන් කෙරෙහිද ජනයන් කෙරෙහිද දැහැමින් රාජ්‍යය කරව, අධර්මයෙන් රාජ්‍යය කිරීමක් නම් තාගේ රටෙහි නොවේවා මම පෝරිසාදයාගේ සමීපයට යමියි (රජතෙම කීයේය.)