2034. “ඍෂීන් වහන්ස, සියල්ලන්ට පළමුව ගෙණනලද මම සුරුචිනම් රජහුගේ භාර්ය්යාවවූ අගමෙහෙසිය වෙමි. යම්කලෙක සුරුචි රජතෙම මා ගෙණයේද, එතැන්පටන් දසදහසක් අවුරුදු මම මෙහි තනිව වාසය කෙළෙමි.
2035. “ඒ මම විදෙහ රට මියුළු නුවරට අධිපතිවූ සුරුචි නම් රජහු කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ඉදිරියෙහිද රහසෙහිද ඉක්මවා සිතීම්යයි නොදනිමි.
2036. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණකොට ගෙණ මට පුතෙක් උපදීවා. බොරුකියන්නාවූ මාගේ මුදුන සත් කඩක්ව පැලේවා.
2037. “ඍෂීන්වහන්ස, ප්රිය මනාපවූ මාගේ ස්වාමීහුගේ මව්ද පියාද යන ඒ නැදිමයිලන් දෙදෙනා මා හික්මවන්නාහු යම්තාක් ජීවත්ව සිටියාහුද ඒ තාක්
2038. “ඒ මම අවිහිංසා ඇළුම් ඇත්තී ඒකාන්තයෙන් කුශල ධර්මයන්හි හැසිරෙන්නී රෑ දාවල් දෙක්හි අනලස්ව ඔවුන්ට සකස්කොට උපස්ථාන කෙළෙමි.
2039. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණකොට ගෙණ මට පුත්රයෙක් උපදීවා. බොරු කියන්නීවූ මාගේ හිස සත්කඩක්ව පැලේවා.
2040. “බ්රාහ්මණය, සමාන භාර්ය්යාවූ සොළොස් දහසක් ස්ත්රීහු වෙත්. ඔවුන් කෙරෙහි කිසිකලෙකත් මාගේ ඊෂ්ය_ාවක් හෝ ක්රෝධයක් හෝ නොවීය.
2041. “ඔවුන්ට හිත වශයෙන් සතුටුවෙමි. කිසි ස්ත්රියකුත් මට අප්රිය නොමවිය. හැමකල්හි ඒ සියලුම සම්පත්තීන්ට තමාට මෙන් අනුකම්පා කරමි.
2042. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණකොට ගෙණ මට පුතෙක් උපදීවා බොරු කියන මාගේ හිස සත් කඩකට පැලේවා.
2043. “දාසයන්ය, කම්කරුවන්ය, පණිවිඩකාරයන්ය යන සෙසු අනුව ජීවත්වන්නාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුන් හැම කල්හි සතුටුවූ ඉඳුරන් ඇත්තී සමාන භාවයෙන් පොෂණය කරමි
2044. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණකොට ගෙණ මට පුත්රයෙක් උපදීවා. බොරු කියන්නාවූ මාගේ හිස හත් කඩක්ව පැලේවා.
2045. “තවද ශ්රමණයන්ද බ්රාහ්මණයන්ද සෙසු වනිබ්බක යාචකයන්ද හැමකල්හි පිරිසිදු අත් ඇත්තී ආහාරයෙන් හා පානයෙන් සතුටු කෙරෙමි.
2046. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණ කොට ගෙණ මට පුතෙක් උපදීවා බොරු කියන්නී නම් මාගේ හිස හත් කඩක්ව පැලේවා.
2047. “තවද පක්ෂය සම්බන්ධවූ යම් තුදුස්වකය, පසළොස්වකය අටවකය ප්රාතිහාර්ය්ය පක්ෂය යන දවස් වෙද්ද, ඒ පොහෝ දිනයන්හි හැමකල්හි පංචසීලයෙහි පිහිටියාවූ මම අංග අටකින් යුත් පෙහෙවස සමාදන්ව වාසය කරමි.
2048. “ඍෂීන් වහන්ස, මේ සත්ය වචනය කරණකොට ගෙණ මට පුත්රයෙක් උපදීවා බොරු කියන්නී නම් මාගේ හිස සත් කඩක්ව පැලේවායි කීයේය.
2049. “සොඳුරුවූ යශස් ඇති රාජපුත්රිය, නුඹ තමන් කෙරෙහි විද්යමානවූ යම් ගුණ ප්රකාශ කෙළෙහිද, ඒ සියලුම ස්වභාව ගුණයෝ තී කෙරෙහි විද්යමානවෙත්.
2050. “ක්ෂත්රිය වූ ජාතිසම්පන්නවූ අතිජාත පුත්රවූ යශපිරිවර ඇත්තාවූ විදෙහ වාසීන්ට ධර්ම රාජන්වූ පුත්රයෙක් ඔබට උපදින්නේයයි ශක්රතෙම වරප්රදානය කෙළේය.
2051. “තවුස් වෙස් ගත්තාවූ රජස් දැලිවගුල සිරුර ඇති හිස්වූ අහසෙහි සිටියාවූ යමෙක් මාගේ සිතට වැදගන්නාවූ මනොඥවූ වචන කියන්නෙහිද.
2052. “මෙහි පැමිණියාවූ ඒ නුඹවහන්සේ දෙව්ලොවින් ආ දෙවතාවෙක් වෙහිද, මහත් ඍර්ධි ඇත්තාවූ ඍෂිවරයෙක් හෝ වෙහිද කවරෙක් හෝ වෙහිදැයි තමන් මට කියවයි කීයේය.
2053. “සුධර්මා නම් දිව්ය සභාවෙහි රැස්වූ දිව්ය සමූහයෝ යමෙකුට වඳිත්ද, දහසක් ඇස් ඇති ශක්ර නම්වූ ඒ මම තීගේ සමීපයට ආයෙමි.
2054. “මේ සත්ව ලෝකයෙහි සමවූ හැසුරුම් ඇති නුවණැත්තාවූ සිල්වත්වූ නැදිමයිලන් දෙවිකොට ඇති පතිව්රතා රක්නාවූ යම් ස්ත්රීහු වෙද්ද,
2055. “එබඳු ගුණ ඇති යහපත් නුවණ ඇති පවිත්රවූ කර්මාන්ත ඇති මනුෂ්යවූ ස්ත්රියගේ දැකීමට අමනුෂ්යවූ දෙවියෝද එන්නාහ.
2056. “සොඳුර, නුඹද පෙර පුරුදුකළාවූ සුචරිත හේතුවෙන් මෙහි රජ කුලයෙහි උපන්නී සියලු කැමති සම්පත්තීන් සමෘද්ධවූවාය.
2057. “රාජ පුත්රිය, නුඹගේ දෙව්ලොව ඉපදීමද මෙලොව මනුෂ්ය ජීවිතයෙහි කීර්තියට පැමිණීමද යන මෙය දෙලොව ජය ගැණීමවේ.
2058. “මනා නුවණ ඇත්තිය, නුඹ බොහෝකල් සුව ඇළුනී තමා කෙරේ පැවැති ගුණ ධර්මය ආරක්ෂා කරව, ඒ මම දෙව්ලොවට යමි. තීගේ දැකීම මට ප්රියවේයයි කියාද ශක්රතෙම ගියේය.”
සුරුචිජාතකං ඡට්ඨං.