“ඒ දඹදිව වැසි මිනිස්සු සී සාත් වපුරත්. කර්මයන්ගේ විපාකය අනුව ජීවත් වන්නාවූ මනුෂ්‍යයෝ මේ රසයට කොටස් කාරයෝ නොවෙත්. දඹදිවට වඩා මේ දිවයින අපට උතුම් වන්නේය.
“චන්ද්‍රයා මෙයින් පසළොස් රැයක් ඉක්ම ගිය කල්හි සාගරයාගේ වේගය මහත් වන්නේය. මහත්වූ මේ දිවයින උල්පවමින් තොප නොනසාවා. අනික් සැඟවී සිටියයුතු තැනකට යව්.
“මේ සාගරයාගේ ජලවේගය කිසිකලෙකත් මහත්වූ මේ දිවයින යට නොකරන්නේය. මා විසින් ඒ කාරණය බොහෝ නිමිති වලින් දක්නා ලදී. බිය නොවව් සතුටුවව්.
“බොහෝ කෑ යුතුදෑ ඇති බොහෝ ආහාර පාන ඇති මහත්වූ මේ නිවාසය පැමිණි සම්පත් ඇත්තේය. තොපට කිසි භයක් නොදක්නෙමි. මුනුබුරන් දක්වා සතුටුවව්.
“මේ දකුණු දිශාවෙහි සිට යම් දෙවියෙක් නිර්භය යයි. කැඳවාද ඔහුගේ වචනය සැබව, උතුරුදිග සිටි තැනැත්තේ වෛරීය. ඔහුගේ බිය පිණිස කියනලද වචනය සත්‍ය නොවේ. එහෙයින් භය නොවව්, කුමකට ශොක කරව්ද, සතුටුවව්.
“යම්සේ මේ යක්ෂයෝ විරුද්ධ වචන කියත්ද, එකෙක් බිය ප්‍රකාශ කෙරෙයි. එකෙක් නිර්භය ප්‍රකාශ කෙරෙයි. එබැවින් ඒ පිළිබඳ මාගේ වචනය අසව්. වහා යුහුව සියල්ලෝ නොනැසෙවු.
“සියලුදෙනා රැස්ව ගැඹුරුවූ දැඩිවූ සියලු යන්ත්‍රොපකරණ ඇති මහ නැවක් කරමු. ඉදින් මේ දකුණුදිග සිටි දිව්‍ය පුත්‍රතෙම සත්‍යයක් කීනම්, මේ උතුරුදිග දෙව් පිත් අසත්‍යය ප්‍රකාශ කෙරේනම්
“අපට ඕතොමෝම මතු විපත්හි වැඩ පිණිස වන්නීය. වේ දිවයිනද අත් නොහරමු. ඉදින් වනාහි උතුරුදිග දෙව් පිත් සත්‍යය කීනම් මේ දකුණුදිග දෙව්පිත් හිස් දෙයක් කීයේනම් මෙසේ ඒ නැවටම අපි සියල්ලෝ නැග සුවසේ එතෙරට තරණය කරමු.
“ප්‍රථමයා විසින් කියනලද වචනය යහපතැයි ගන්නේ ඒකාන්තයෙන් උතුම් නොවේ. පශ්චිමයා කී වචනය යහපතැයි ගන්නේ ඒකාන්තයෙන් උතුම් නොවේ. ඉන්ද්‍රිය හමුවූවක් ගෙණ යමෙක් තෙමේ මෙහි නුවණින් සොයා සත්‍යය ගත්තේද, ඒකානත්යෙන් ඒ මනුෂ්‍යතෙමේ උතුම් තැනට පැමිණේ.
“යම්සේ වනාහි ඒ මුහුදු වෙළෙන්දෝ සාගර ජල මධ්‍යයෙහි ස්වකීය කර්මන්තයෙන් සුවසේ නිර්භය ස්ථානයට පැමුණුනාහුද, මතුවන්නාවූ අභිවෘද්ධිය දැන ඒ පණ්ඩිත ජන තෙම මඳකුදු නොඉක්මවයි.