“දැලිපිහි මුවහත් බඳු නැහැ ඇති මිනිස් රූ ඇති මත්ස්යයෝ මේ සාගරයෙහි මතුවෙත්. යට ගිලෙත්. සුප්පාරක පණ්ඩිත නම්වූ නුඹවහන්සේ ඒ කාරණය විචාරමු. මේ සාගරයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනු ගමින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇතිවේ. සමුද්රය පුරවාලීයයි කියනු ලැබේ.
“ගිනි මෙන්ද, හිරු මෙන්ද මේ සමුද්රයතෙම දක්නා ලැබේ. සුප්පාරක නම් නුඹවහන්සේ එය විචාරමි. මේ සමුද්රය තෙම කවරේද,
“භරුකච්ඡානම් තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට අග්ගිමාලී යයි කියනු ලැබේ.
“දීමෙන්ද, කිරීමෙන්ද, මේ මුහුද දක්නාලැබේ. සුප්පාරක නම්වූ නුඹවහන්සේ එය විචාරමි. මේ මුහුද කවරේද,
“භරුකච්ඡා නම් නැව්තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට ඛිරවාලීයයි කියනු ලැබේ.
“කුශතණ මෙන්ද, තරුණ ශෂ්ය මෙන්ද මේ සමුද්රය තෙම දක්නාලැබේ. සුප්පාරක නම්වූ ඔබවහන්සේ එය විචාරමි. මේ සමුද්රයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනු ගමින් පිටත්ව ගියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මෙයට කුශමාලීයයි කියනු ලැබේ.
“බට මෙන්ද, හුණමෙන්ද, මේ සමුද්රයතෙම දක්නා ලැබේ. සුප්පාරක පණ්ඩිතයන් වහන්සේ ඒ කාරණය විචාරමි. මේ සමුද්රයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනුගමින් පිටත්ව ගියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනෂ්ටවූ නෞකා ඇති මෙයට නලවාලී යයි කියනු ලැබේ.
“මහත් භය ඇති බිය එළවන්නාවූ අමනුෂ්ය හඬ ඇසේ. සමුද්රයතෙම හැමපැත්තෙන් බිඳීගිය හෙබක් මෙන්ද එක් පසකින් රැළ නැඟීමෙන් ප්රකාශයක් මෙන්ද දක්නා ලැබේ සුප්පාරක පණ්ඩිතයන් වහන්සේ එය විචාරමි. මේ සමුද්රයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනු ගමින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මෙයට වළවාමුඛී යයි කියනු ලැබේ.”
“යම් කලක පටන් තමන් සිහි කෙරෙම්ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියෙම්ද, මෙදෑතුර දැනගෙණ එක් කුඩා සතෙකු පවා නසන ලද්දේ නොදනිමි. මේ සත්ය වචන බලයෙන් නැව සුවසේ පවතීවා.”
සුප්පාරකජාතකං නවමං.
ඒකාදස නිපාතය නිමි.
එහි උද්දානය:
සිරි, මාතුපොසක, නාගවර, තවද ජුණ්හ, අධම්ම, උදයවර, ඉක්බිති පානීය, යුධඤ්ජය, දසරථ, සංවර හා පාරගත (සුප්පාරක) යයි නවයකි.